my story
මම නෙත්මි. අවුරුදු 18ක දුවෙක් ඉන්න අවුරුදු 40ක අම්මා කෙනෙක්. බිරිඳක් නෙමෙයි. බිරිඳක් වෙලා හිටියද කියන්න නම් මමත් දන්නේ නෑ. අවුරුද්දක් වගේ කාලයක් මහ මන්දිරේක සිරගත වුණා කියන්න නම් පුළුවන්. වතික ස්වාමිපුරුෂයා නොවුණු ස්වාමිපුරුෂයා කසාද සහතිකේට අනුව. මට වතික ගැන හැඟීමක් නෑ. එයාටත් එහෙමයි. හැබැයි මාව බැන්ඳේ ඇයි කියලා මටත් වඩා මගේ ගෙදර අය තේරුම් ගන්න කොට වෙන්න තියෙන හැමදේම වෙලා ඉවරයි. ඉතිං… දුවත් එක්ක ජීවිතය දිනන “මේ මගේ කතාවයි”
දන්සැල් දීලා වන්දනා ගමන් ගිහින් ඇවිත් ඊළඟ යුද්ධේ Fashion Designer Competition එකට ලෑස්ති වුණා. සකුනි බෑ බෑ කිය කිය ඉඳලා කොහොම හරි වැඩේට කැමති වුණා.
“Competition එකෙන් පස්සේ අපිට සකූව අල්ලගන්න බැරි වෙයිද මංදා…” fit on එකක් කරනගමන් සේයා කිව්වා.
“මම කෝකටත් Vacancy එකක් call කරන්නම් නේද…?” මමත් ඇහුවා.
“ඕකනේ මං බෑ කිව්වේ. දෙන්නා එක්ක මාව බයිට් කරනවනේ…” සකුනි නෝක්කාඩු හඬකින් කිව්වා.
“ඉතිං ඇත්තනේ..බලන්නකෝ make up එක දාලා ගත්තම…,එතන කොල්ලෝ පරල වෙයිද මංදා…”sexgisex
“එතන කොල්ලෝ කෙසේ වෙතත් මගේ එකා නම් දුම්මල වරම ගන්න ලෑස්ති. ඒත් office එකේ වැඩක් කිව්වම කට වහ ගත්තා…” සකුනි කියද්දි අපිට හිනාගියා.
“මොකක් වුණත් කොල්ලා ඔයාව දාලා යන්නෙ නම් නෑ සකූ. බයවෙන්න එපා…”
“යනවා නම් එකක් මිස්. වෙලාවකට මහ හිසරදයක්…” සකූ කිව්වේ හොඳටම කළකිරිලා.
“පිරිමි බයයි. ඒකයි…” සේයා කිව්වා.
“කෙහෙල්මල් බය මිස්. මම නම් කැමතියි මාව අතාරිනවට. මම විඳවනවා මේ මළ ඉලව්ව…”
“ඉක්මණ් වෙන්න එපා සකූ කිසිම දේකට. හැමදේම හරියයි. මොනවා වුණත් ගෑණු අපිට ඉවසන් ඉන්න වෙනවා…” සකූට වඩා අත්දැකීම් තියෙන මම කිව්වා.
ඒ වුණත් ඉවසන් ඉන්න එකෙත් සීමාවක් තියෙනවා. අර කවුදෝ කිව්වා වගේ සාරිය උඩට කටුව වැටුණත්, කටුව සාරිය උඩට වැටුණත් ඉරෙන්නේ සාරියම තමයි.
“පව් බන් සකූ. බඳින්න කලින්ම එපා වෙලා…” හවස වැඩ ඇරිලා යන ගමන් සේයා කිව්වා.
එදා සකූගේ වාහනේ ගැරේජ් එකේ. කෙල්ලව අම්මලා අරන් ගියා.
“කරුමයක් බන්. මේ පිරිමින්ට නම් මොන මඟුලක් වෙනවද මංදා ටික කාලයක් යද්දි. එහෙම නැති එවුන් කොච්චර හිටියත් අපිට සෙට් වෙන්නෙම එපාම කරපු එවුන්…” මම කිව්වා.
“සකූ පව් බන්….ඒ කෙල්ල අම්මගේ අසනීපත් එක්ක හැමදේම බැලන්ස් කරන් ඉන්නෙ හරි අමාරුවෙන්. මූ ඔළුව කන්න හදනවා…”
මම සේයව ගෙදෙට්ට දාලා අම්මලාගේ ගෙදර ගියා. කෙල්ල මාව දැක්ක ගමන් ඇඟට පැන්නා.
“අම්මා…මම ඉස්කෝලේ චිත්‍ර තරඟේ Senior Section එකෙන් 1st වුණා…” කෙල්ලගේ සතුට ඇඟ පුරාම.
