කොල්ලෝ ජාති ???

කොල්ලන් වනාහි අරුම පුදුම සත්ත්ව කොට්ඨාසයකි. හිසේ සිට පාදාන්තය දක්වා බොහෝ විට කොල්ලන් එක වගේය. හැබැයි ඒ ඇඟවල් අස්සේ ඉන්න එවුන් අහසට පොළව වගේය. කොල්ලන් කෙල්ලන්ට වඩා ඕපා දූප සොයන පිරිසකි. ඇතැම්විට කෙල්ලන් update කරන්නේ මොවුන්‍ විසිනි. කෙල්ලන් අතරේ හුවමාරු වන ඕපා දූප යල් පැන ගිය ඒවාය. Hot hot news ඇත්තේ කොල්ලන් ළඟය. ඇතැම් විට කෙල්ලන් ඒවා දැන ගන්නා විට සීතල වී පිළුනු වී ඇත. කෙල්ලන් අතරේ හුවමාරු වන විට තුන පහ වැඩිපුර වැටෙන නිසා ඒවා ආයෙත් රස පදම් වී එයි. ඇතැම් විට ඕපා දූපය මුලින්ම ඇසූ කොල්ලාද එය අසන්නේ අළුත්ම news එකක් අසන විලසටය.

තවත් කොල්ලෝ වර්ගයක් සිටිති. මොවුන් ගිය ආත්ම වල ග්‍රාම සේවක පදවි දැරූ පිරිස්‍ වෙති. කෙල්ලෙක් දුටු සැනින් ඇයට චරිත සහතික ලියති. ඇතැම් විට කෙල්ල එක්ක වචනයක් කතා කර නැත. ඔවුන්ට අනුව ගොඩක් කෙල්ලන් “බඩුය”.

තව ජාතියක් සිටී. ඔවුන් හැම කෙල්ලම ගැන දන්නෝය. චරිත සහතික දීමට වඩා එහා ගිය එකකි. බොහෝ විට කෙල්ල උන්ගේ ගෙවල් පැත්තේය. කෙල්ල ලංකාවේ කොයි දීපංකරේක සිටියද ඔවුන්ගේ ගෙවල් පැත්තේය. එහෙම නැත්තන් කෙල්ලගේ නෑයෙක් යාළුවෙක් හෝ දන්නේය. නමුත් සැබෑ තත්වය හාත්පසින්ම වෙනස්‍ එකකි. බොහෝ විට කියන්නේ, “ආ මං ඕකිව දන්නවා. මරු සීන් එකක් වුණා දවසක්….” කියා පටන් අරන් කතාවක් කියයි. පොඩි එවුන් නිදි කරවීමට සුරංගනා කතා කීමට මොවුන් යොදා ගත හැක.

අනික් ජාතිය ජනප්‍රිය යුවතියන්ගේ ළඟම හිතවත්තුය. ඒක නම් බලන්න සහ අසන්න වටින එකකි. ඒ කෙල්ලන් ඔවුන්ගේ Facebook, Twitter, Insta එකී මෙකී නොකී හැම Social media එහෙකම සිටී. එහෙන් මෙහෙන් අවස්ථාවක් ලද විට ෆොටෝවක් ගෙන upload කරගනී. එතැන් පටන් ඒකි මගේ බුදු fit එකය. ඒකිගේ මෙයා මොන fit එකදැයි නොදනී. ඉඳ හිට ඔවුන් මෙවන් කොල්ලන්ට chat එකක් දමන්නේ උන්ට කරන්නම වැඩක් නැති වූ විට time pass කරන්නය. එවිට මේ කොල්ලන් ඒ කෙල්ලන් meet වූ සහ සංසාරික love level එකට එයි. ජනප්‍රිය කෙල්ලන් රැසකගේ පොදු මිතුරා මොහුය.

