වීදුරු කුටියක සිට ඇසිපිය හෙලන මියගිය මනාලිය “පැස්කුලීටා”…..

“මළකුණු මනාලිය” එහෙමත් නැතිනම් “මමීකෘත මනාලිය” කිව්වම බොහෝ දෙනෙකුට විමතියක් දැනෙන්නට පුලුවන්. නමුත් එවැන්නියක් සිටිනවා කිව්වොත් ඔබ පුදුම වේවි. අද්භූත කතා එහෙමත් නැතිනම් mysteries ප්‍රිය කරන ඔබට මෙම කතාව කුතුහලයක් ගෙනදේවි. ඇය සිටින්නේ මෙක්සිකෝවේ චිහුවාහුවා ප්‍රදේශයේ මනාලියන්ගේ වෙළඳසැලක.

මේ මනාලිය සිටින්නෙ වෙළඳසලේ වීදුරු කුටියක් ඇතුළෙ. ඇත්තෙන්ම කිව්වොත් ඇයට ප්‍රාණයක් නැහැ. ඇය මේ විදිහට අවුරුදු 90ක් තිස්සේ මේ වීදුරු කුටියේ සිට බලා සිටිනවා කිව්වොත් ඔබ විශ්වාස කරනවද? ඔව්, එය ඇත්තක්.

ඇය නමින් La Pasqualita (පැස්කුලීටා). සෑම යුවතියකම වගේ සිහින දකින මංගල දිනයට ඇයත් ඇඟිලි ගනිමින් සිටියා. නමුත් ඊට පෙරදා රාත්‍රියේ නින්දේදී සරපයෙකු සපා කා විෂ ශරීරගත වීමෙන් අවාසනාවන්ත ලෙස ඇයට ජීවිතයෙන් සමුගැනීමට සිදුවුණා. ඒ 1930 වසරේදී. පැස්කුලීටා එවකට මෙක්සිකෝවේ චිහුවාහුවා ප්‍රදේශයේ සාප්පු හිමිකරුවකුගේ දියණිය වී සිටියා. එකල ඇගේ නම Pascuala Esparza. එය පසුකාලීනව පැස්කුලීටා වුණා.

පැස්කුලීටාගේ වියෝව ඇගේ දෙමාපියන්ට කෙතරම් දරාගත නොහැකි වුණාද කිව්වොත්, ඇගේ මියගිය සිරුර ඉටි මිශ්‍ර රසායනිකයක් හා මිශ්‍ර කොට මමීකෘත කර පිලිමයක් විදිහට සදාකාලිකවම ඔවුන් සමගම රඳවා ගන්නට ඔවුන්  පෙළඹුණා. ඇය සිහින මවපු මංගල ගවුම අදටත් ඇයගේ පිලිමයට අන්දවා තිබෙනවා. ඉතාම සජීවී බවක් අදටත් ඇගේ සිරුර තුළින් දිස්වෙනවා.

ඉතින්, පැස්කුලීටාගේ මේ අවාසනාවන්ත මරණයෙන් දින කිහිපයකට පස්සෙ එම ප්‍රදේශයේ වැසියන් ඉතා අද්භූතජනක සිදුවීම් කිහිපයකටම මුහුණ දුන්නා. ඔවුන්ට අනුව ඇය එම ප්‍රදේශයේ රාත්‍රීන්හි සැරිසරන බවත්, මනාලියන්ගේ වෙළඳසැල් අසල ඉතා දුක්බරව බලාසිටින බවත් එම ප්‍රදේශය පුරා පැතිර ගියා. මේ කටකතාවල තිබුණ ටිකක් අමුතුම විදිහේ කතාවක් තමයි ඇයගේ දෙමාපියන් ප්‍රංශ ජාතික මැජික් ශිල්පියෙකු ලවා ඇයගේ සිරුරට පණ දුන් බවත්, ඇය රාත්‍රීන්හි සාදයන් වලට ගොස් හිරු නැගෙන වෙලාවට පෙර නැවත ඇගේ වීදුරු කුටියට පැමිණ නිසොල්මන්ව සිටින බවත්. මෙක්සිකෝවේ චිහුවාහුවා ප්‍රදේශයේ අදටත් එම කතාව ඉතා ප්‍රසිද්ධියක් උසුලනවා.

කොහොම නමුත්, අද වන විටත් එම වෙළඳසැලේ හිමිකරුවන් ඇගේ සිරුර වීදුරු කුටියේ තබා සුරක්ෂිතව තියාගෙන ඉන්නවා. ඇගේ ඇඳුම් සතියට දෙවතාවක් පමණ මාරු කරනු ලබනවා. ඒත්, එම වෙළඳසැලේ සේවකයෛනුත්, අලුතෙන් සේවයට පැමිණෙන අයත් මේ දේටනම් වැඩි කැමැත්තක් නැති බවයි පැවසෙන්නෙ. ඔවුන් කියන ආකාරයට ඔවුන් එම කාර්‍ය කිරීමේදී ඇගේ සීතල සිරුර ස්පරශ වෙනකොට ඔවුන්ට ඉමහත් බියක් දැනෙනවාලු. ඒ කොහොම උනත් දෙස් විදෙස් සංචාරකයන් පවා මේ La Pasqualita කියන මමීකෘත මනාලිය බලන්න එන බවයි කියවෙන්නේ. මෙක්සිකානුවන් අදටත් ඇය හඳුන්වන්නේ “Corpse Bride” හෙවත් “මළකුණු මනාලිය” ලෙසින්.

