ප්‍රීතිමත් විවාහ ජිවිතයක් කියන්නේ විවාහයකට එළබෙන හැමෝගේම බලාපොරොත්තුව. ඒ වගේම ප්‍රීතිමත් විවාහ ජිවිතයක් තියෙනවා නම් ජිවිතේ අනිත් දේවල් උනත් සාර්ථකව කරගන්න පුළුවන්. බිරිඳකට වුණත් සැමියෙකුට වුණත් ප්‍රීතිමත් විවාහ ජිවිතයක් ගෙනියන්න යම් යම් කැපකිරීම් කරන්න වෙනවා. එත් අවාසනාවකට මේ යුගයේ හුඟක් අඹු සැමියෝ එහෙම හිතන්නේ නෑ. විවාහයට කිසි වටිනාකමක් දෙන්නේ නෑ . ඒ ගැන වගකීමෙන් හිතන්නෙත් නෑ . ඉතින් අන්තිමට වෙන්නේ විශාල මුදල් ප්‍රමාණයක් වියදම් කරලා ලෝකෙටම අඬබෙර ගහල අආරම්භ කරපු විවාහ ජීවිතය කෙටි කාලෙකින් ඉවර වෙන එක. අද අපි ඔබට මේ ලිපියෙන් ඉදිරිපත් කරන්නේ නොදැනුවත්කමින් ඔබ අතින් ප්‍රීතිමත් විවාහ ජීවිතය විනාශ කරගන්නා ආකාරයයි.

ධනාත්මකව සිතන්න
සැමියාගේ නෑදෑයින් , හිතමිතුරන් ගැන ඔබේ ආකල්පය මොන වගේද? අසල්වැසියන් ඔබට පේන්න බැරිද? ගෙදර ඉඩකඩ මදි එක ගැන ඔබ නොසතුටට පත් වෙලාද ? ඔබේ කොණ්ඩය ඔබ කැමති පරිදි පීරන්න බැරිද ? ඉතින් මෙන්න මේ වගේ දේවල් ගැන ඔබ නිතරම ඍනාත්මක විදිහට හිතනවා නම් ජිවිතේ සතුට ගොඩක් දුරයි කියල ඔබට දැනේවි.
මේ වගේ දේවල් ගෙන දවස පුරාම නොසතුටෙන් ඉන්න කොට සැමියා හවස නිවසට අවම ඒ අසහනය පිටවෙන්නේ ඔහුගේ පිටින්. ඔහු කොයි තරම් ඔබව සතුටින් තියන්න හැදුවත් ඔබේ මේ ඍනාත්මක සිතුවිලි නිසා ඔහුත් කලකිරීමට හා නොසතුටට පත් වෙනවා. දිගින් දිගටම සිද්ධ වෙන මේ වගේ දේවල් නිසා අන්තිමට ඔහු ප්‍රමාද වෙලා නිවසට එන්නත්, ඔබ ගැන තියෙන සැලකිල්ලත් අඩු වෙන්න පටන් ගනීවි. ජිවිතයේ හැමදාම එකම විදිහට සතුටින් පවතින්නේ නෑ . ඉඳ හිට නරක දවසක් තියෙන්න පුළුවන්. එත් මේ ඍනාත්මක බව ජිවිතේ පුරුද්දක් බවට පත් කරගන්න එපා.

තේරෙන භාෂාවෙන් කතා කරන්න
කාන්තාවන් හරි දක්ෂයි ඇනුම්පද කියන්නත්, වහෙන් ඔරෝ භාෂාවෙන් කතා කරන්නත්. එත් පිරිමි එහෙම නෑ . ඔවුන්ට වැටහෙන්නේ ඔබ ඍජුව පවසන දේවල් විතරයි. ඉතින් තේරුම් ගන්න අපහසු දේවල් කියමින් කාලය නාස්ති කරනවට වඩා නරකද කියන්න තියෙන දෙයක් හෝ ඉල්ලන්න තියෙන දෙයක් කෙලින්ම කියන එක. දෙන්නා අතර තියෙන යහපත් සන්නිවේදනය ප්‍රීතිමත් පවුල් ජීවිතයක තියෙන අඩිතාලමයි.

අඹු සැමි සතුට විඳින්න

ලිංගික සම්භෝගය කියන්නේ අඹු සැමි යුවලක් අතර තියෙන්න ඕනි දෙයක්. ස්ත්‍රීන්ට වැඩ පුරුෂයින් ලිංගික සම්භාන්ධතාවලට ලොල් බවක් දක්වනවා. ඉතින් ඔබ දිගින් දිගටම එයින් වැළකිලා ඉන්න ගියොත් ඔබේ පවුල් ජීවිතය දෙදෙරා යන්න පුළුවන්. ආදරයේ, විවාහයේ සියලු මිහිරියාවන් ඔබත් සමඟ විතරක් බෙදාගන්න සහකරුවෙක් ඉන්න එක කොයි තරම් වාසනාවක්ද? ඉතින් ඒ සතුට බෙදා ගන්න ඔබ ඔහුට සහයක් වෙන්න. අස්සයා ගියාට පස්සේ ඉස්තාලේ වහල නම් වැඩක් වෙන්නේ නෑ

සැමියා නොසලකා හරින්න එපා
අන් සියන්නලට අවදා සැමියාට වටිනාකමක් දෙන්න. මේ කාලයේ දික්කසාද බහුල වෙන්න හේතුවක් තමයි එකිනෙකාව නොසකා හරිම හා අන් අයට වැඩි තැනක් දෙන එක. ගොඩක් බිරින්දෑවරුන්ට බබල හම්බ උනාම සැමියා අමතක වෙනවා. ඒවගේම තමයි නෑදෑයෝ, යාළුවො, දෙමවුපියෝ , සැමියාට වඩා වටිනා බවයි පෙන්වන්නේ. ඉතින් මේ නොසලකා හැරීම දිගින් දිගටම උනොත් සැමියාට ඔබව එපා වෙන්න වැඩි කාලයක් යන්නේ නෑ .

