හරියට fashion කරන්න කැමති ඔයාලව දැනුවත් කරන්න මේ ලිපි පෙලින් අපිත් එක්ක එකතු වෙන්නේ කනිෂ්ක සගබෝ ඩයස්

මොස්තර නිර්මාණ ශිල්පියෙක් විදිහට ඉතාමත් කෙටි කලකින් ක්ෂේත්‍රයේ ඔබටම ආවේනික ශෛලියක් ඔස්සේ ජනාදරයට පත් වෙච්ච කෙනෙක්

මුලින්ම ඔබ ගැන යමක් කිව්වොත්..
මම කනිෂ්ක ඉගෙන ගත්තේ ඩි එස් සෙනානායක විද්‍යාලයේ. දැන් ගුවන් යානා ඉන්ජිනේරු තාෂණන ශිල්පියෙක් විදිහට උසස් අධ්‍යාපනය හමාර කරලා ඉන්න කෙනෙක්.. ඇත්තම කිව්වොත් වෘතිමය වශයෙන් මොස්තර නිර්මාණ කලාවට පිවිසෙන්නෙ අහම්බෙන්. මගේ මිතුරෙකු මාර්ගයෙන්.. මගේ තාත්තා අති දක්ශ ජනප්‍රිය චිත්‍ර ශිල්පියෙක් , ඒ නිසා කලාව ඇගේම තිබුනු දෙයක්.. ඒ එක්කම මම කැපවීමෙන් ඉගෙන ගත්තා, ඉතින් මගේ උත්සාහය කැපකිරිම වගේම ක්‍ෂේත්‍රයේ ප්‍රවීනයන්ගේ ආදරය මග පෙන්විම යටතේ අද මේ තැනට එන්න පුළුවන් උනා.

fashion design කියන්නෙ මොකද්ද?
design ඇදුම් වල විශේෂත්වේ කුමක් ද? Fashion Designing කියලා කියන්නේ ඉතාමත්ම පුළුල් ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ දිවෙන්නක්.. Dress designing කියන්නේ එක කොටසක් විතරයි.. designer wear එකක් කියලා, කියන්නේ specially යම් කෙනෙක් වෙනුවෙන්ම නිර්මාණය කෙරෙන ඇදුමකට, ඒ කියන්නේ ලොකයේම එක designer ඇදුමකින් තියෙන්නෙ එකයි. එ නිසයි එය සුවිශේෂ වෙන්නේ.. ඉතින් යම් කෙනෙක් වෙනුවෙන් මෙහෙම ඇදුම් නිර්මාණය කරගනිද්දි හුගාක් දේවල් පිළිබඳ සැලකිලිමත් වෙන්න ඕනේ.. හැම පැත්තක් ගැනම හිතලා තමයි මේ දේ කරන්න ඕනේ,

මොනවද ඒ දේවල්?
මුල්ම වගේම ප්‍රධාන දේ තමයි ඇදුම නිර්මාණය කර ගන්නේ කුමන අවස්ථාවක් වෙනුවෙන්ද යන්න..මේ කරුණ ගැන සැලකිලිමත් නොවීම නිසා හුගාක් දෙනෙක් අපහසු තාවයට පත් වෙනවා..
යම් කිසි අවස්ථාවකටඅඳින්න ඇඳුමක් තොරාගනිද්දි එ අවස්ථාවේ ස්වභාවය, තියෙන තැන, පැමිනේන පිරිස හා ඔවුන්ගේ තරාතිරම හා ස්වභාවය , අපි ගිහින් කරන ඕන දේවල් , මෙ හැම දෙයක් ගැනම හිතන්න ඔනේ.. ෆොටොස් වල දකින හැම ඇදුමම ඇත්තට ඇදම් ඉන්න ලේසි නෑ.. වෙඩින් එකකට අදින ඇදුම පාටි එකකට ගැලපෙන්නේ නෑ.. ඕනවට වඩා දිග, ටිකක් වැඩිපුර ඇග පෙනෙන් සෙක්සි ඇදුම්, හිර ඇදුම් ඇදගෙන වැඩ කරන්න, ඩාන්ස් කරන්න අමරුයි.. රාත්‍රී උත්සවයකට සමාජ ශාලාවකට අදින ඇදුම් දවල් අදින්න බෑ . මේ දේවල් හැමෝම දන්න දේවල්, එත් හැමෝටම වරදින්නෙත් එතන.

