පුංචි දරුවන් කියන්නේ හැමවෙලේම වැඩිහිටියන් අනුකරණය කරන කොටසක්.හොද හෝ වැරදි වේවා තමන් සමඟ නිතර ගැවසෙන වැඩිහිටියන්, දෙමවුපියන් කරන කියන දේවල් අනුකරණය කරන්න දරුවන් පෙළඹෙනවා.

නිවස තුල ප්‍රබලත්වය, දුබල බව ක්‍රියාත්මක වන ආකාරය දකින දරුවා තම මව හෝ පියා ප්‍රබලයා වන්නේ කෙසේදැයි බලා සීටී. කෑ ගසා අඩදඹර කර එකිනෙකාට විදාන දෙමින් තම බලය පතුරවන කෙනා ප්‍රබලයා ලෙසින් විදානයට කීකරු වී බලයට යටත් වන කෙනා දුබලයා ලෙසත් හඳුනාගන්න දරුවන් පෙළඹෙනවා. ප්‍රබලයා වූ තැනැත්තා තමා ප්‍රබලයා ලෙස පෙන්වීමට උපයෝගී කරගත් ක්‍රියාමාර්ග දරුවා ද ඒ ආකාරයට ක්‍රියාත්මක කිරීමට උත්සුක වෙනවා.

නිවසේ ද දුබලයා බවට පත්වන තැනැත්තාව දරුවා ද සෑම විටම යටත් කරගන්නට උත්සහ කරන අවස්ථා බොහෝ විට දැකගන්නට පුළුවන්. පියා නිවසේ ප්‍රබලයා ලෙස මව යටත් කරගෙන ඇයට කෑ ගසා විදාන දෙමින් ක්‍රියා කරනවා නම් දරුවා තම මව දුබලයා ලෙස දකිනවා. දරුවා මව සමඟ කොතරම් ආදරෙන් සමීපව සිටියත් මව සමඟ ගනුදෙනු කිරීමේදී තමන්ට රිසි දෙය කරමින් මුරණ්ඩු ලෙස හැසිරෙනවා. එපමණක් නොව තමන්ගේ අවශ්‍යතාවය මව අතින් සපිරුණේ නැතිනම් හඬා වැලපී, දඹර කරගෙන හෝ එය ලබා ගැනීමට කටයුතු කරනවා. ඒ පියා අනුකරණය කිරීමෙනි.මෙවැනි දරුවන් පියා සමඟ කටයුතු කිරීමේදී එතරම් සැර පරුෂ නොවන්නේ පියා ප්‍රබලයෙකු බව හඳුනා ගත් නිසයි.

නිවසක සතුට සාමය රඳා පවතින්නට නම් වඩාත් සුදුසු වන්නේ කවුද දුබලයා කවුද ප්‍රබලයා ලෙස පෙන්වන ආකාරයෙන් කෑ ගසමින් විධාන දෙමින් කටයුතු කිරීම නොවේ. දෙදෙනාම සාකච්ජා කර එකිනෙකාගේ ගෞරවයට හානි නොවන ලෙස ප්‍රශ්න ගැටළු නිරාකරණය කර ගැනීමයි. තමන්ට යමක් අවශ්‍ය නම් විධාන නොකර ඉල්ලීමක් කල හැකිය. පුංචි දරුවන් තම බලය පෙන්වීමට වැයම් කිරීම සාමාන්‍ය ස්වභාවය වුවද තම පවුල් පසුබිම අනුව තත්වය අඩු වැඩි වශයෙන් පැවතිය හැකිය. ඒ නිසා සාමකාමී පවුල් පරිසරයක් තුල හැදෙන දරුවා ස්වභාවයෙන්ම නිතර හඬා වැලපෙමින් දඹර කරගන්නා කෙනෙකු බවට පත් නොවේ. ඔවුන් වැඩිහිටියන්ගේ කීමට කීකරු වන පහසුවෙන් කටයුතු කල හැකි ආදරණිය දරුවන් බවට පත් වේ.

