අද බොහෝ දෙනා ගෙවන්නේ කාර්ය බහුල ජිවන රටාවක්. ඒ නිසා අපි බොහෝ විට පුරුදු වෙලා ඉන්නවා පිටින් අහර ගන්න. එනිසාම ඒවාගේ ඇති පෝෂණය හා සුරක්ෂිතභාවය ගෙන අපි දෙවරක් හිතන්න ඕනි. අද අපි ඔබව දැනුවත් කරන්නේ අවන්හලකට ගිහින් ආහාර තෝරාගන්න විදිහ ගැනයි.

මෙනු පත ගැන විමසන්න
අවන්හල් වල පිළියෙළ කරන ආහාර අධික මේදයෙන් යුක්තයි. ඒ නිසා ආහාර ඇනවුම් කරන්න කලින් මෙනු පත කියවා බලා ඒ පිලිබදව වේටර් කෙනෙකුගෙන් විමසා බලන්න. එවිට කැලරි ප්‍රමාණය අඩු අහාර මොනවද කියල ඔබ තීරණය කල හැකියි.

අතිරේක ද්‍රව්‍ය වලින් දුරස් වන්න
අවන්හල් වල පිළියෙළ කරන ආහාර වලට කුළු බදු වලට අමතරව විවිධ කෘතීම රසකාරක හා සෝස් වර්ග එකතු කරනවා.එම නිසා ආහාර ඇනවුම් කිරීමේදී කෘතීම රසකාරක එකතු නොකරන ලෙස ඉල්ලා සිටින්න. එසේ ඉල්ලා සිටීමට ඔබට අයිතියක් ඇති බව මතක තබා ගන්න.

සීනි අධික අහර වලින් වැළකෙන්න
පිටතින් ගන්න තිබෙන අතුරුපස බොහෝ විට අධික පැණි රසයකින් යුක්තයි. ඒ නිසා අවන්හලකදී අතුරුපස ඇණවුම් කිරීමේදී නැවුම් පලතුරු, කිරි පැණි වගේ දෙයක් ගන්න.

ස්වභාවික අහාර වල මුල් තැන දෙන්න
ආහාර තෝරා ගැනීමේදී ධාන්‍ය වර්ග, එළවලු, පලතුරු සලාද වලට මුල්තැන දෙන්න.ටින් කල ආහාර, පැකට් කල ආහාර ගැනීමෙන් හැකිතාක් වලකින්න. ඒ වගේම බීම වර්ග තොර ගැනීමේදී ස්වභාවික පලතුරු බීම වර්ග ඇණවුම් කරන්න අමතක කරන්න එපා. කෘතීම පැණි බිම වලින් සම්පුර්ණයෙන්ම ඉවත් වනවානම් එය වඩාත් ගුණදායකයි.

ගුණ විදිහට පිටින් කමු

සම්මුඛ පරීක්ෂනයක් අතරතුර දී හැසිරිය යුතු ආකාරය

සම්මුඛ පරීක්ෂනයක් (interview) අතරතුර දී ඔබ හැසිරෙන ආකාරය සහ ඔබේ BODY LANGUAGE මඟින් ඔබේ චරිත ස්වභාවය, ආත්ම විශ්වාසය, අන් අය සමඟ ගනුදෙනු කිරීමට ඔබට...

කාර්යාලයට යන යුවතියන්ට ගැලපෙන්නේ මෙන්න මේ විදිහටයි

රැකියාවක් කරන කාන්තාවන් ගොඩක් වෙලාවට අපහසුතාවයට පත්වෙන්නේ රැකියාවට ගැලපෙන්න ඇඳුමක් තෝරන්න ගියාම තමයි. වෘත්තිමය පෙනුමයි විලාසිතාවයි අතර එහෙට මෙහෙට කැරකෙන වෙලාවල් අපිට ඕනි තරම්...

රියලිටි දෙතොල් යුද්ධය

ලිප් සින්ක් බැට්ල් , එහෙමත් නැත්නම් තොල් සෙලවිමේ යුද්ධය කියන්නේ ඇමෙරිකාවේ සංගීත රියලිටි තරගාවලියක්.ක්‍රිසි ටයිගන් සහ කූල් ජේ තමයි මේ වැඩසහටහන මෙහෙයවන්නේ. මොකක්ද ඇත්තටම...

ඔයත් කැමතිද ස්වභාවිකව කොන්ඩෙ Straight කරන්න?

කාන්තාවන්ගේ සුන්දරත්වය ගැන කතා කරන කොට හිස කෙස් වලට හිමිවෙන්නේ සුවිශේෂී ස්ථානයක්. හැමෝම කැමතියි තමන්ගේ කොණ්ඩය ලස්සනට තියාගන්න. ඉතින් අද අපි කියල දෙන්නේ පැයක්...

මේ මගේ කතාවයි -07 කොටස

මම නෙත්මි. අවුරුදු 18ක දුවෙක් ඉන්න අවුරුදු 40ක අම්මා කෙනෙක්. බිරිඳක් නෙමෙයි. බිරිඳක් වෙලා හිටියද කියන්න නම් මමත් දන්නේ නෑ. අවුරුද්දක් වගේ කාලයක් මහ...

සිහින සහ සිදුවීම් වලින් කියවෙන සුබාසුබ

කිරි බඳුනක් රැගෙන යන කතක් ඔබ ඉදිරියට පැමිණියොත් ඔබ, යම් රාජකාරි කටයුත්තකට යන විට ඔබ ඉදිරියට " කිරි බඳුනක් රැගෙන එන " දරුවකු, ස්ත්‍රියක හෝ...

සයිබර් අවකාශීය ලිංගික ප්‍රචණ්ඩ ක්‍රියා

මොකක්ද මේ සයිබර් ලිංගික ප්‍රචණ්ඩ ක්‍රියා කියන්නේ? මින් අදහස් වන්නේ කාමුක දර්ශන ළමයි ඇතුලත් අසභ්‍ය දර්ශන අන්තර්ජාලයට මුදා හැරීම දීර්ඝ කාලයක් මුළුල්ලේ අන්තර්ජාලය හරහා කරන...

කාන්තා අයිතීන්ද මානව අයිතීන් වේ

 කාන්තා අයිතීන් කෙරෙහි පටු ලෙස බලන අයගේ විශ්වාසය වන්නේ අයිතීන් යනු කාන්තාවක් ලෙස උපත ලබා ඇති නිසාම ඔවුන්ට ලැබෙන වරප්‍රසාදයක් හෝ අසාධාරණ වාසියක් බවය.නමුත් මනුෂයන් වශයෙන් සියලු...

හිස කෙස් රකින ස්වභාවික සත්කාර

ඔබටත් හිස කෙස් පැසීම/ ගැලවී යාම/ හිස කෙස් තුනී වීම/හිස් හොරි ආදී ප්‍රශ්න තියෙනවද? කොතරම් ප්‍රතිකාර කලත් මේ සඳහා විසඳුමක් නැ කියන ඔයාලට අද...