Heritance Kandalama යනු ශ්‍රීලංකාවේ ඉදි වූ  සුඛෝපබෝගී මෙන් ම දර්ශනීය හෝටලයකි . ශ්‍රීලංකාවේ ප්‍රමුඛතම  ගෘහ නිර්මාණ ශිල්පියෙකු වන ජෙෆ්රි බාවාගේ අසමසම වූ හැකියාවේ  හා පරිකල්පන ශක්තියේ ප්‍රතිඵලයක් වන මෙය ස්වභාව සෞන්දර්යයෙන් අනූන දර්ශනීය නවාතැනකි.

හෝටලය අවට පරිසරය තුළට මිශ්‍ර කිරීම හේතුවෙන් පිටතින් නොපැහැදිලි වුවත් එහි ඇතුළත විශාල ඉඩ පහසුකම් සහිත විවේකී ස්ථානයක්  වන අතර හෝටලයක් තුළින් පරිසරයට වන  බලපෑම ඉතාම අවම වන අයුරින් මෙහි ඉදිකිරීම් සිදු කර ඇත. මෙම ව්‍යුහය නිර්මාණය කර ඇත්තේ, ස්වාභාවික බේසමක් ආකාරයට ඇති මෙම ස්ථානයේ  ජල ප්‍රවාහයට  බලපෑමක් සිදු නොවන  ආකාරයටයි . 1999 දී පාරිසරික තිරසරභාවය සඳහා හරිත සම්මානයෙන් පිදුම් ලැබීමට හේතු වූයේ මෙහි වූ අනර්ග නිපැයුම හේතුවෙනි.

ඇතුළත මනරම් වූ නාන  තටාකයන්ගෙන් සමන්විත වන අතර අලංකාරවත්  දැව නිර්මිත කාමරවල  සිට දර්ශනීය ජලාශ ,වන රොද  සහ දුරින් පිහිටි සීගිරි පර්වතය ද දැක ගත ගැනීමට හැකියාවක් ඇත.

මෙහි  බැල්කනියේ සිට  වඳුරන්ගෙන් දර්ශන සහිත ව ස්වභාව සෞන්දර්යය අපූරුවට විඳ ගැනීමට හැකි වන අතර , දර්ශනීය  අවන්හලක්, නිදහස් බාර් පෙදෙසක් සහ ක්‍රීඩාවට කැමති අය සඳහා ද  විවිධ පහසුකම් සලසා දී ඇත. හෝටල් කාමර 162 පුරාවට දිගු  මංතීරු සවි කර ඇති අතර සුඛෝපභෝගි ආපනශාලා මගින් මිත්‍රශීලී සහ ඉතා කාර්යක්ෂම ආහාර සේවාවක් ලබා ගත හැකිය.

දඹුල්ලේ පිහිටා ඇති මෙය ශ්‍රීලංකාවේ සංස්කෘතික ත්‍රිකෝණයෙහි හදවත තුළ පිහිටුවා ඇති හෙයින් අනුරාධපුරය, පොළොන්නරුව, සීගිරිය සහ තවත් ඵෙතිහාසික ස්ථාන රාශියකට පහසුවෙන් පිවිසීමට අවස්ථාව ලබා දේ. එසේ ම  මින්නේරිය, කඩුල්ල සහ වස්ගොමුව යන ජාතික වනෝද්‍යානවලට ද  පහසුවෙන් ළඟාවිය හැකි වන ලෙස මෙය ඉදි කර ඇත .

සුවිශේෂී අත්දැකීමක්  වන උණුසුම් වායු බැලුන් මතින් ගුවනේ ගමන් කිරීම සඳහා ඔක්තෝබර් සහ මැයි මාස අතරතුර සෑම උදෑසනකදීම අමුත්තන්ට විශේෂ අවස්ථාවක් හෝටලය විසින් ලබා දී ඇත.