මෙක්සිකානු වැසියන් කියන විදිහටනම් අදටත් සමහර රාත්‍රීන් වල මෙම වෙළඳසැල ඉදිරිපසින් ගමන් කරන්නන්ගෙන් ඇතැමෙකුට ඇය හිටිගමන් ඇසිපිය ගසන හැටිත්, ඇගේ ඉරියව් වෙනස් වෙන බවත් දකින්නට ලැබෙනවාලු. ඒ කතාවේ ඇත්ත නැත්ත කෙසේ වුණත්, ඔබට යම් දවසක මෙක්සිකෝවට යන්න ලැබුණොත්, චිහුවාහුවා ප්‍රදේශයේ මේ මනාලියන්ගේ වෙළඳසැලේ වීදුරු කුටිය තුළ ඉඳන් අදටත් තම මංගල ගවුමෙන් සැරසුණු පැස්කුලීටා මනාලිය පාර දෙස බලාසිටිනු සජීවී රුවක් මෙන් දැකගත හැකියි.

තොරතුරු සහ ඡායාරූ: අන්තර්ජාලය ඇසුරෙනි.

ලිපිය : කවීතා විජේසේකර

වීදුරු කුටියක සිට ඇසිපිය හෙලන මියගිය මනාලිය “පැස්කුලීටා”

Pocket එකට match වෙන්න shopping කරමු

ඇඳුමක් ගන්න සාප්පු ගානේ යන එක හරිම යුද්ධයක්. සේල් සේල් කියල බෝඩ් ගහල තිබ්බට ඒවගේ ගොඩක් වෙලාවට තියෙන්නේ බාල රෙදි වලින් මහපුවා.. එහෙමත් නැත්නම්...

අසල් වැසියන් එක්ක මිත්‍රකම් බලාගෙනයි

අපි පවුලක් විදිහට සමාජයට මුහුණ දෙනකොට විවිධ සම්බන්ධතා ගොඩ නගා ගන්න වෙනවා. අපිට මුහුණ දෙන්න වෙන අභියෝග ජය ගත හැකිවන්නේ හැක්කේ ඒ වගේ සමාජ...

කාන්තාවන් සහ පිරිමින් එකසේ දක්ෂයි – මාතන් ජස්ටින් අන්නම්මා

35 හැවිරිදි මතන් ජස්ටින් අන්නම්මා කිරි නිෂ්පාදන නිෂ්පාදනය කරන අතර ඇයගේ පවුලේ පෝෂණය කරන්නා වේ. ඇය ජීවත් වන්නේ ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ මන්නාරම දිස්ත්‍රික්කයේ...

අවුරුදු සිරිත් රැක ගැනීමේ වගකීම කාන්තාවන්ටයි

වසරක් පාසාම අලුත් අවුරුද්ද උදා වුනත් එදා අපේ ආච්චිලා සීයලා කරපු චාරිත්‍ර වලින් චාරිත්‍ර බොහොමක් අද වනවිට අපෙන් ගිලිහි යමින් පවතිනවා. එකට හේතුව තමයි...

ජනාධිපති නිල නිවසේ දී විපක්ෂ නායක සහ ජනාධිපති අතර හමුවක්

විපක්ෂ නායක ආර්. සම්බන්දන් මහතා සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතර හමුවක් සඳහා විපක්ෂ නායකවරයා මීට සුළු මොහොතකට පෙර ජනාධිපති නිල නිවසවෙත ගොස් තිබෙනවා....

ලිංගික ක්‍රියාකාරකම් සහ ලිංගික ක්‍රියාකාරීන් ඇති වන්නේ ඇයි – 2 කොටස

සම්භාහන ආයතන වල ගැහැණු ළමයින් ඉන්නේ වෙනත් හේතු සාධක නිසාය. ඔවුන්ගෙන් බොහෝ අය ගම්බද සිංහල හෝ දෙමළ පවුල් වලට අයත් අය වේ. කවදාවත් මේ...

කාර්යාලයට යන යුවතියන්ට ගැලපෙන්නේ මෙන්න මේ විදිහටයි

රැකියාවක් කරන කාන්තාවන් ගොඩක් වෙලාවට අපහසුතාවයට පත්වෙන්නේ රැකියාවට ගැලපෙන්න ඇඳුමක් තෝරන්න ගියාම තමයි. වෘත්තිමය පෙනුමයි විලාසිතාවයි අතර එහෙට මෙහෙට කැරකෙන වෙලාවල් අපිට ඕනි තරම්...

ගැහැණු ළමයි ෆොටො ගන්නේ බලාගෙනයි

කන්නාඩියක් ඉදිරියේ නිරුවතින් සිටගන්නා තරුණියක් ඇයගේ smart phone එකෙන් photo එකක් ගන්නට පෙළඹෙන්නේ ඇයි ? ඒ photo එක ලැබෙන ඇගේ පෙම්වතා whatsApp හෝ වෙනත්...

පාදයේ ඇඟිලි වලින් හෙළිවන ඔබේ රහස්

වසර පන්දහසකටත් පෙර ඈත අතීතයේ මිනිසුන් පාද කියවීමේ ශාස්ත්‍රය දැඩි ලෙස විශ්වාස කරන ලදී. විශේෂයෙන්ම චීන සහ ඉන්දියානු ජාතිකයන් මෙය දැඩි ලෙස විශ්වාස කරන...