Friday, March 29, 2024

Top 5 This Week

Related Posts

මේ වගේ පොලිසියක් ලංකාවෙත් හිටියනම් ?

ඉන්දියාවේ අග නගරය වන දිල්ලියෙහි හිංසාකාරී ලෙස කාන්තා අතවරයන් සිදුවීම අද වන විට විශාල වශයෙන් කතාබහට ලක් වන මාතෘකාවකි. වෛද්‍ය ශිෂ්‍යාවක් බස් රථය තුල අතවරයට ලක් කර පසුව බස් රථයෙන් පිටතට ඇද දමීම නිසා මිය ගිය පුවත මීට වසර කිහිපයකට පෙර ලොව පුරා මාධ්‍ය වලින් ප්‍රචාරය විණි.

2016 දී දිල්ලියෙහි ස්ත්‍රී දුෂණයන් 2050 වාර්තා වී ඇති අතර එය 2013 වසරට වඩා 67% ක වර්ධනයකි. මෙලෙස වැඩිවෙන අතවර හිංසාවන් මැඩලීමට දිල්ලි පොලිසිය කාන්තා පොලිස් නිලධාරිනියන්ගෙන් යුතු මෝටර් සයිකල් කණ්ඩායම් යොදවා ඇත.පොලිස් නිලධාරිනියන් 600 ක් හා මෝටර් සයිකල් වලින් සමන් විත මෙම ක්‍රියාදාමය raffaar (වේගය) ලෙස හඳුන්වා ඇත.

දිල්ලියෙහි නාගරික පෙදෙසෙහි බොහෝ පෙදෙස්හි බොහෝ පටු මං මාවත් හි ගමන් කරන පුද්ගලයින් පහසුවෙන් කාන්තවන්න්ට ලිංගිකව හෝ කායිකව අතවරයන්ට ලක් කරන්නේ පහසුවෙන් සැඟව පලා යාමට ඉඩ ප්‍රස්ථා තිබෙන නිසාය. මේ මෝටර් සයිකල් බල ඇණියට වාහන තද බදය පවතින අවස්ථා වලදී වුවද පහසුවෙන් මග හැර පටු මාවත් වලට ළඟා වීමට හැකිය. මෝටර් සයිකල් වල ඇති අධි තාක්ෂණික උපකරණ එම වීදි වල පාරදෘශ්‍ය බව ආරක්ෂා කරලීමට සමත්ය.

 

 

 

Popular Articles