මිට අමතරව තව මොනාද අපි සැලකිලිමත් වෙන්න ඔනේ?
ඔව් තවත් හුගක් දේවල් තියනවා.. මන් මේ කියන කරුනු ඇදුම් ඩිසයින් කර ගනිද්දි විතරක් නෙමෙයි ඔනෑම ඇදුමක් මිලදි ගනිද්දි හා තොරාගනිද්දි වැදගත්..
ඉලග මුලික කරුනු තමයි තමාගේ හමේ පැහැය, ශරිර ප්‍රමාණය, උස, වගේ දේවල්..
හමේ පැහැය කොහොමද බලපාන්නේ..
ඉතා පැහපත් සමක් තියන කෙනෙක්ට ඕනෑම පැහැයක් ගැලපුනත් තරමක් පැහැයෙන් අඩු කෙනෙක් අනවශය ලෙස කැපි පෙනෙන වර්ණ , වගේම ගොඩක් ලා වර්ත්ණ ගැලපෙන්නේ නෑ, මොකද එතකොට අපේ මුණට වඩා ඇදුම ඉස්මතු වී පෙනෙන්න පුලුවන්,, අපි හැම වේලේම උත්සාහ කල යුත්තේ අපේ මුණ , හා අපේ ලස්සන පෙන්නන්න ශරිර ප්‍රමාණය කෙට්ටු කෙනෙක්ට ඉතා තද වර්ණ ඒ තරම් ගැලපෙන්නේ නෑ.. පහලට ඉරි තියන ඇදුම් මගිනුත් කෙට්ටු වී පෙනෙනවා.
කෙට්ටු කෙනෙක්ට ලා කොල , ලා නිල් වහේ වර්න හොදින් ගැලපෙනවා.
මෙලසම තරමක් තරබාරු යුවතියකට වඩාත් ගැලපෙන්නේ තද වර්ණ, කළු හා තද දම් වර්ණ කෙට්ටු කර පෙන්නන්න, වර්න ලෙසයි සලකන්නේ..
ලොකු ලොකු මල් මොස්තර වහේම හරස් ඉරි සහිත මෝස්තර තවත් ඔබව මහත් කර පෙන්නාවි
තරබාරු බව අඩු කරන්න හුගාක් හිර ඇදුම් ඇදලා හුගාක් අය අපහසු තාවයට පත් වෙනවා.. එක වැරදී..

ලබන සතියේ අපි ඔබට කියල දෙන්නේ saree හා saree jackets විලාසිතාව නිවැරදිව තොරා ගන්නා ආකාරය

[masterslider id=”2″]

 

හරියට fashion කරන්න කැමති ඔයාට

online සාප්පු සවාරියක් යමු

පෝලිමේ සිට සාප්පු තුන හතරකට පයින්ම ගොස් කේවල් කොට බඩු ගත්ත කාලයට තිතක් වැටුනේ මේ online සාප්පු සවාරි නිසයි. කිසිම තදබදයක්, රස්තියාදුවක්, මහන්සියක් නැතුව...

කෙස්කළඹ සමග අත්හදා බැලීම් කිරීමට දිරිගන්වන Sunsilk Hairstory 2018

වර්තමාන ලෝකය තුළ ගැහැණු ළමයින්ගේ භූමිකාව සාම්ප්‍රදායික සිමා මායිම් වලින් ඔබ්බට විහිදී පවතින බව රහසක් නොවේ. එමෙන්ම ඔවුන්ගේ භූමිකාව එකම චරිතයකට සිමා වන්නේ නැත....

චාරිකා – 10 කොටස

මේ කතාව අතීත කතාවක්. මම ඉස්කෝලේ යන කාලේ. ඒ කාලේ MOBILE PHONE, WHATSAPP, FACEBOOK ඔය මුකුත්ම තිබුණේ නැති කාලයක්. හැබැයි හරිම සුන්දරයි. ඒ කාලේ CALL...

Deep Vibes

2018 ජනවාරි 27  Space Lounge හිදී Strictly for Deep Music Lovers Featuring; * Shanil * Alox * Heshan * SH3HAk * Rekhz * Shan * Dylan

අද ඔබේ ආදරය තව තවත් විඳින්නට

valentine දවසට විතරක් නෙමෙයි හැම දවසක්ම valentine දවසක් විදිහට දකින සුන්දර කාන්තාවන්ට....     https://youtu.be/840NbiFF1zM

චාරිකා – 02 කොටස

මේ කතාව අතීත කතාවක්. මම ඉස්කෝලේ යන කාලේ. ඒ කාලේ MOBILE PHONE, WHATSAPP, FACEBOOK ඔය මුකුත්ම තිබුණේ නැති කාලයක්. හැබැයි හරිම සුන්දරයි. ඒ කාලේ CALL...

ලිංගික සම්බන්ධතාවයකදී ඇයි මේ ලිංගික ඉන්නන් රෝගය වැළඳෙන්නේ

මාරාන්තික ලිංගාශ්‍රිත රෝගයන්ට ගොදුරුවන්නන්ගේ ප්‍රමාණය දින දින සීඝ්‍ර ලෙස වැඩි වෙමින් පවතිනවා. ඉතින් අපි පහුගිය ලිපි පෙලින් කතා කළා අනාරක්ෂිත ලිංගික සම්බන්ධතාවයන් නිසා ඇතිවන ලිංගික රෝග...

ඔබටත් ප්‍රබෝධමත් කාර්‍යාලයක්

උදසනින්ම පැමිණ කාර්‍යලයේ වැඩ පටන් ගන්න නම් ප්‍රබෝධමත් බවක් තිබිය යුතුමයි. ඒ ප්‍රබෝධමත් බවට කාර්‍යලයේ මෙන්ම ඔබ සිටින ස්ථානයේ පිළිවෙලක් අත්‍යවශ්‍යම කරුණක්. ප්‍රබෝධමත්ව කාර්‍යලයේ...

කෑමට ගන්න අර්තාපල් වලින් ලප කැළැල් ඉවත් කරගමු

අර්තාපල් වල විටමින් බහුලව තියනවා. ඒවා ඇපල් වලට වඩා 20ගුණයකින් ඉහළයි. අපි ඔබට කියල දෙන්න හදන්නේ අර්තාපල් භාවිතා කර සමෙහි ඇති ලප කැළැල් ඉවත්...