ජීවිතය සොඳුරුය .. ඒ සොඳුරු ජීවිතය පුරා සතුටින් ජිවත් වීම සඳහා ලොව සියළුවම සත්වයෝ ගන්න උත්සාහයත් වෙර විර්යත් ඊට වඩා සොඳුරුය. ඒ අනුව ජීවිතය විඳවන්නට නොව නිරන්තරයෙන් විඳින්නට අපි සියල්ලෝම අපට කල හැකි සියල්ලක් කරන්නෙමු. ඒ අප ජිවිතයට ආදරය කරන නිසාය. දුක වේදනාව විඳදරාගනිමින් කුසගින්න දාහය සිතල විඳදරාගනිමින් ජීවිතය හමුවට බාහිරින් පැමිණෙන නින්දා ප්‍රශංසා යස අයස ආදී අටලෝ දහම මධ්‍යස්තව විඳදරා ගනිමින් ..සාර්ථකව ජීවිතය මුහුණු දෙන සියල්ලන්ගේම ජිවිත හැල හැප්පීම් මත නොවැටී ගලන ගංගාවකටත් වඩා සොඳුරුය. අපි ඔවුන්ට සොඳුරු මිනිසුන් යයි කියන්නෙමු. ..වාසනාවන්ත මිනිසුන් යයි කියන්නෙමු.

එහෙත් ඒ වාසනාවන්ත සොඳුරු මිනිසුන් අතර අවාසනාවන්ත අඳුරු මිනිසුන්ද සුළුතරයක් සිටිති. ඒ ජීවිතය හමුවට පැමිණෙන එක සුළු සිද්ධියකින් පවා ජීවිතය කලකිරී සියදිවි නසා ගන්නා මෝඩයින්ය. අපේ රටේ එවන් මොඩයින් වැඩි පිරිසක් නියෝජනය කරන්නේ තරුණ හා යොවුන් පරපුරය. එය සමස්ත ජාතියේම අවාසනාවක් යයි කියමනාය .
ආදරය අහිමි වූන තැන අනුනට රිදවන්නට සිය ජීවිතය රේල් පිල්ලකට ලණු තොන්ඩුවකට හෝ වස බෝතලයකට බිලි දෙන්නට තරම් බාල අදහස් ඇති ..ජිවිතයට මුහුණ දෙන්නට සවියක් නැති එවැනි අයෙකු අහිමි වීමෙන් කිසිවෙකුට රිදෙන්නේ නැති බව මුලින්ම කිව යුතුය. එවන්නෙකු තම ජිවිතයෙන් පලා යාම පිලිබදව ආදරය කල කිසිවෙකු පසුතැවෙන්නේ නැති බව නිසැකය.

මවු කුසට පැමිණි මොහොතේ පටන් තම දරුවන් වෙනුවෙන් ජිවිතයේ සියලු දේ කැප කල මවුපියන් පවා අමතක කොට ජිවිතයේ එක කාලපරිච්චේදයක හමු වූ අයෙකු අහිමි වීම නිසා සිය දිවි නසා ගන්න බොහෝ දෙනෙක් ඒ ඔස්සේ බලාපොරොත්තු වන්නේ මතු ආත්මයකදී හෝ හැර ගිය පෙම්වතා / පෙම්වතිය හා එකතු වන්නටය. එහෙත් තම ජිවිතයට ආදරයක් නැතිව සිය දිවි නසා ගන්නා කිසිවෙකුට ඊලග අයපත් ආත්මයක් හිමිවන්නේ නැත. බුදු දහමට අනුව නම් අවුනට හිමි වන්නේ කල්ප ගණනාවක් දුක් විදින්නට සිදුවන ප්‍රේත අත්මයන්ය.
තවත් සමහරු සියදිවි නසා ගැනීමෙන් තම ආදරවන්තයා හෝ ආදරවන්තිය තුල වීරයෙක් වන්නට උත්සහ කරති. ඒ සඳහා කරලිය පැමිණ ඇති සෙල්ෆි මෙනියාවද හවුල් කරගන්න ඔවුන් මෝඩ ක්‍රියාව වීර ක්‍රියාවක් ලෙස සමාජ ජාල ඔස්සේ සියල්ලන්ටම නරඹන්නට ද අවකාශ සලසමින් අන්තර්ජාලයට මුදා හරිති. එවැනි මෝඩ ක්‍රියාවකට අනුකම්පා කරනු මිස අනේ අපොයි කියන්නට හෝ බුද්ධිමත් කිසිවෙකු ඉදිරිපත් වන්නේ නැත. අතීතයේ මෙය නුගත් අය අතර බහුලව තිබුනත් දැන් එය උගත් සිසු දරුවන්ටද බෝවෙමින් තිබේ. හේතුව ඔවුන් උගත් වුවද බුද්ධිමත් නොවන නිසාය.
ඉතින් තත්වය එසේ නම් අප දැන් බරපතල ගැටලුවකට මුහුණ පාමින් සිටින්නෙමු. ඒ හෙට රට භාර ගන්නට සිටින්නේ තමාටත් ආදරය නොකරන , ජිවිතයට මුහුණ දෙන්නට ශක්තියක් නැති මන්දබුද්ධික දරු පිරිසකටය. එවැන්නන්ට ජීවිතය පිළිබද අවබෝධයක් නොමැත. ජිවිතයට මුහුණ දීමේදී හමුවන ගැටළු නිරාකරණය කර ගැනීම සඳහා ශක්තියක්ද නොමැත. ඒ සඳහා පවතින අධ්‍යාපන ක්‍රමයද වෙනස් විය යුතුය. ඒ පොත පතේ දැනුම පමණක් නොව ප්‍රයෝගික දැනුමද එකතු කරමිනි. ජිවිතයේ ප්‍රයෝගික අත්දැකීම් ලබාගන්න දරුවා බෙල්ලෙන් අල්ල පොලවේ ගැසුවත් නැවත නැගීසිටීමට උත්සහ දරනු ඇත.

