ඉස්සර කාලේ.. ඒ කියන්නේ 1970 දශකයේ කෙල්ලන්ගේ ( Girl ) මෝස්තරය වුනේ මිනි ගවුම්, මිනි ස්කර්ට්. එහෙම ඇඳපු අම්මලත් ඒකට අවුලක් තිබ්බේ නැති තාත්තලත් අද ගොඩක් වෙලාවට දුවගේ, ලේලිගේ ගවුමේ දිග පළල බලනවා.

 

කොටට අඳින එක ගැන ගැහැණු ළමයින් ( Girl )  කියන්නේ මෙහෙමයි

කෙල්ලෝ කොටට අඳින්නේ ඇයි කියලා ඇහුවම එයාලගේ උත්තරේ තමයි ලෙසියටත් පහසුවටත් එහෙම කරනවා කියන එක. ස්පෝර්ට්ස් කරන ගැණු ළමයි practice කරන වෙලාවට අන්දින්නෙම කොට සායවල්. මොකද පහසුවෙන් පාද චලනය කරන්න පුළුවන්. හරිම නිදහස්, ඒ වගේම තමා fashion එක. කොටට අඳින එකත් විලාසිතාවක් ඉතිං එක එක විදිහේ fashion කරන්න කැමති ගැහැණු ළමයි කොට ගවුම් සහ කොට සායවල් තෝරාගන්නවා.

 

ගැහැණු ළමයි ( Girl ) ගැන සමාජයේ තියන මතය

අපේ සමාජයේ තියෙන මතයක් තමයි කොටට අඳින ගැහැණු ළමයි නරකයි කියන එක. ඒ කියන්නේ විලුඹ ලඟට දිග ඇඳුමක් ඇඳලා ඕනි දෙයක් කළාට එයාල නරක නෑ කියන එකද? සුද්දා ලංකාවට එන්න කලින් අපේ තිබුනේ නැහැ කෙල්ලෝ දිගට දිගේ අඳිනවා.කියලා සංස්කෘතියක්.එදා හෙළදිව, මැකී ගිය දඩමං ලොවීනා වගේ පොත් කියවපු අය දන්නවා ඇති කෙල්ලන්ගේ ඇඳුම් මෝස්‌තර තිබ්බේ කොහොමද කියලා. කකුල පෙන්නේ නැතිවෙන්න දිගට අදින්න ඕනි කියන සංකල්පය අවේ වික්ටෝරියානු සංස්කෘතියෙන්. ඉතිං අපේ අහුකොන් වල තාම වික්ටෝරියා සංස්කෘතිය ඉතුරුවෙලා තියනවානේ.

 

ඇයි කොල්ලෝ කැමති කොටට අඳින ගැහැණු ළමයින්ට ( Girl )

කොච්චර නෑ කිවුවත් කෝල්ලෝ කැමතියි කොටට අඳින කෙල්ලන්ට. ඒත් එයාලගේ පුරුෂධිපත්‍යට හානියක් වෙයි කියලා, එයාල කැමති ගණුන්ව වහල තියන්න. එකනේ කොටට අඳින කෙල්ලෝ දිහා හොරෙන් බලන කොල්ලා තමන්ගේ පෙම්වතියට, සහෝදරියට තහංචි දාන්නේ.සංස්කෘතිය ඔළුව උඩ තියන් ඉන්න අයට නම් කොට සාය, කොට ගවුම තරම් භයානක දෙයක් තවත් නැහැ. එයාලගේ මතය තමයි කොටට ඇන්දම ස්ත්‍රී දුෂණ වැඩිවෙනවා කියන එක. පහුගිය කාලේ දුෂණයට ලක් වුන ගැහැණු ළමයි, තරුණියන් වගේම වයසක ආච්චිලා ගැන බැලුවම නම් පෙන්නේ නෑ එයාලා කොටට ඇඳගෙන හිටපු බවක් .

 

සංස්කෘතිය කියාගෙන ගණු ළමයි පිරිමි ළමයි වෙන් කරලා හැදුවම එයාලට විරුද්ධව ලිංගිකයා මැජික් එකක් වෙනවා. කුතුහලය වැඩියි. ඊට පස්සේ internet එකේ දකින දේවලුයි අනිත් දේවලුත් එක්ක ලිංගිකත්වයට තියෙන කුතුහලය, ආශාව තව වැඩිවෙනවා. එතකොට ඔලුවේ ඉඳලා කකුල් දෙකට වහගන්න ආච්චි කෙනෙක් වුනත් කමක් නැහැ කියන තත්වෙටයි පත්වෙන්නේ. එහෙම කරන්නේ නැතුව ගැහැණු පිරිමින්නට පිරිමි ගැහැණුන්ටත් ගෞරව කරන්න, සහයෝගයෙන් වැඩ කරන්න පොඩි කාලේ ඉඳන් පුරුදු කරනවානම් මොන ඇඳුම ඇන්දත් සංස්කෘතියට මොකුත්ම වෙන්නේ නැහැ.

