Thursday, March 28, 2024

Top 5 This Week

Related Posts

සුළං කපොල්ලෙන් පුංචි ලෝකාන්තයට 

ශ්‍රී ලංකාව ලොව ප්‍රකට සොඳුරු රටවල් අතර පෙරමුණේ තිබෙන රටකි. දේශගුණික, කාලගුණික, වෙනස්කම් වලින් සමන්විත සොබාදහමේ අපුරු දසුන් ඇති සොඳුරු පාරාදීසයකි. ලොව වටා සංචාරකයන් මෙරටට පැමිණෙන්නේ වෙනත් කිසිඳු රටකින් ලබාගත නොහැකිවන අපුර්වත්වයක් අපේ රට තුලදී විඳ ගත හැකි නිසාය.

 

වර්තමානයේ අපේ ජනතාවද රටේ අපුර්වත්වය විඳගැනීමට යම් නැඹුරුවක් දක්වන බව සඳහන් කළ හැකිය. අවිවේකි කාර්යබහුල ජිවන රටාවෙන් මොහොතක් මිදී සොබාදහම සමඟ දිනක් දෙකක් හෝ ගත කිරීමට යොමුවන පිරිසක් දිනෙන් දින වැඩිවෙමින් තිබේ.

 

දේශගුණයේ විවිධත්වය මොහොතින් මොහොත කදිමට විඳගත හැකි ” නකල්ස් ” සංචාරයක නිරතවෙන්නයි මේ සුදානම. විඳගන්න මේ නකල්ස් කන්දේ අසිරිය.

 

” නකල්ස් ” කියන වචනය සමඟ ඔබට දැනෙන්නේ අධික සිතල හා මීදුමින් වසාගත් අපුරුතම කඳු වළල්ලක් බව නොකිවමනාය. ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ මඳක් ඔබ්බට වන්නට ගිනිකොණ සිට ලග්ගල දක්වා සැතපුම් 18ක පමණ දිගහැරෙන එම ප්‍රදේශය ආවේනික ජෛව විවිධත්වයෙන් හෙබි සංචාරක ආකර්ෂණය නොමඳව ලබන අපුරු ඉසව්වකි.

මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල මැතිවරණ කොට්ටාශයේ රිවස්ටන් නකල්ස් කඳු පන්තිය පිහිටා තිබේ. මීටර් 1265ක් උසින් පිහිටි රිවස්ටන් වඩාත් ජනප්‍රිය වී ඇත්තේ සුළං කපොල්ල හා පුංචි ලෝකාන්තය නිසාය. මාතලේ රත්තොට මාර්ගයේ ඉදිරියට ගමන් කිරීමේදී සොබාදහමේ මේ අපුරු නිර්මාණය ඇස ගැටෙනු ඇත. මෙම සංචාරයේදී වඩාත් අපුරු දසුන වන්නේ කෙළවරක් නොපෙනෙන මිදුම් සළුවෙන් වසා ගත කඳු වළල්ලයි.

 

කඳු වැටියේ බෑවුම වට වර්ග වලින් වැසි තිබුන බැවින් පැරැණ්නන් විසින් බට දඬු කන්ද නමින් හඳුන්වා ඇති බවත් උස් කඳු ශිඛර මිහිදුමෙන් වසාගෙන තිබුණු හෙයින් දුම්බර කඳුවැටිය ලෙස හඳුන්වා ඇති බවත් කියවේ.ඈත සිට බලන විට මේල වූ අතක ඇඟිලි ආකාරයට කඳු වැටියේ ශිඛර 05ක් පෙනෙන නිසා ” නකල්ස් කඳුවැටිය ” ලෙස හඳුන්වා තිබේ.

 

” රිවස්ටන් ” සංචාරයේ ආරම්භයේදීම හමුවන මන්ස්කාන්තම ස්ථාන ලෙස ” සුළං කපොල්ල ” හඳුන්වා දිය හැකිය. කඳු දෙක අතරින් හමා යන දැඩි සුළඟ නිසා එහි තනිව සිටිය නොහැකි තරම්ය. තද සිතල සහිත මිදුම එකවරම එකිනෙකා නොපෙනී යන තරම් දැඩි වෙයි. එහෙත් සුළු මොහොතකට පමණි. මෙම අපුරු අත්දැකීම විඳගන්න විදේශ සංචාරකයෝ පමණක් නොව මෙරට සංචාරකයෝද රිවස්ටන්හි රෝද බඳියි.

 

නකල්ස් සංචාරයේදී ඉදිරියට ගමන් කිරීමේදී හමුවන සොඳුරු තැන් බොහොමයකි. එකිනෙකට ගැට අතරින් ගලා හැලෙන දිය ඇලි බොහොමයකි. පාරාදීසයක තනිවුනා සේ හැඟීමක් එහිදී ඔබට දනේනවාට කිසිඳු සැකයක් නැත. මෙවන් ආකර්ශනීය සොබාදහමේ නිමවුමක් අප රට තුල දැක ගැනීමට තවත් නොමැති තරම් ය.

මෙවන් දසුන් නරඹමින් ඉදිරියට යන විට හමුවන්නේ කුඩා ලොකාන්තයයි. මුලින් තිබු අධික මිදුම හා අධික සීතල යම් තරමක් පහ කරමින් අව් රශ්මිය සිරුරට වැටෙන්නේ පුංචි ලෝකාන්තය ප්‍රදේශයෙනි. එක දිගට සැතපුමක් පමණ දිගට විහිදී ඇති තැනිතලාවකි. එහි කෙලවර පුංචි ලොකාන්තයයි.

රිවස්ටන් සංචාරයේදී බෝහෝ සංචාරකයින්ගේ ගමනාන්තය තෙල්ගමු ඔයයි. මෙම ස්ථානයද සංචාරක ආකර්ෂණය නොමදව ලබයි. රිවස්ටන්හි රාත්‍රියක් ගත කිරීම වෙනස්ම අත් දැකීමක්. එවැනි සංචාරක් සඳහාම වෙන් වූ සංචාරක බංගලා සහ විවිධ සංචාරක නිකේතන ද එහි පවතී.

 

 

 

 

 

 

 

 

 

Popular Articles