දැක්ක ගමන් නෙත් සිත් වශීකරන ශාක අතරින් බිගෝනියා ඔබගේ නිවස පිටත මෙන්ම ඇතුළතද ලස්සන කරයි.

* වර්ග රැසයි
මෙම ශාකයේ ගොඩක් පාට මෙන්ම විවිද රටා වලින් යුතු පත්‍ර වේ. ශාක පැලෑටියක් ලෙස ගත්තම මෙය ප්‍රධාන කොටස් දෙකකට වෙන් කෙරේ. එනම් විචිත්‍ර පත්‍ර ප්‍රභේද හා මල් හටගන්නා ප්‍රභේද යනුවෙනි. විසිතුරු පත්‍ර සහිත බිගෝනියා වර්ග කොටස් දෙකක් වේ. එනම් සැමදා පත්‍ර හටගන්නා සහ අවුරුද්දේ එක් කාලයකදී පමණක් පත්‍ර වැටී යන වර්ග ලෙසයි.

* විවිධ හැඩ
ඉතාම ලස්සන වර්ණ වලින් යුක්ත මෙය විවිධ හැඩතල වලින්ද යුක්තයි. මේ කොළ වල තැනින් තැන දිළිසෙන පෘෂ්ඨ සහිත ඒවා වගේම තනි වර්ණයේ, වර්ණ කිහිපයක් මිශ්‍ර වූ ඒවා ද වේ.කොළ වල අග උල් හැඩති , කැරලි හැඩති , තාරකා , බෝ කොළ , හදවතක හැඩය ඇති ඒවාද වෙයි. මේවා විවිධ නම් වලින් හඳුන්වයි… එනම් * සිල්වර් ඩස්ට්
* අයිලැෂ්
* රෝසි ජුවෙල් ටෙසනියනා අයන් ක්‍රොස්
* ඉන්කානා
* යුල්ටයිල්
යන නම් මේ අතරින් ජනප්‍රියත්වයක් උසුලයි.මේ වගාව සඳහා හොඳින් හිරු එළිය ද ලැබිය යුතුයි.

*හොඳින් ජලය ලැබෙන ස්ථානයක් විය යුතුය

ඍජුවම හිරු එලිය කොළ වලට වැටීමෙන් කොළ පිච්චීම හා වර්ණය වෙනස් වෙයි. එම නිසා අතු අතරින් ලැබෙන හිරු එළිය උදැසන හිරු එළියත් බොහෝ වැදගත් වේ.එයින් කොළ වල වර්ණය හා අලංකාරයද වැඩිවේ. බොහෝ දෙනා මේ වගාව සඳහා විවධ වග මිශ්‍රණ උපයෝගි කර ගන්නවා.තෝරා ගන්නා වගා මාධ්‍ය කුමක් වුවත් හොඳින් ජලය ලැබෙන ස්ථානයක් විය යුතුය.

* බෝ කිරීම
මෙම වගාව බෝ කර ගැනීමේදී ක්‍රම කිහිපයකින් සිදුකල හැකියි. පඳුරු වෙන් කිරීමෙන්, කඳ කැබලි මාර්ගයෙන් බීජ මෙය බෝ කර ගත හැක.
1 පඳුරු වෙන් කිරීම – මෙය හොඳින් වැඩුනු පසු මව් ශාකය තුල තවත් ශාක කිහිපහයක් හට ගනී.එම වැඩුනු පඳුරු තනි තනි වශයෙන් පැල
වෙන් කර සිටු විය යුතුය
2 කඳ කැබලි මඟින් – වැඩුනු බිගෝනියා ශාකයේ කඳ කොටස කැබලි වශයෙන් වෙන් කර සිටුවීමෙන් ද බෝ කර ගත හැකිය. අංකුර හට ගන්න
ස්ථානයට මඳක් පහලින් කපා ඉවත් කරගත යුතුය.
3 බීජ මඟින් – බිගෝනියා බීජ රෝපණයට කොම්පෝස්ට් හා වැලි කොටස් එකට එක (1:1) ප්‍රමාණයට ගෙන මිශ්‍රණයක් සාදා ගන්න. වඩාත් හොඳ ප්‍රතිපලයක් ලැබීමට එය ජීවානුහරණය කරන්න. ඒ මත උළු කැට තට්ටුවක් තවරා වගා මිශ්‍රණය යොදන්න. එවිට  හොඳින් ජලය බැසීම සිදුවේ. බීජ වැපුරු පසු එඅ මත තවන් වැලි ටිකක් ඉසින්න. බඳුනේ කට වීදුරු කැබැල්ලකින් වසන්න. හොඳින් සෙවණ ලැබෙන ස්ථානයක තබන්න.සැමවිටම ජලය යොදන්න.දිනකට විනාඩි කිහිපයක් වීදුරුව ඉවත් කර ජලය යොදන්න.බීජ පැල වූ පසු කුඩා බඳුන් වලට මාරු කරන්න.