“Woow… that’s my girl….” මම කෙල්ලව බදාගත්තා.
“මැඩම් ඒක District Competition එකට යවනවා කිව්වා… මට මාරම happy අම්මා….”
“මම කිව්වේ ඔයා ඒක අඳිනකොටම ඕක නම් place කරයි කියලා…ඔයා දිගටම අඳින්න. ඔයා ඒකට දක්ෂයි….”
“මම දුවට ඇස්වහ කටවහ ටිකක් පුච්චන්න ඕන….” අම්මා කියද්දි මට හිනා ගියා.
“මෙයාට කවුරු ඇස්වහ කරන්නද අම්මා….?”
“උඹ පැහෙන්නැතුව හිටිං. මමනේ ඒක කරන්නේ….” අම්මා කිව්ව විදියට මටයි දුවටයි දෙන්නටම හිනා ගියා.
“ඔය ළමයි එළියට වෙලා…බඩගිනි ඇති නේද??? කාලා ඉන්න ගෙට ඇවිත්….” තාත්තා news බල බල ඉඳලා ඇවිත් කිව්වා.
“චැනල් ඔක්කොගේම news ඉවරවෙලා….” කෙල්ල මගේ කණට ළංවෙලා කිව්වා.
තාත්තා චැනල් ඔක්කොගේම news කොහොම හරි බලනවා. හරියට එක චැනල් එකෙන් චැනල් එකට news වෙනස් වෙයි වගේ. අම්මා කරන්නේ රෑට යන අන්තිම news belt එක බලනවා එක චැනල් එකක. එතකොට තාත්තා නිදි.
“මොකක්ද අම්මට කියන්නේ….” තාත්තා කෙල්ලව උස්සන ගමන් ඇහුවා.
“අයියෝ ලොකු අත්තේ….” කෙල්ල කෑගැහුවා.
“දෙන්නා එක්කම වැටීගෙන මොකක් හරි කරගන්නවලකෝ….” අම්මා දෝස්මුරේ දැම්මා.
කාලා බීලා යද්දි රෑ දහයත් පහුවුණා. වැඩ කරන්න ගියාම දවස ගෙවිලා යන විදිය නම් හිතාගන්නවත් බෑ. තව කොයිතරම් නම් වැඩ තියෙනවද කරන්න. කිසිම වැඩක් නැතුව ගෙදරට වෙලා හිටිය කාලේ පැය 24 මට දැනුනෙම කල්පයක් වගේ. දවස ගෙවාගන්න මම නොකරපු දෙයක් නෑ. මහ තාප්පෙන් එහා ලෝකේ මොනවා වෙනවද කියලා දැනගත්තේ වැඩිපුරම ටීවී එකෙන්. මම හිතුවේ මේ ලෝකේ හැමෝම මාව දාලා වෙන ලෝකෙකට ගිහින් කියලා. ඒ තරම් තනිකමක් මට දැනුනා.
“අම්මා… competition එක තියෙන්නේ Saturday නේද….?” දුව උදේ ඉස්කෝලේ යන්න ලෑස්තිවෙන ගමන් ඇහුවා.
“හ්ම්ම්…ඇයි….?”
“හවස ක්ලාස් යන්නේ නෑ මම. දවල්ට එනවා hall එකට….”
“පවනිත් එනවනේ….?” මම ඇහුවා.
“ඔව්…ඔව්…stage එකට නඟින්න බැරි වුණාට එයා ඕක මඟ අරින්නේ නෑ….”
“කාලම එන්න කොහෙන් හරි. බඩගින්නේ ඉන්න වෙයි නැත්තන්….අපිට කෑම නම් දෙනවා….”
“Pizza Hut….” කෙල්ල හිනාවෙවී කිව්වා.
Competition එක දවස වෙද්දි මට නම් නිකන් ඇඟට පණ නෑ වගේ වුණා.
“මොකද බන් උඹට වෙලා තියෙන්නේ…? දියවැඩියාව වගේ සැරින් සැරේ චූ දාන්න දුවන්නේ….?” සේයා ඔරවන් ඇහුවේ මම washroom ගිහින් එද්දි.
“එහෙම තමයි බන්…බහිස්‍රාවී අපද්‍රව්‍ය බැහැර කරන්න එපායැ….”
“යකාගේ බැහැර කිරිල්ලක් ඒක….මම මේ කෙල්ලව ලෑස්ති කරනවා..මේක යනවා රස්තියාදුවේ….” සේයා ආයෙත් සකුනිව make up කරන්න පටන් ගත්තා.