ඔබත් ජීවිතය දිනන දරුවෙකු වන්න. ජීවිතය විදින්න ඉගෙන ගන්න. එවැනි දරුවන් රටටත් තමන්ටත් ආදරය කරන වාසනාවන්ත දරුවන්ය.

– උපුටා ගැනීමකි

ඔබ ඔබට ආදරෙයිද

ශ්‍රී ලංකාවේ ඉපිද ජාත්‍යන්තරය ඉදිරියේ ගෞරවයට පාත්‍ර වූ දිරිය කාන්තාව

ශ්‍රී ලංකාවේ (sri lanka) ඉපිද ජාත්‍යන්තරය ඉදිරියේ ගෞරවයට පාත්‍ර වූ දිරිය ව්‍යාපාරික (business) කාන්තාවක් (woman) ගැනයි අද මේ ලිපිය වෙන් වන්නේ. ඇය නමින් අයෝමා...

විවාහපත් කාන්තාවනි ඔබ ඇයි මෙතරම් තරබාරු වෙන්නේ

අද සමාජයේ දක්නට ලැබෙන තරබාරු (fat) අය අතුරින් බොහෝ දෙනෙක් කාන්තාවෝ ( married women) වෙති. එයට හේතු වන කරුණු අපට සමාජය තුලින්ම සොයාගැනීම අපහසු නොවේ....

සුන්දර මන්දාරම් නුවර

මන්දාරම් නුවර කියන්නෙ පිදුරුතලාගල කඳු පාමුල පිහිටි ලස්සන ගම්මානයක්. කඳු පන්තියකින් වටවෙලා තියෙන මේ ගම්මානය දවස පුරාම මන්දාරම් ස්වභාවයක් ගන්න නිසයි "මන්දාරම් නුවර" කියල ප්‍රසිද්ධ වෙලා...

භාණ්ඩ අලෙවියට හොදම ක්‍රමය කුමක්ද

කාගෙන් හෝ ණය මුදලක් ලබාගෙන එහෙමත් නැත්නම් ආයතනයකින් කුඩා ණය මුදලක් ලබාගෙන ස්වයං රැකියාවක් ආරම්භ කර දිවි දිනන්නට උත්සහ කරන බහුතරයක් අපි අතරේ සිටිනවා. ස්වයං රැකියා...

මේ මගේ කතාවයි – 10 කොටස ( අවසාන කොටස )

මම නෙත්මි. අවුරුදු 18ක දුවෙක් ඉන්න අවුරුදු 40ක අම්මා කෙනෙක්. බිරිඳක් නෙමෙයි. බිරිඳක් වෙලා හිටියද කියන්න නම් මමත් දන්නේ නෑ. අවුරුද්දක් වගේ කාලයක් මහ...

ඇඳුමට වෙන් වූ රහස් මෙන්න

ඇඳුම් පැළඳුම් තෝරා ගන්න, විවිධ විලාසිතාවන් හැඩවෙන්න යුවතියන්ගේ කැමැත්ත ඉතා ඉහලයි. ඇය තෝරාගන්නා විවිධ විලාසිතා අනුව ඇයගේ සුන්දරත්වය තව තවත් ඉස්මතු වෙනවා. ඒ නිසා...

චාරිකා – 07 කොටස

මේ කතාව අතීත කතාවක්. මම ඉස්කෝලේ යන කාලේ. ඒ කාලේ MOBILE PHONE, WHATSAPP, FACEBOOK ඔය මුකුත්ම තිබුණේ නැති කාලයක්. හැබැයි හරිම සුන්දරයි. ඒ කාලේ CALL...

හැමදාම තරුණ බව තියාගන්න නම්

අවුරුදු 30 වෙනකොට තමයි අපිට දැනෙන්න පටන් ගන්නේ අපිත් දැන් වැඩිහිටියෝ වෙලා කියල. පිස්සු නට නටා අම්මගෙන් බැනුම් අහ අහා හිටපු කාලේ ඉවරයි කියලා...

ඉන්දියානු රුමතියන්ගේ රුපලාවන්‍ය රහස්

ඉන්දියාව කියන්නේ ලෝකයේ ලස්සනම කාන්තාවන් සිටින රටවල් අතුරින් ප්‍රමුඛ ස්ථානයක් ගන්නා රටක්. ඒ වගේම ලස්සන කාන්තාවන් වදින ප්‍රමාණයක් ඉන්න රට තමයි ඉන්දියාව. මොකක්ද මේ...