HERITANCE KANDALAMA

 

 

 

 

ස්වභාව සෞන්දර්යයෙන් අනූන Heritance Kandalama

පුංචි ළමයි කන්න ආසම ඉක්ලෙයාර්ස් ගෙදරදීම හදමු

පුංචි ළමයි ගොඩක්ම කැමති කෑමක් තමයි ඉක්ලෙයර්ස් කියන්නේ. ඉතින් අද ඔයාලට කියාලා දෙන්නේ ගෙදරදීම ඔබගේ දුවට පුතාට ඉතාමත් රසවත් ඉක්ලෙයර්ස් සාදා ගන්නා ආකාරය යි. ඉක්ලෙයාර්ස්...

දන්තාලේපයකින් ලස්සන වෙමුද

ඔබ පුදුම වෙනවද දන්තාලේපයකින් ලස්සන වෙන්න පුළුවන් කිවුවම. ඔන්න එහෙනම් අපිත් බලමු ඒ ක්‍රම මොනවද කියලා. 01) කුරුලෑ සුව කර ගැනීමට දන්තාලේප මේස හැඳි එකක් සහ...

කොපි වලින් හැඩ වෙන්න ඔයත් කැමති ද

කෝපි (coffee) කියන්නේ අපේ රටේ හුගාක් දෙනා කැමති පානයක් (drink). අපේ රටේ විතරක්ම නෙමෙයි ලෝකෙම ගත්තත් කොපි(coffee) ජනප්‍රිය පානයක්. මහන්සි වෙච්ච වෙලාවක කොපි (coffee)...

කාය වර්ධන ශූරිය නැවතත් කරලියට

රුසියානු ජාතික 26 හැවිරිදි නතාලියා කස්නේට්යෝවා මාස 18ක නිහැඬියාවකින් පසුව නැවත ක්‍රීඩාවට අවතීර්ණ වී තිබෙනවා. මීට මාස 18කට ප්‍රථම ක්‍රීඩාවෙන් සමුගන්න බව කියා සිටියත්...

සෙල්ෆි උන්මාදය ඔබටත් වැලදිලාද ?

මෑත කාලයේ උන්මාදයක් බවට පත් උන මේ සෙල්ෆි අද වෙනකොට ජිවිතයේ නැතුවම බැරි අංගයක් වෙලා. මේ උන්මාදය බොහෝ දෙනෙකුට උරුම කරලා තියෙන්නේ හොද අවසානයක්...

ගෙදර ඉඳන්ම සම පැහැපත් කරගන්න යුවතියන්ට කියාපු පහසුම ප්‍රතිකාරය

සැලුන් එකට යන්නේ නැතිව ගෙදර ඉඳන්ම සම පැහැපත් කරගන්න ක්‍රමයක් ගැනයි මේ කියල දෙන්න හදන්නේ ඔයාලට. ඕනෑම කෙනෙක් මුලින්ම බලන්නේ අපේ මුහුණ දිහානේ. ලස්සන...

උයන පිහන මේ රහස් ටික දන්නවනම් ඔයාටත් පුළුවන් හොඳම ගෘහණිය වෙන්න

ඔබට ඔබේ කෑම වල රසය සහ ගුණය වැඩි කර ගන්න පුලුවන්නම් රසකාරක නොයොදන එක ඔබේ ශරීර සෞඛ්‍යටද ඉතාමත් හිතකරයි. අද අපි ඔබට කියලා දෙන්නේ...

අතවරයකින් බේරෙන්න ඔබත් දැනුවත් ද

ශ්‍රී ලංකාව වැනි රටක විවිධ හේතු මත දුෂණයට සහ හිංසනයට ලක්වුවන්ට මුහුණ දීමට සිදුවන මානසික ගැටළු ඉතා සංකීර්ණයි. මෙහි ඉතාම ඛේදනීය තත්වය වන්නේ දුෂනයට...

ඉලෙක්ට්‍රොවයිබ්‍රේෂන් තාක්ෂනය

මෙම තාක්ෂනය නිසා මොබිල් ටච් ස්ක්‍රීන් තාක්ෂනය අපුර්ව ලෙස වෙනසකට ලක් වෙනවා. ඒ කියන්නේ මේ තාක්ෂනය නිසා විවිධ වූ ස්පර්ශ අත්දැකීම් විදීමට හැකියාව ලැබෙනවා....