“මොනවා වෙයිද සේයා…?” ඇත්තටම මගේ හිත කලබල වෙලා.
“මොනවා වෙන්නද බන්….?”
“ඒ වුණාට අනික් අයගේ costumes දකින කොට හිත upset වෙනවා අනේ…” ඇත්තටම හරි ලස්සන ඇඳුම් මෝස්තර ගොඩක් මම දැක්කා.
“හතර වරන් ගහන්නැතුව මේ කෙල්ලගේ වැඩ ටික ඉවරකරගන්න උදව් වෙනවද….?”
සකුනිව ලෑස්ති කරලා ඉවර වුණාම නම් real මොණරෙක් වගේ තමා පෙනුනේ.
ඇත්තටම සකුනි හරිම ලස්සනයි.
“Woow…සකූ අක්කිගේ ලස්සන….” කියාගෙන දුවයි පවනියි ආවා.
“දෙයියෝ සාක්කි…මෙච්චර ලස්සන කෙල්ලෙක් තියන්ද මෝඩයෝ මාව අන්ඳන්න ලෑස්ති වුණේ…?” පවනි අපේ කෙල්ලට පාරක් දෙන ගමන් ඇහුවා.
ඇත්තටම සකුනි හරිම ලස්සනයි. සකුනිට තියෙන්නේ හරිම චාම් look එකක්. ඒක නිසාම ඒ කෙල්ල හරිම ලස්සනයි.
Competition එක පටන් ගත්තම මගේ පපුව ගැහෙන සද්දේ හැම එකාටම ඇහෙන්න ඇති. සකුනි perform කරලා එනකල් මගේ ඇඟේ ලේ නැතුව හිටියේ. හිතුවට වඩා ලස්සනට සකුනි වැඩේ කළා. ඇත්තටම stage එකේ lights මැද්දට ගියාම සකුනිව මට පෙනුනේ දිව්‍ය අප්සරාවක් වගේ. සකුනි stage එකෙන් බැහැලා දුවන් ඇවිත් මාව බදාගෙන,
“පණ නෑ දෙයියනේ ඇඟට….” කිව්වා.
මමයි සේයයි සකූව පුටුවක වාඩි කරවලා වතුර ටිකක් දුන්නා බොන්න.
“දැන් ෂේප් නේ සකූ….?” මම ඇහුවා.
“මම බය වුණා මිස්. ඒත් මිස් වෙනුවෙන් මේක කරනවම කියලා හිතුව නිසා කරලා ආවා….”
“පව් බන් මේ කෙල්ල….” සේයා සකූට කොහොමත් හරි ආදරෙයි.
“සකූ අක්කේ…. ඔයා නම් සුරංගනාවියක් වගේ. මේ බලන්න photos….” දුවයි පවනියි දුවගෙන ආවා.
“අපිට පිටිපස්සේ හිටිය කොල්ලෝ ටික පිස්සු වැටිලා අක්කේ ඔයාට…ඔයා නම් මාරයි අනේ…”
1st round ඉවරවෙලා 2nd round එකට ඉස්සෙල්ලම තේරුනේ සකුනිව. එතකොට මම දැනගත්තා කෙල්ල දිනනවා කියලා. ඔව්…අපි දිනුවා. මට සතුටට ඇඬුනා.
“අම්මා… ඔයා නම් නියම කෙල්ලෙක්….” කියලා කෙල්ල මාව ඉම්බා.
“Thank you ඔයාලා හැමෝටම….” මට එච්චරයි කියන්න පුළුවන් වුණේ.
Competition එක ඉවර වෙලා කට්ටියම ගියා මොනවා හරි කන්න කියලා. එතකොටම අම්මගෙන් කෝල් එකක් ආවා.
“පුතේ…නංඟිට අමාරු වෙලා hospital අරන් ගියා. අනේ පොඩ්ඩක් යන්නකෝ….” අම්මා කියද්දි මගේ ඉහ මොළ රත්වුණා.
“සේයා…නංඟිට අමාරු වෙලා hospital අරන් ගිහින්. මම යන්න ඕන….ඔයා පවනිවයි සකූවයි දාලා එන්න. මම අනුකිව එක්ක යනවා…” කියලා මම කෙලින්ම ගියේ hospital එකට.
“අක්කේ… අනේ water bag එක මගදි කැඩුනා. මම පුළුවන් ඉක්මණට ආවා අක්කේ….” මල්ලි මාව දැක්ක ගමන් උරිස්සට ඔළුව තියන් ඇඬුවා.
මගේ හිත දරාගන්න බැරි ආදරේකින් පිරුණා.
