මනෝවිද්‍යාත්මක උපදේශනය පිළිබඳව අවධානය යොමු කිරීමේදී මෙම විෂය මනෝවිද්‍යා විෂය ක්ෂේත්‍රය තුල උප විෂය ක්ෂේත්‍රය ලෙස හඳුනාගත හැකිය. මෙහිදී උපදේශනය යනුවෙන් අදහස් කරන්නේ ගැටළුවකට මුහුණ දුන් පුද්ගලයකුට, කණ්ඩායමට හෝ පවුලකට මනෝවිද්‍යාත්මක ප්‍රවේශයන් මගින් ඔහුට/ඇයට ඇති වී ඇති ගැටළුවකට මනෝවිද්‍යාත්මක ක්‍රම ඔස්සේ ගැටළු නිරවුල් කරගැනීමට සහයෝගය ලබා දීමයි. තව දුරටත් උපදේශනය යනු කුමක්දැයි විමසීමේදී සිදුවන්නේ මනෝවිද්‍යාත්මක ප්‍රවේශයන් මඟින් සේවාදායකයා හා සේවාලාභියා සමග අන්තර් පුද්ගල සම්බන්දතා ගොඩ නගා ගනිමින් පවතින ගැටළු නිරවුල් කරමින් සංවර්ධනය කරා ගෙන යාමයි.

උපදේශනය තුල මුලික කොටස් 2ක් හඳුනාගත හැකිය, පළමුව.උපදේශනය යොදා ගනුයේ නිශ්චය කල නොහැකි හා අවබෝධ කර ගැනීමට අපහසු ප්‍රශ්ණ විසඳීම සඳහාය. දෙවනුව, උපදේශනය යොදා ගනුයේ සුදුසු මැදිහත්වීම ලබා දීමට විවෘතව ප්‍රවේශ වීමට යන අයුරින් උපදේශනය හඳුනාගත හැකි වේ. අප උපදේශනය ලබා දෙන ප්‍රධාන උපදේශන ක්‍රම 03 හඳුනාගත හැකිය.

01 පුද්ගල උපදේශනය (Individual counselling)
02 පවුල් උපදේශනය (family counselling)
03 කණ්ඩායම් උපදේශනය (group counselling)

ඉහත සඳහන් උපදේශන ක්‍රම මගින් තමන්ගේ ගැටළු නිරාකරණය කර ගැනීමට , උපදේශකවරුන් හා ඒ හා සම්බන්ධ ආයතන හා සම්බන්ධ වීමට ඔබට අවස්ථාව ඇත. පුද්ගලයෙකුට මනෝවිද්‍යා උපදේශනය අවශ්‍ය වන්නේ තමන්ට තනිව විසඳාගත නොහැකි අර්බුදයන්ට විසඳුම් ලබා ගැනීමටය. එසේම පුද්ගල පෞර්ෂය නංවාලීමට, තමන්ට ගැටළුවක් ඇති අවස්ථා වලදී නිවැරදි තීරණ වලට එළඹීමට, පුද්ගල ජීවන අත්දැකීම් අවමයෙන් සහ නිවැරදි දේ විනිශ්වයට අවශ්‍ය ශක්තියඅම පුද්ගල ශක්තීන් වැඩිදියුණු කිරීම, ශක්තිය වර්ධනය කිරීමට උපදේශන සේවාව ඉවහල් වේ. විශේෂයෙන්ම තවත් පුද්ගලයෙක්ගේ ප්‍රකාශ කිරීමට අපහසු ගැටළු විශ්වාසවන්තව හා පැහැදිලිව තවත් පුද්ගලයෙකුට පැවසීමට, එමගින් සිත සැහැල්ලු කර ගැනීමට උපදේශනය අපට අවශ්‍ය වන බව පැහැදිලි වේ. මනෝවිද්‍යාත්මක උපදේශනය අපට ජීවිතය තුල වැදගත් වන්නේ පුද්ගල චර්යාවන් වෙනස් කිරීමට, ප්‍රජනනය වෙනස් කිරීමට, දැනුවත් කිරීමට. දැනුම ඉහල නැංවීමට,චිත්තවේග පාලනය කිරීම යන්න වූ විවිධ අමුණු රාශියක් මුල්කොට ගෙනය. මෙම විදවත් විද්‍යාත්මක සහයෝගය සහ මැදිහත්වීම් ලබා දීම මනෝවිද්‍යා උපදේශන සේවාවේ සුවිශේෂත්වයකි.