තව කොල්ලන් ජාතියක් සිටී. ඔවුන් හැම කෙල්ලම run කරපු එවුන්‍ වේ. Run කිරීම යනු කෙල්ල ඉස්සරහින් යනවිට පස්සෙන් ඇවිදන් ගිය විටද ඒ කෙල්ල run කර ඇත. කෙල්ලෙක් මනුස්සකමට හිනාවුණද “ඒකි මට සීන් බන්” යැයි උදම් අනති. එමෙන්ම කතා කරන හැම කෙල්ලම තමන්ට සීන් යැයි කියති. ඒක මාරම සීන් එකකි.

කෙල්ලෙක් හිනාවුණොත් කතා කළා, කතා කළොත් අතින් ඇල්ලුවා, අතින් ඇල්ලුවොත් කිස් කළා, කිස් කළොත්… එතනින් එහාට කියන ඒවා සෝචනීයය. ජීවිතේට කෙල්ලෙක් එක්ක කතා කර නැති වුවද පොරක් වීම සඳහා හීනෙන් දකින හැම කෙල්ලම උන්දැ එක්ක යහන්ගත වී ඇත. මේත් එක්තරා ලෙඩ්ඩු පිරිසක් වෙති.

සමහර එවුන්ට කෙල්ලන් ඒ හැටි දෙයක් නොවේ. උන්ගේ ලෝක Sports, IT, දේශපාලනය, සමාජ විද්‍යාව, වැනි ඒවාය. මෙලෝ හසරක දෙයක් දන්නේ නැති වුවද පරතෙරට ගිය level එකේ දේශනා දීමට සමත් වෙති. හැබැයි හදිස්සියකට bulb එක්ක් holder එකකට දාගැනීමට වෙසක් කූඩූවක් සරුංගලයක් හදාගැනීමට මොවුන් යොදාගත නොහැක.

තව ජාතියක් සිටී.හැබැයි මුන්ට කෙල්ලන් රැසක් ඇත. නිකන් කාගෙත් සුරතලා level එකක් මෙයාලට ඇත. කෙල්ලෙක් බෙල්ල ගලවලා දීපන් කීවත් දෙන මට්ටමයේය. වෙලාවකට හැසිරීමද කෙල්ලන්ට එහා ගිය එකකි. අවුලක්ම නැත. ඇතැම් විට කෙල්ලන් ඉදිරියේ චණ්ඩියෙක් වෙන්නටද මැළි වන්නේ නැත. පොරක් වීමට මාර ආසය.

තවත් ජාතියක් ඇත. ඔවුන් සිරා කොල්ලන් වෙති. උන් කරන්න තියෙන හැම පිස්සුවක්ම කෙළිති. හැබැයි කිසිවෙකුට හානියක් නැත. කෙල්ලන් ගැන මධ්‍යස්ථ මත දරයි. කෙල්ලනුත් මෙලොව ජීවත් වෙන ජීවීන් කොට්ඨාසයක් ලෙස සළකයි. ඕනම දේකට fit එවුන්‍ ය. උදව්වක් ගත් පසු ඒකට වාත වෙන්නේ නැත. දකින තැන “හලෝ මචං” level එකේ කොල්ලන් ගණයට වැටේ. ආශ්‍රය කිරීම ඉහත සියළුම කාණ්ඩ වලට වඩා පහසුය. විශ්වාසදායක පිරිසක් වුවද දුර්ලභ ගණයේ එවුන් නිසා සොයාගැනීම අතිශය දුශ්කරය. මේ වෙස් මූණ දාගෙන වැඩි හරියක් ඉන්නේ ඉහත එවුන් වීම ප්‍රධානම අවුලය.

කොල්ලන් යනු කොහොමත් අද්භූත ජීවීන් පිරිසකි.

2018.04.27
|\|@|)€€$|-|@|\|¡  –  නදීශානි බණ්ඩාර

කොල්ලෝ ජාති

ස්වයං රැකියා සඳහා අදහස් කිහිපයක්

අපි ඉවතලන බොහෝ දේවල් නැවත නැවතත් අපිට පරිහරණය කරන්න පුළුවන්. එය එක් අතකින් කැලි කසළ ප්‍රයෝජනයට ගත හැකි එක් විසඳුමක්. මේ අපි එදිනෙදා පරිහරණය...