“බය වෙන්න දෙයක් නෑ මල්ලි. ඒක කොහොමත් කැඩෙනවනේ. බය වෙන්න එපා. බබයි අම්මයි දෙන්නම පරිස්සම්…” මම මල්ලිව තුරුල් කරගත්තා.
මට මතක් වුණේ අනුකි ඉපදුන හැටි. හොඳටම අමාරුවෙලා මහ රෑ hospital එකට ආවම ward එකේ එවුන් මං දිහා බැලුවේ අවලමේ ගිහින් ළමයෙක් හදන් ආවා වගේ. වතිකට බොහොම අමාරු වුණා මම private hospital නොගිහින් ආණ්ඩුවේ ඉස්පිරිතාලෙට ගිය එක. දරුවගේ මූණවත් බලන්න ආවේ නැති මිනිහට මම කොහේ හිටියම මොකද…?
ටිකකින් labor room එකේ දොර ඇරුණා.
“බබාගේ තාත්තා….?” නර්ස් කෙනෙක් ඇහුවා.
“මම….” මල්ලිට කියවුණා.
“බය වෙන්න එපා. දෙන්නම හොඳින්. පුතෙක්…..” නර්ස් දැක්කා මල්ලි හිටිය විදිය.
“මං කිව්වනේ. යන්න ගිහින් බලන්න….” මම මල්ලිගෙ නළල ඉඹලා කිව්වා.
“බබෙක් හම්බුවෙන එකත් මාර වැඩක් නේද අම්මේ….?” මල්ලි යනකල් ඉඳලා කෙල්ල කිව්වා. එතකන් ඒ radio එකත් වැහිලා තිබුණේ.
“ඔව්…ඉතිං මාර වැඩක් තමයි…බලන් ඉන්න අයට…හම්බුවෙලාම බලන්නකෝ කොහොමද කියලා….” මම කියද්දි,
“හෑහ්….” කියලා දුව කට ඇරගත්තා.
ලස්සනම ලස්සන කොළු පැටියෙක් ඇවිත් හිටියා. Room එකට යද්දි තරගෙකින් දිනන්න වගේ කිරි බොනවා.
“අමාරුවක් නෑ නේ නංඟි….?” මම නංඟිගේ කම්මුලක් ඉඹින ගමන් ඇහුවා.
“කොන්ද නම් රිදෙනවා. මෙයා වැඩි වදයක් නැතුවම එළියට ආවා හැබැයි….” නංඟි කොළු පැටියගේ මූණ හරිම ආදරේකින් සිපගත්තා.
“ඇඟිලි වල චූටි බලන්නකෝ අම්මේ…රෝස පාටයි….” දුව චුට්ටගේ ඇඟිල්ලක් අල්ලගෙන.
“රස්නෙට බොන්න මොනවා හරි හැමවෙලේම. අම්මලා දැන් කෑම අරන් එයි. හෙට යන් ගෙදර. අමාරුවක් නැති නිසා යවයි හෙට….”
“අපේ අම්මට කිව්වද අක්කා….?”
“ඔව්… මල්ලි කෝල් කළා…අම්මට ඉවසිල්ලක් නෑ ඔයාව බලනකල්…හෙට එයි අම්මලා…”.
“අක්කා…පුතාට නමක් දාලා දෙන්නකෝ….”
“අපි දාමු ලස්සන නමක් අපේ චණ්ඩි පැටියට….” කියලා මම චුට්ටව අතට ගද්දිම කොල්ලා චූ දැම්මා.
“මරු…මංගල චූ පාර අම්මගේ ඇඟේ….” දුව හයියෙන් හිනාවෙවී කිව්වා.
“අනික් එක්කෙනාගේ මංගල ඔක්කොම වුණෙත් මගේ ඇඟේ තමයි….” මමත් හිනාවෙවී කිව්වා.
සේයා අම්මලාවත් එක්කගෙනම රෑ hospital එකට ආවා. අම්මා ඉඳි ආප්ප ටිකක් හදන් ඇවිත් තිබුණා නංඟිට.
“මම තව නැප්කින්ස් අරන් ආවා පුතේ. සෝදන්න තියෙන ඇඳුම් ටික දෙන්න යද්දි අරන් යන්න…” අම්මා නංඟිට පිරිත් ටිකකුත් කිව්වා ඒ හදිස්සියේ.
මට දැනුනේ පුදුමාකාර දුකක්. මේ කිසිම කෙනෙක් මං ළඟ හිටියේ නෑ. මේ කිසිම දෙයක් මට ලැබුණේ නෑ. මං නැති වුණ හැමදේ ගැනම දුක් වෙන එක නතර කරන්නේ අනුකි දිහා බලලා. පව් මගේ කෙල්ල.
©නදීශානි බණ්ඩාර දොඩංගොල්ල