 

ඒ වගේම කොටට  අඳින කෙල්ලොත් මතක තියාගන්න ඕනි යන්නේ කොතනටද කියා දැනගෙන අඳින්න. කොටට ඇඳගෙන පන්සලට යන්න බැහැනේ. පන්සල කියන්නේ ආගමික ස්ථානයක්. එතනට යන්න අරමුණක් අපිට තියනවා. ඒවාට අපි ගරු කරන්න ඕනි. ( කොල්ලන්ටත් මේක අදාලයි හොඳේ ). ඒ වගේම කොටට ඇඳන් ගිහින් බිම වැඩිවෙනකොට වාඩි වෙනකොට ඔබවම තමයි අපහසුතාවයට පත් වෙන්නෙත්.

 

කෙල්ලෝ කොටට අඳින එකට කලබල වෙන කොල්ලන්ට කියන්න තියන තමයි කොල්ලෝ short අඳින්නේ මොකටද?කියලා තමන්ගෙන්ම අහගන්න කියන එක තමයි. ඉතිං කෙල්ලෝ කොටට ඇන්දම කාටවත් මොකෝ…..

 

Girl

 

කෙල්ලෝ කොටට අඳින එකට ඇයි මේ කලබලේ

වෙනස් වීදිහට කුකුළු මස් කන්න කැමති අයට

අපි හැමදාම කුකුළු මස් කන්නේ කරී චිකන් හදල. එහෙමත් නැත්නම් ඩෙවල් දාලා. ඉතින් හැමදාම එකම විදිහට චිකන් කන්නේ නැතුව වෙනස් විදිහකට චිකන් කන්න කැමති...

සමුද්‍ර සමග beauty

අපි makeup භාවිතා කරනකොට අපි නොදැනුවත්ම අපේ අතින් වැරදි රාශියක්ම සිදුවනවා. ඉතින් අපි අද කතා කරන්නේ makeup වැරදි ගැනයි. 01 makeup එකක් තෝරාගන්නේ කොහොමද? අපි මුලින්ම අපට තිබෙන...

ශ්‍රී ලංකා බංග්ලාදේශය තරගය ගැන ICC යෙන් පූර්ණ පරීක්ෂණයක්

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඊයේ (17) පැවති පන්දුවාර 20 තරගයේ ඇතිවූ කලහකාරී සිදුවීම් සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පැවැත්වීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා....

ලිංගික සම්බන්ධතාවයකදී ඇයි මේ ලිංගික ඉන්නන් රෝගය වැළඳෙන්නේ

මාරාන්තික ලිංගාශ්‍රිත රෝගයන්ට ගොදුරුවන්නන්ගේ ප්‍රමාණය දින දින සීඝ්‍ර ලෙස වැඩි වෙමින් පවතිනවා. ඉතින් අපි පහුගිය ලිපි පෙලින් කතා කළා අනාරක්ෂිත ලිංගික සම්බන්ධතාවයන් නිසා ඇතිවන ලිංගික රෝග...

මේ සතිය ඔබට

මේෂ ව්‍යාපාර වලින් ලාභ බුධ දහවැන්නේ ගමන් කිරීම ඉතා යහපත්ය. ව්‍යාපාර කටයුතුවලින් වැඩි ලාභ ප්‍රමාණයක් බලාපොරොත්තු වීමට පුළුවන. බලවත් පුද්ගලයින්ගේ උදවු උපකාර ලැබිය හැක.ජනප්‍රියතාවය වැඩිවෙයි....

රෙක්සාගෙන් අලුත් වැඩක්

දැනට ලොව සිටින හොඳම ගායන තරු අතර බේබි රෙක්සා ඉදිරියෙන්ම සිටිනවා. ඇයගේ ඩාන්ස් ගීතයෙන් පසුව මෙන්ට් ටු බි ගීතය නැවතත් දර්ශක අතර හිනිපෙත්තට ඇය...

ස්භාවිකව සම පැහැපත් කරගන්න කැමති ඔයාට

අපි හැමෝම කැමතියි ලස්සනට ඉන්න. විවිධ ක්‍රිම් වර්ග භාවිතා නොකර ස්වභාවික ආකාරයට සම දිප්ත්මත් කරගන්න පුලුවන්නම් කොච්චර හොඳද? ඉතින් https://thewoman.lk අපි හැමදාම ඔයාට කියල...

දන්නා ආහාරවල නොදන්නා ගුණ

ලප සහිත කෙසෙල් කෙසෙල් ගෙඩි තරමක් ඉදුණු විට , කෙසෙල් ගෙඩි මත ලප තිබෙනවා ඔබ දැක තිබෙනවා නේද? මෙම ලප වල ඇති TNF නමැති පිළිකා...

අයුක්තියට එරෙහිව නැගී සිටි රූමතියගේ කඳුළු කතාව

බොහෝ තරුණියන් ජීවිතය අත් හරින තැනකදී චමල්කා තමන්ගේ ජීවිතය වෙනුවෙන් සටන් කළා. ඒ විඳපු දුක තම නැවත ජීවිතය ගොඩ නගන්න චමල්කාට හයියක් වුණේ. කාන්තාවන්ගේ...