 

 

තම දරුවන් ඉදිරියේ දෙමවුපියන් තම බලය පෙන්වන්නේ බලාගෙනයි

තැනට ගැලපෙන saree jacket විලාසිතාවක් තෝරමු

ගිය වර ලිපියෙන් අපි පොරොන්දු උන විදිහටම මේ ලිපියෙන් අපි සුදානම් වෙන්නේ සාරි විලාසිතා පිලිබඳ ටිකක් කතා කරන්න. සාරිය කියලා කියන්නේ ඕනෑම යුවතියකට ගැලපෙන, ඕනෑම...

ඩවුන් සින්ඩ්‍රෝම් දරුවන් නිට්ටාවටම සුවකළ හැකිද

ඔබ කවදාක හෝ සිතුවාද අතපය හතර ඇතුළු සියලුම අංග , සම්පූර්ණ ජීවියෙකු ලෙස උපන් ඔබ මොනතරම් වාසනාවන්තද කියා ? ඔබට දෙසවනින් අසා , දෙනෙතින්...

රියලිටි දෙතොල් යුද්ධය

ලිප් සින්ක් බැට්ල් , එහෙමත් නැත්නම් තොල් සෙලවිමේ යුද්ධය කියන්නේ ඇමෙරිකාවේ සංගීත රියලිටි තරගාවලියක්.ක්‍රිසි ටයිගන් සහ කූල් ජේ තමයි මේ වැඩසහටහන මෙහෙයවන්නේ. මොකක්ද ඇත්තටම...

ආදරයට ගැහැණු පිරිමි භේදයක් නැහැ චමරි අතපත්තු

චමරි අතපත්තු කියන්නේ කවුද? චමරි අතපත්තු කියන්නේ මම ක්‍රිකට් ක්‍රීඩිකාවක්. පුංචි කාලේ ඉඳන් ක්‍රිකට් සෙල්ලම් කළා. ක්‍රිකට් වලට මම ගොඩක් ආදරේ කළා. එකට ගොඩක් හේතු...

චිකන් මැන්චුරියන් එකක රස බලන්න කැමති ඔයාට

අපි හැමෝම කැමතියි විවිධ කෑම වර්ග වල රස බලන්න. අපි අද ඔයාලට කියල දෙනවා චිකන් මැන්චුරියන් එකක් සාදා ගන්නා ආකාරය. අවශ්‍ය ද්‍රව්‍ය ( 04 දෙනෙක් සඳහා ) ...

හන්තාන සිහිනේ ගීතයේ සැගවුණු අරුත මෙන්න

බිරිද හැරගිය මහලු ගුරුවරයෙකුට වශීවූ රූමත් කැම්පස් තරුණියක් ගැන කියවෙන අමරදේව මහතා සහ උමාරියා ගායනා කරන හන්තාන සිහිනේ ගීතයේ සැගවුණු අරුත මෙන්න බලා වැළපෙමි නෙළාගනු...

සිවිල් නීතිය ගැන දන්නවද

අපි සමාජයේ ජිවත් වෙනකොට නීතිය ගැන සාමාන්‍ය දැනීමක් හෝ තිබීම අත්‍යවශය කාරණාවක්. නීතිය, සිවිල් නීතිය, අපරාධ නීතිය ලෙස කොටස් දෙකකින් යුක්ත වෙනවා.  අපි අද ලිපි...

ෆැෂන් කරන්න කැමති ඔයාට

ඔයාගේ ෆැෂන් ගැන ඔයාට තියෙන්නේ මොන වගේ දැනුමක් ද හැඟීමක් ද ? ඔයා පෞද්ගලිකව ඔයා කරන විලාසිතා ගැන එතරම් ප්‍රියමානප බවක් නැද්ද ? වැරදි...

ලිංගික රෝග වළක්වා ගන්න කොන්ඩමයක් භාවිතා කරන්න

වර්ථමාන සමාජයේ බොහෝ දෙනාට ලිංගික ගැටළු පවතිනවා. යම් පුද්ගලයෙක් එක්කෙනෙකුට වඩා බොහෝ දෙනෙක් සමඟ ලිංගික කාර්‍යයන්හි යෙදී සිටී නම් ඔහුට / ඇයට HIV සහ...