නිවසේ ඇතුලත මෙන්ම පිටතත් හැඩකරන බිගෝනියා

ඇයි ලිංගික හර්පිස් රෝගය නිට්ටාවට සුව කල නොහැකි

අපි සමාජය තුල බහුලවම දකින තවත් රෝග තත්වයක් තමයි හර්පිස් ( Genital herpes ) කියන්නේ, නැත්නම් Herpes simplex කියන රෝග තත්වය. ලිංගික හර්පිස් කියලා...

ආදරයට ගැහැණු පිරිමි භේදයක් නැහැ චමරි අතපත්තු

චමරි අතපත්තු කියන්නේ කවුද? චමරි අතපත්තු කියන්නේ මම ක්‍රිකට් ක්‍රීඩිකාවක්. පුංචි කාලේ ඉඳන් ක්‍රිකට් සෙල්ලම් කළා. ක්‍රිකට් වලට මම ගොඩක් ආදරේ කළා. එකට ගොඩක් හේතු...

ශාරුක් කාන්තාවන් හා ළමයින් වෙනුවෙන් ඉදිරිපත් වේ

සිනමාව නිසා රසික ආදරයට වගේම  සම්මාන විශාල ගනණාවකට  පාත්‍ර වුන  සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන්, කාන්තා හා ළමා අයිතිවාසිකම් පිළිබඳව ජනතාව දැනුවත් කිරීම නිසාත්...

විරාග රාගය

කාලෙකට පස්සේ අහන්න ලැබුන අලුත්ම විදිහේ duet song එකක් තමයි "විරාග රාග " කියන්නේ. එයිනුත් වඩාත් විශේෂම දේ තමයි පිරිමි ගායකයින් දෙදෙනෙකු ගායනයේ යෙදීම...

කොහොමද පවුල් සැලසුම් ක්‍රමයක් නිසි ආකාරව භාවිතා කරන්නේ – 2 කොටස

පවුල් සංවිධාන ක්‍රම( family planning )අපි භාවිතා කරන්නේ යුවලකට පළමුවෙනි දරුවා පමා කරගැනීමට සහ දරුවෙක් ලැබුනට පසුව ( එක්කෙනෙක් හෝ දෙදෙනෙක් හෝ ඊට වැඩි...

පුංචි එංගලන්තයේ උණුසුම් කැදැල්ල “ඇල්පයින්”

දෙස් විදෙස් බොහෝ සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් ලංකාවේ ( Sri Lanka ) සොඳුරුතම ප්‍රදේශයක් වන පුංචි එංගලන්තය එහෙමත් නැත්නම් සිතල නුවර එළිය විදේශීය සංචාරකයන්ගෙන් නගරයේ...

ඉන්දියානු රුමතියන්ගේ රුපලාවන්‍ය රහස්

ඉන්දියාව කියන්නේ ලෝකයේ ලස්සනම කාන්තාවන් සිටින රටවල් අතුරින් ප්‍රමුඛ ස්ථානයක් ගන්නා රටක්. ඒ වගේම ලස්සන කාන්තාවන් වදින ප්‍රමාණයක් ඉන්න රට තමයි ඉන්දියාව. මොකක්ද මේ...

යාළුවොත් එක්ක කෑම්ප් ගහන්න නියම තැනක්

ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ ඌව පරණගම ගම්මානයේ පිහිටා ඇති මෙම බෝඹුරු ඇල්ල දෙවන රාජසිංහ කාලය දක්වා ඉතිහාසයක් තියනවා..රජුගේ හිටපු ඇතා දන්වැල් කඩාගෙන කැලේට පැන්නා...

ආකර්ශනීය චරිතයක් වෙන්න නම්

එක වතාවක් දැක්කම හැරිලා බලන්න හිතෙන තරම් ලස්සනක් ඔයාට තියෙනවා නම් කොච්චර සතුටක්ද නේද? දහසකුත් හැලහැප්පීම්, බාධක, ගැටළු ඔබ සතුව ඇති. නිමක් නැති වගකීම්,...