බොහෝ යුවතියන් අත් නැති ඇඳුම් අදින්න මැලිකමක් දක්වන්නේ අත් යට ඇති කළු පැහැය නිසයි. අත් යට කළු පැහැ ගැනීම මේක් අප් (make up) වලින් වහන්න පුළුවන් එයක් නෙමෙයි. ඒ සඳහා වෙළඳපොලේ මිල අධික ක්‍රීම් වර්ග ගෙන ප්‍රතිකාර කරනවාට වඩා ගෙදරදීම ස්භාවික අමුද්‍රව්‍ය වලින් අත් යට කළු වූ ප්‍රදේශ පැහැපත් කර හැකි ක්‍රම 5ක් තමයි අද අපි ඉදිරිපත් කරන්නේ.

1. කිරි සත්කාරය (milk treat)

කිරිවල ඇති විටමින් හා වෙනත් විශේෂ අම්ල මගින් ඇත යට ඇති කළු පැහැය වෙනස් කරන්න පුළුවන්. කිරි මුදවපු කිරිත් සමග මිශ්‍ර කර අත් යට අලේප කිරීමෙන් අත් යට කළු පැහැය ඉවත් කරගන්න පුළුවන්

2. අර්තාපල් (potatoes)

සිහින් අර්තාපල් පෙත්තක් ගෙන අඳුරු වූ ප්‍රදේශයේ අතුල්ලා සිහිල් ඇල් ජලයෙන් සෝදා හරින්න . දින කිහිපයක් නොකඩවා කිරීමෙන් සාර්ථක ප්‍රතිපල ලබාගන්න පුළුවන්

3. බේකින් සෝඩා 

බේකින් සෝඩා ජලය සමග මිශ්‍ර කරන්න. මිනිත්තු 10-15 අතර ප්‍රමාණයක් තබා මද උණුසුම් ජලයෙන් සෝදන්න

4. දොඩම් ලෙලි (orange peel)

දොඩම් ලෙලි අව්වේ වේලා හොදින් කුඩු කර එයින් තේ හැදි 2ක් කිරි තේ හැදී 1ක් සමග මිශ්‍ර කර ඇත යට අලේප කරන්න. විනාඩි 45ක් එලෙස තිබෙන්නට හැර සිහිල් ජලයෙන් සෝදන්න

5. පොල්තෙල් (oil)

අඳුරු වූ අත් යට පොල්තෙල් අලේප කර විනාඩි 15ක් තබා මෘදු සබන් වර්ගයක් යොදා සිහිල් ජලයෙන් සෝදන්න…

අත් යට කළු පාට නැති කරන්න සරල ක්‍රම 5ක්

Facebook තහනම ඉවත් කරන දිනය මෙන්න

Facebook සමාජ ජාලයට තිබු තහනම 16 වන දින ඉවත් කරන බව හරීන් ප්‍රනාන්දු මහතා පවසා සිටිනවා. Facebook සමාජ ජාලා තහනම සම්බන්ධයෙන් කටයුතු කිරීමට එහි...

සුළු අපනයන භෝග හඳුනා ගමු

අතීතයේ සිටම ලාංකිකයන් අපනයනය කළ ප්‍රධාන අපනයන බෝග වන්නේ තේ, පොල්, රබර් ය .මේ ප්‍රධාන අපනයන බෝග වලට අමතරව කරන ලද කෘෂිකාර්මික අපනයනයන් සුළු...

ඇයි අපි ව්‍යායාම් කල යුත්තේ

පමණට වඩා ආහාර ගැනීම සහ සෞඛ්‍ය තත්වය පිරිහීමට හේතු වන්නේ ස්වභාවික අන්දමේ ව්‍යායාම නොලැබීමයි. තම ශරීර සෞඛ්‍ය සාමාන්‍ය පරිදි පවත්වා ගැනීමට නම් ක්‍රියාකාරකම් අත්‍යවශ්‍ය...

කහ සිවුරට පණ පෙවූ අමාවකය

සත්‍ය කාතාවක් පදනම් කරගෙන ගොතන ලද්දකි.... මාතෘත්වය වනාහි ජීවයාගේ ජීවන කතා මන්සලේ ලෙන්ගතුම නවාතැන වුවද.., සමහරෙකුට ඒ ආත්මීය බැදීම පාපී හමුවීමකි.., එවන් අකල් ජීවන රගමඩලයන්ගේ මා සමාව...

එක්නැලිගොඩ නඩුවට විශේෂ අධිකරණ විභාගයක්

මාධ්‍යවේදී ප්‍රගීත් රන්ජන් බණ්ඩාර එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කරවීම සම්බන්ධව ජූරි සභාවක් නොමැතිව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ විශේෂ අධිකරණ විභාගයක් පැවැත්වීමට අවසර දෙන...

ඔයාගේ හදවත නැති වුනොත් මොනවා වෙයිද?

ජංගම දුරකථනය ( phone) යනු අද වන විට අපට නැතුවම බැරි උපකරණයක් වී හමාරයි. ඒක හරියට ඔබේ හදවත වගෙයි. කෙනෙකුගේ පෞද්ගලිකත්වයට අතිශයින්ම ප්‍රබල සාධකයක්...

චාරිකා – 01

මේ කතාව අතීත කතාවක්. මම ඉස්කෝලේ යන කාලේ. ඒ කාලේ Mobile Phone, WhatsApp, Facebook ඔය මුකුත්ම තිබුණේ නැති කාලයක්. හැබැයි හරිම සුන්දරයි. ඒ කාලේ...