තරම දැනගෙන ජිවත් වෙන්න
ඔබේ වැටුපට සරිලන ජිවන රටාවක් ඇති කරගන්න. දිගින් දිගටම ඔබ අදායමට වඩා වැඩියෙන් වියදම් කරගෙන් ගියොත් මුළු පවුලම ලොකු අර්බුදයකට මූණ පාන එක නවත්වන්න බෑ . එකේ තේරුම ඔබේ අශාවල් බලාපොරොත්තු සියල්ල අකුලාගන්න කියන එක නෙමෙයි. ඔබේ වියදම එක්ක පවුලේ ආදායම ගැලපෙනවද කියල බලන්න. ලගා විය නො හැකි ඉලක්ක ගැන හුල්ලමින් තියන සතුට නැති කරගන්න එපා. සැමියාගෙන් ලැබෙන කුඩා දෙය උවත් අගය කරන්න.

ප්‍රීතිමත් පවුල් ජීවිතයකට

ඔබේ කන්‍යා පටලය ගැන ඔබ දන්නවා ද ( අතිශයින්ම කාන්තාවන්ට පමණයි )

මංගල යහනේදී පිරිමි ඉල්ලා සිටින්නේ කාන්තාවගේ පිරිසිදුකම තහවුරු කරන කන්‍යාභාවයයි. 21 වන සියවසේදීත් ආසියාතික රටවල කන්‍යාභාවයට විශාල වටිනාකමක් තියනවා. අතීතයේ පටන් කාන්තාවකගේ කන්‍යාභාවය පරික්ෂා...

පවුල් සැලසුම් ක්‍රම නිසි ආකාරව භාවිතා කරන ආකාරය

පහුගිය සතියේ පවුල් සැලසුම් ක්‍රම ගැන අපි ඔබව දැනුවත් කළා. ඉතින් අපි මෙවර ඔබව ගැඹුරින් කථා කරන්න යන්නේ එම පවුල් සැලසුම් ක්‍රම භාවිතා කරන...

Shanudrie එක්ක Photoshoot එකක්

සංකල්පය           : Gayani Batz ඇඳුම් නිර්මාණය  : Gayani Batz හැඩගැන්වීම        : Gayani Batz ජයාරුපකරණය   :Gayani Batz Media Crew / Chamara Jayawardana / MI...

ලස්සන වෙන්න ආයුර්වේද රහස් කිහිපයක්

ඔබ කුමන වයසක වූවත් අපේ කාන්තාවන්, (women) ගැහැණු (girls) ළමයින් නිසි ආයුර්වේද ප්‍රතිකාර කිරීමෙන් ඔබෙන් ගිලිහී ගිය තාරුණ්‍ය යළි ප්‍රතිනිර්මාණය කළ හැකි වීම ඔබේ සතුට...

කැළැල් සහිත සමකට විසඳුමක්

ලස්සන වෙන්න අපි හැමෝම කැමතියි. දුර්වර්ණ වූ, කැළැල් සහිත සමක් තිබෙනවාට අපි කවුරුත් කැමති නැහැනේ. ඉතින් එකට හොඳම විසඳුමක් තමයි අපි අද ඔයාලට කියල...

Music Fest 2018

කින්ග්ස්වූඩ් විද්‍යාලීය කොළඹ සංසදය විසින් සංවිධානය කරනු ලබන Music Fest 2018, මාර්තු 18 වන දින විහාරමහාදේවි විවෘත රඟහලේදී සවස 7.00 සිට පැවැත්වේ. චිත්‍රාල් ,...

L T T E විසින් හැංගු රත්‍රන් තොගය සෙවූ නිලධාරීන්ට ලැබුණු දේ

එල් ටි ටි සංවිධානය විසින් යුධ සමයේ මුලතිව් මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ රත්රන් සහ ආයුධ තොගයක් වළ දමා ඇති බවට ලද තොරතුරක් මත ඊයේ දින (20)...

ශරීරයේ බර 10 kg වලින් අඩු කරගන්නා ස්වභාවික පානය

සිරුරේ බර අඩු කරගැනීමට නම් අපි ආස කරන ආහාර පාන ගැනීමෙන් වැලකි සිටිය යුතුයි. එක කරන්න ගොඩක් අයට අපහසුයි. ආහාර පාලනය විතරක් නෙමෙයි ශරීරයට...

කොහොමද පවුල් සැලසුම් ක්‍රමයක් නිසි ආකාරව භාවිතා කරන්නේ

පවුල් සංවිධාන ක්‍රම ( family planning ) අපි භාවිතා කරන්නේ යුවලකට පළමුවෙනි දරුවා පමා කරගැනීමට සහ දරුවෙක් ලැබුනට පසුව ( එක්කෙනෙක් හෝ දෙදෙනෙක් හෝ...