- A word from our sposor -

spot_img

මේ මගේ කතාවයි – 06 කොටස

මනෝවිද්‍යාත්මක උපදේශනය

මනෝවිද්‍යාත්මක උපදේශනය පිළිබඳව අවධානය යොමු කිරීමේදී මෙම විෂය මනෝවිද්‍යා විෂය ක්ෂේත්‍රය තුල උප විෂය ක්ෂේත්‍රය ලෙස හඳුනාගත හැකිය. මෙහිදී උපදේශනය යනුවෙන් අදහස් කරන්නේ ගැටළුවකට...

සුරත් සුවය

ඔබට මේ සටහන කියවන්න යැයි මම ඇරයුම් කරමි. මේ මෑත කාලයේදී අන්තර් ජාලයෙහි ඉහළම ස්ථානයක් ලබා ගත් ගීතයකි. මේ ඒ පිළිබඳව කියවීමකි.. නිල් වරළ පුරා...

දන්තාලේපයකින් ලස්සන වෙමුද

ඔබ පුදුම වෙනවද දන්තාලේපයකින් ලස්සන වෙන්න පුළුවන් කිවුවම. ඔන්න එහෙනම් අපිත් බලමු ඒ ක්‍රම මොනවද කියලා. 01) කුරුලෑ සුව කර ගැනීමට දන්තාලේප මේස හැඳි එකක් සහ...

අද පෙරවරුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වින

විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද දිනයේ පැවැත්වීන. කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 09.00ට කථානායක කාර්යාලයේදී එම පක්ෂ නායක රැස්වීම පැවැත්වීය. ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී...

ලස්සන රුවකට නින්ද ගැන අවධියෙන් ඉන්න

රුව ගැන සැලකිලිමත් වෙන බොහෝ දෙනෙකු අවධානය යොමු කරන්නේ බාහිර අලංකරණය පිළිබඳ පමණි. බාහිර රු සපුව වඩාත් සුන්දර කරගත හැක්කේ කායික නිරෝගීබව තුලින් බව...

වයිෆ් දැන් කැමති නෑ, මොකක්ද විසඳුම

විවාහය (marraige) කියන්නේ සෙල්ලමක් නෙවෙයි. අපි ඒ ගැන කථා කරමු මම පුංචි කතාවක් කියන්නද...? මේක මගේ යාළුවෙකුට වුණ සිදුවීමක්. මගේ යෙහෙළිය විවාහක (marriage) කෙනෙක් නෙමෙයි.  ඉතින් ඒ...

ගෙවත්තට කානේෂන් මල් පාත්තියක් එකතු කරමු

ගෙවත්තේ තියෙන මලින් පිරුන ගසක් දැකීම දෙනෙතට කොයි තරම් ප්‍රියංකර දර්ශනයක්ද? අදරය, සතුට වගේම ශෝකය පෙනවන්නත් මල් වලට පුළුවන්. ඉතින් අද අපි කතා කරන්නේ...

චාරිකා – 10 කොටස

මේ කතාව අතීත කතාවක්. මම ඉස්කෝලේ යන කාලේ. ඒ කාලේ MOBILE PHONE, WHATSAPP, FACEBOOK ඔය මුකුත්ම තිබුණේ නැති කාලයක්. හැබැයි හරිම සුන්දරයි. ඒ කාලේ CALL...

ගැහැණු ළමයෙකුගේ Makeup පෙට්ටියේ තිබිය යුතු දේවල්

මල් වගේ ගැහැණු ළමයින්ට ගමනක් යන්න ගියාම හැඩවැඩ වෙන්න තරමක වෙලාවක් ගතවෙනවා. පොඩි Makeup එකක් කරලා එලියට බැස්සට මුකුත් වරදක් කියන්න බැහැ. ඒ නිසාම...