ගෙවත්තේ තියෙන මලින් පිරුන ගසක් දැකීම දෙනෙතට කොයි තරම් ප්‍රියංකර දර්ශනයක්ද? අදරය, සතුට වගේම ශෝකය පෙනවන්නත් මල් වලට පුළුවන්. ඉතින් අද අපි කතා කරන්නේ ඔබේ ගෙවත්තට කානේෂන් මල් පාත්තියක් එකතු කරගන්නේ කොහොමද කියලා.

දේශගුණය
කානේෂන් හොදින් වැවෙන්නේ කඳුකර ප්‍රදේශයන් වලයි. මුහුදු මට්ටමේ සිට අඩි 3000 ට වැඩ උස් ප්‍රදේශවල කානේෂන් ඉතා හොදින් වවන්න පුළුවන්. සාමාන්‍ය රාත්‍රී උස්ණත්වය සෙන්ටිග්‍රේඩ් 24 – 26 ප්‍රමාණයක් මේ මල් වගාව සඳහා ඉතාම සුදුසුයි.

පාත්ති සැකසීම හා වගා මාධ්‍ය

මීටර් 1 පළල හා ඔබට අවශ්‍ය ප්‍රමාණයට දිග පාත්ති සකසා අඟල් 6ක පමණ උස උළු කැට වලින් පාත්තිය වටේට සකසා ගන්න. ඒ තුලට වියලි ගොම කොටස් 6 ක්රතු පස් කොටස් 4ක් , ගංගා වැලි කොටස් 3ක් කොළ පොහොර කොටස් 2 ලෙස දමා සකසා ගත් වගා මාධ්‍ය පුරවා ගන්න. මුල් අද්දවා ගත් අතු කැබලි අඩියක පමණ පරතරය සිටින සේ සිටුවන්න.

පැල ලබා ගැනීම
කානේෂන් ප්‍රචාරණය බහුල වශයෙන් අතු කැබලි මගින් සිදු කරයි. අතු කැබලි අඟල් 2 -3 ප්‍රමාණයට ලබාගෙන හොඳින් ජීවානුහරණය කරන ලද වැලි කොටස් 1ක් කොහු බත් කොටස් 1ක් මිශ්‍රණයක් සදා අඟල් 1 1/2 පරතරය ඇතුව සිටුවා දින 28-35 අතරදී මුල් අද්දවා ගත හැකිය.
බීජ මගින් සිදු කරනවා නම් තාවාන් දැමීම සිදු නොකළ යුතුය. කොළ පොහොර කොටස් 1ක් වැලි කොටස් 1ක් යන මාධ්‍ය මෙයට උචිත වේ.

අග්‍රස්ථ ජේදනය
පැල සිටුවා දින 40-50 අතර අග්‍රස්ථයේ සිට පත්‍ර යුගල 5-7 අතර ජේදනය කරනු ලැබේ.ඉන්පසු මාස 3 -3 1/2 ක් අතර කාලය තුල මල් හට ගනී.

ගෙවත්තට කානේෂන් මල් පාත්තියක් එකතු කරමු

උත්සව අවස්ථාවකට දැල්ලන් කරියක්

දැල්ලන් කියන්නේ ප්‍රෝටීන් බහුල ආහාරයක්. ඒවගේම තමයි තරමක් උෂ්ණාධික කෑමක් විදිහටත් දැල්ලන් හදුන්වන්න පුළුවන්. බොහෝ වෙලාවට උත්සව අවස්ථාවන්වලදී කුකුළු මස් කාරී එහෙමත් නැත්නම් මලු...

මෝහන ප්‍රතිකාරයේ විශ්මය

" ස්වාපනය " නොඑසේ නම් මෝහන නිද්‍රාවට පත් කිරීම තුළින් විවිධ වූ මානසික රෝග පිඩාවන්ට සහනය ලැබිය හැකි බව ඔබත් අසා ඇති. මෙලෙස නින්දකට...

සෙල්ෆි කලාවේ නවතම පෙරලිය VIVO V7

ලොව වේගයෙන්ම ව්‍යාප්ත වන ස්මාර්ට් ජංගම දුරකතන සන්නාමයක් වන VIVO සිය V series දුරකතන පෙළට එක්වුණු නවතම දුරකතනය වන VIVO V7දුරකතනය දෙසැම්බර් 24 දින...

පොලිසිය සහ ලිංගික ක්‍රියාකාරිකයන්

පොලිසියත්, ( sri lanka police) ලිංගික ක්‍රියාකාරිකයනුත් අතර යහපත් සම්බන්ධයක් නැත. පොලිසියට ඒ අය අල්ලා ගැනීමට මාන බලන බව ලිංගික ක්‍රියාකාරිකයින්ගේ අදහසය. එවැනි පොලිස්...

සම්මුඛ පරීක්ෂනයක් අතරතුර දී හැසිරිය යුතු ආකාරය

සම්මුඛ පරීක්ෂනයක් (interview) අතරතුර දී ඔබ හැසිරෙන ආකාරය සහ ඔබේ BODY LANGUAGE මඟින් ඔබේ චරිත ස්වභාවය, ආත්ම විශ්වාසය, අන් අය සමඟ ගනුදෙනු කිරීමට ඔබට...

උයන පිහන මේ රහස් ටික දන්නවනම් ඔයාටත් පුළුවන් හොඳම ගෘහණිය වෙන්න

ඔබට ඔබේ කෑම වල රසය සහ ගුණය වැඩි කර ගන්න පුලුවන්නම් රසකාරක නොයොදන එක ඔබේ ශරීර සෞඛ්‍යටද ඉතාමත් හිතකරයි. අද අපි ඔබට කියලා දෙන්නේ...

නවාතැනේ සිරවූ තරුණයෙකුගේ කතාව – Trapped

ශවුර් කියන්නේ මුම්බායි නගරයේ ඉන්න තරුණයෙක්. ඔහුගේ පෙම්වතිය තමයි නුරි. ඔවුන්ගේ සම්බන්ධයට නුරිගේ ගෙදරින් කැමති නෑ . ඒ නිසා ඇයව වෙන කෙනෙකුට විවාහ කර...

චාරිකා – 06 කොටස

මේ කතාව අතීත කතාවක්. මම ඉස්කෝලේ යන කාලේ. ඒ කාලේ MOBILE PHONE, WHATSAPP, FACEBOOK ඔය මුකුත්ම තිබුණේ නැති කාලයක්. හැබැයි හරිම සුන්දරයි. ඒ කාලේ CALL...

Facebook ඉන්න අම්මලාටයි

මුහුණු පොත එහෙමත් නැත්නම් Facebook කියන්නේ අද අතිශය ජනප්‍රිය සන්නිවේදන මාධ්‍යක්. ඒ විතරක් නෙමෙයි ජිවිතයට නැතුවම බැරි අංගයක් වෙලා. බටහිර ජාතින් මෙවැනි දියුණු තාක්ෂණික...