ආවාට ගියාට ඇඳුම් තෝරන්න එපා

ඇඳුම් පැළදුම් කියන්නේ ඕනිම කෙනෙකුගේ පෞර්ෂයට බලපාන ප්‍රධාන දෙයක්. ඇඳුමෙන් ඔබේ ප්‍රතිරූපය නංවන්නත් විනාශ කරන්නත් පුළුවන්. තමන්ගේ හැඩරුව ඉස්මතු කරන, ප්‍රසන්න හැඟීම් ඇතිවන ඇඳුම්...

නිළියක් වගේ ලස්සන වෙන්න හාල් සෝදන වතුරෙන් කරන ඉන්දියානු රහස් බෙහෙත් වට්ටෝරුවක්

ඉන්දියානු කාන්තාවන් ලස්සන වෙන්න බොහෝ ඖෂධ වට්ටෝරු භාවිතා කරනවා. මෙහි විශේෂත්වය වන්නේ ස්වභාවික ඖෂධ ද්‍රව්‍ය භාවිතා කිරීමයි. ඔබත් නිළියක් වගේ ලස්සන වෙන්න නම් මේ...

ලිංගික සම්බන්ධතාවයකදී ඇයි මේ ලිංගික ඉන්නන් රෝගය වැළඳෙන්නේ

මාරාන්තික ලිංගාශ්‍රිත රෝගයන්ට ගොදුරුවන්නන්ගේ ප්‍රමාණය දින දින සීඝ්‍ර ලෙස වැඩි වෙමින් පවතිනවා. ඉතින් අපි පහුගිය ලිපි පෙලින් කතා කළා අනාරක්ෂිත ලිංගික සම්බන්ධතාවයන් නිසා ඇතිවන ලිංගික රෝග...

ආහාර පිසීමේදී මේ ගැනත් හිතන්න

අපි ගොඩක් නොදන්නා කාරනාවල් කිහිපයක් ගැනයි අද අපි ඔයාලව දැනුවත් කරන්න යන්නේ. ආහාර පිසීමේදී මේ දේවල් අනුගමනය කිරිමව වඩාත් වැදගත් වෙනවා 1) කරවල, මස්, මාළු...

කාටුන් චිත්‍රයෙන් ජීවිතයට භාග්‍යය උදාකරගත් භාග්‍යා

යුවතියක් හෝ කාන්තාවක් හැමවිටම කිසිවෙකු මත යැපෙන්නියක් විය යුතු නැත. තමාගේම වෙර වීර්යයෙන් ජීවිතය දිනන්නට ඇයටද අයිතියක් ඇත. ඇතැම්විට ඇරඹුම කඳුළක් විය හැකි මුත්...

HIV රෝගීන් සමාජයෙන් කොන් කළ යුතුද

HIV එහෙමත් නැත්නම් AIDS ගැන සමාජ කතිකාවතක් ඇති වූයේ 90 දශකයේදීය. මුල් කාලයේ මේ පිළිබඳව එතරම් දැනුමක් සමාජය තුළ නොවූ අතර රෝග ව්‍යප්තිය සිදුවන...

අපූරු රුපලාවන්‍ය රහස් 15ක්. ඔබත් අත් හදා බලන්න

අපි හැමෝම කැමතියි ලස්සනට ඉන්න. හැබැයි ඒ ලස්සන පවත්වාගෙන යන්න අපි ස්වභාවික දේ භාවිත කරනවා නම් කොතරම් හොඳ ද? අපි අද ඔයාලට කියල දෙන්නේ...

කොහොමද පවුල් සැලසුම් ක්‍රමයක් නිසි ආකාරව භාවිතා කරන්නේ – 3 කොටස

පවුල් (family planning) සංවිධාන ක්‍රම අපි භාවිතා කරන්නේ යුවලකට පළමුවෙනි දරුවා පමා කරගැනීමට සහ දරුවෙක් ලැබුනට පසුව ( එක්කෙනෙක් හෝ දෙදෙනෙක් හෝ ඊට වැඩි...