 

 

Badra Udawatta

Assistant Director

Counselling

 

 

 

මනෝවිද්‍යාත්මක උපදේශනය

කාන්තාවන් සහ පිරිමින් එකසේ දක්ෂයි – මාතන් ජස්ටින් අන්නම්මා

35 හැවිරිදි මතන් ජස්ටින් අන්නම්මා කිරි නිෂ්පාදන නිෂ්පාදනය කරන අතර ඇයගේ පවුලේ පෝෂණය කරන්නා වේ. ඇය ජීවත් වන්නේ ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ මන්නාරම දිස්ත්‍රික්කයේ...

දරුවා බොරු කියනවනම් මොකද කරන්නේ

දරුවන් ( Kids ) බොරු කියන්නේ දරුවන්ට කතා කරන්න තේරෙන දා සිට. මව්කුස පිළිසිඳ ගත මොහොතේ සිට තම අවශ්‍යතා සපුරා ගැනීමට සෑම දරුවෙක්ම විවිධ ප්‍රතිචාර...

හැරී කුමරුගේ මංගල කේක් ගෙඩිය තෝරයි .

බ්‍රිතාන්‍යයේ හැරී කුමරුගේ හා ඇමෙරිකානු ජාතික මේගන් මාකෙල්ගේ රාජකීය මංගල උත්සවය ලබන මැයි 19 වනදා පවැත්වීමට නියමිතය. ඒ සඳහා වන මංගල කේක් ගෙඩිය තේරීම...

අනියම් ඇසුරකින් මව් පදවිය ලබන කාන්තාවක්

මූදු පතුල යට ඉඳලා මූදු පතුල යට ඉඳලා මුතු ඇටයක නිදි කරවා පෙණ කැටියක පාකරලා මගෙ දෝතට පුතු ආවා// සුදු පාටින් පහන් තරුව දුර අහසේ දිළිසෙනවා// සුදු පාටින් ටිකිරි සිනා...

අනියම් සම්බන්ධතාවයකට මග පෙන්වන වාස්තු දෝෂ පිලිබඳ ඔබ දැනුවත්ද

නිවසක් ඉදිකිරීමත්, විවාහ ( marriage ) වීමත් මිනිසෙකු ජිවිත කාලයට එක් වරක් පමණක් කිරීමට බලාපොරොත්තු වන දේවල්ය. සාර්ථක දිවිපෙවෙතකට මාර්ගය එයයි. නිවසක් ඉදිකිරිම මෙන්ම විවාහ...

සුන්දර නාරම්පනාවේ සිරි අසිරිය විඳගමු

ආතදුම්බර පාලිස්පත්තුවේ බස්නාහිර කෝරළේ නාරම්පනාව නම් ග්‍රාමය පිහිටා ඇත. සංචාරක ආකර්ෂණය ඉතා වැඩි මේ සුන්දර ගම්මානය බොහෝ ජනප්‍රියයි. විමලරත්න කුමාරගම කිවිඳුන් ඉපදී ඇත්තේ මේ...

සුබ අළුත් අවුරුද්දක් වේවා!

සුබ අළුත් අවුරුද්දක් වේවා! මම එහෙම ඔයාට සුබ පැතුවට ඔයා ඔයාට සුබ පැතුවද? ඔයා ඔයාට ස්තූතියි කිව්වද? කමක් නෑ තාමත් ඔයා ප්‍රමාද නෑ. අපි...

ස්ත්‍රී පුරුෂ සමාජභාවය කියන්නේ Western concept එකක් ද

අපි නිරතුරුවම ඔබ වෙත ගෙනෙනවා සාර්ථක කාන්තාවන් ( women ) පිලිබඳ සහ ඔවුන්ගේ ජිවිත කතාව පිළිබඳව. ඇය නමින් ආචාර්ය අනුෂා එදිරිසිංහ. මෙවර thewoman.lk අපි...