හැත්තෑව දශකයේ අතිශය ජනප‍්‍රිය හා ප‍්‍රබල කාටූන් චරිතයක් වූ කැමිලස් පෙරේරාගේ ”ගජමෑන්” ඇතුළු එම නිර්මාණවේදියා විසින් මෙරට පාඨකයින් හමුවේ තබන ලද තවත් අතිශය ආකර්ශනීය කාටූන් චරිත සමූහයක් පාදක කොට ශ‍්‍රී ලංකාවේ තැනෙන ප‍්‍රථම ත‍්‍රිමාණ සජීවීකරණ චිත‍්‍රපටය නොබෝ දිනකින් රට පුරා ප‍්‍රදර්ශනය කිරීමට සැලසුම් කොට තිබෙනවා.

“ගජමෑන්” චිත‍්‍රපටය අධ්‍යක්ෂණය කරනුයේ චානක පෙරේරායි. ත‍්‍රිමාණ සජීවිකරණය, තොරතුරු තාක්ෂණය හා වෙළෙඳ දැන්වීම් නිෂ්පාදන ක්ෂේත‍්‍රයේ නියුතු චානක පෙරේරා ශාන්ත පීතර විදුහලේ අධ්‍යාපනය ලබා පසුව ඕස්ට්‍රේලියාවේ, ස්වින්බර්න් විශ්වවිද්‍යාලයෙන් බහුමාධ්‍ය පිළිබඳව උසස් අධ්‍යාපනය ලැබූවෙකි.

මෙරට පුවත්පත් කලාවේ අසීමිත ජනාදරයට පාත‍්‍ර වූ අතිප‍්‍රබල ප‍්‍රකාශනාත්මක චරිතයක් නූතන සන්නිවේදන ලෝකය හමුවේ තැබෙන “ගජමෑන්”ත‍්‍රිමාන සජීවීකරණ චිත‍්‍රපටය නිර්මාණය කොට ඇත්තේ ජේම්ස් කැමරන්ගේ ”ඇවටාර්” හා ස්ටීවන් ස්පිල්බර්ග්ගේ ”ටිං ටිං” වැනි ලෝ සුපතල දැවැන්ත බටහිර සිනමා කෘති නිර්මාණය කරන ලද ”මෝෂන් කැප්චර්” (Motion Capture තාක්ෂණය යොදා ගනිමිනි).

”චලන ග‍්‍රහණය” යනුවෙන් අර්ථ ගැන්වෙන මෙම මෝෂන් කැප්චර් තාක්ෂණය සිනමා මාධ්‍යයට එක් වන්නේ මෘදුකාංග ආධාරයෙන් සජීවීකරණය කළ චරිතවල ක‍්‍රියාවන් සැබෑ නළු නිළියන්ගේ චලනයන්ට අනුගත කෙරෙන නව සජීවීකරණ විධික‍්‍රමය වශයෙනි. මෙම මෝෂන් කැප්චර් ක‍්‍රමවේදය සඳහා රංගනයෙන් දායක වී ඇත්තේ දසුන් පතිරණ, චාමර ප‍්‍රියදර්ශන සමග කසුනි. ප‍්‍රදීප්, ටිරාන්, ශරදා යන අයයි, මෙහි හඬ රංගනයෙන් දායක වන ප‍්‍රධානතම රංගන ශිල්පීන් දෙපළ වන්නේ මෑත යුගයේ නිර්මාණාත්මක හාස්‍යෝත්පාදක නිරූපනයේ අතිශය ජනප‍්‍රිය චරිත ද්විත්වය වන චූටි මල්ලි සහ පොඩි මල්ලී යන චරිත යුගළට පණ පෙවූ සුනෙත් චිත‍්‍රානන්ද හා ගාමින්ද ප‍්‍රියවිරාජ් යන රංගන ශීල්පීන්ය.

ගජමෑන් චිත‍්‍රපටයේ තිරරචනය ලියන ලද්දේ ද ඔවුන් දෙදෙනා විසිනි. ඔවුන් සමග රෂී ප‍්‍රබෝධා, යුරේනි නොෂිකා සහ සුනිල් පෙරේරා යන අය ද මෙහි හඬ රංගනයෙහි නියැලෙති.

රු. මිලියන 75කට අධික වියදමක් දරා 2010 වසරේ පටන් නිෂ්පාදන කටයුතු සිදු කරන්නා වූ මෙම චිත‍්‍රපටය නිෂ්පාදනය කරනු ලබන්නේ ස්ටූඩියෝ 101 ආයතනය විසිනි.

 

ලංකාවේ නිර්මාණය වන ප‍්‍රථම ත‍්‍රිමාණ සජීවීකරණ චිත‍්‍රපටය – “ගජමෑන්”

නිවසේ ඇතුලත මෙන්ම පිටතත් හැඩකරන බිගෝනියා

දැක්ක ගමන් නෙත් සිත් වශීකරන ශාක අතරින් බිගෝනියා ඔබගේ නිවස පිටත මෙන්ම ඇතුළතද ලස්සන කරයි. * වර්ග රැසයි මෙම ශාකයේ ගොඩක් පාට මෙන්ම විවිද රටා වලින්...

ලිංගික ක්‍රියාකාරකම් සහ ලිංගික ක්‍රියාකාරීන් ඇති වන්නේ ඇයි – 1 කොටස

ලිංගික ක්‍රියාකාරීන් ( ගණිකාවන් ) රැසක් ඇතිවන්නේ මොන මොන හේතුන් නිසාද? සමාජයක් ලිංගික ක්‍රියාකාරකම් වලට නතු වන්නේ මොන විදිහට ද? මේ ප්‍රශ්න වලට උත්තර...

Facebook තහනම ඉවත් කරන දිනය මෙන්න

Facebook සමාජ ජාලයට තිබු තහනම 16 වන දින ඉවත් කරන බව හරීන් ප්‍රනාන්දු මහතා පවසා සිටිනවා. Facebook සමාජ ජාලා තහනම සම්බන්ධයෙන් කටයුතු කිරීමට එහි...

ඇයි ලිංගික හර්පිස් රෝගය නිට්ටාවට සුව කල නොහැකි

අපි සමාජය තුල බහුලවම දකින තවත් රෝග තත්වයක් තමයි හර්පිස් ( Genital herpes ) කියන්නේ, නැත්නම් Herpes simplex කියන රෝග තත්වය. ලිංගික හර්පිස් කියලා...

තම දරුවන් ඉදිරියේ දෙමවුපියන් තම බලය පෙන්වන්නේ බලාගෙනයි

පුංචි දරුවන් කියන්නේ හැමවෙලේම වැඩිහිටියන් අනුකරණය කරන කොටසක්.හොද හෝ වැරදි වේවා තමන් සමඟ නිතර ගැවසෙන වැඩිහිටියන්, දෙමවුපියන් කරන කියන දේවල් අනුකරණය කරන්න දරුවන් පෙළඹෙනවා. නිවස...

දුරකතනයට හොද කවරයක් තෝරාගන්නේ මෙහෙමයි

ඉහල මිලක් දීල ස්මාර්ට් දුරකතනයක් ගන්නේ ෆැෂන් එකට වගේම කාලයක් පාවිච්චි කරන්නත් එක්කයි. නමුත් එයට කවරයක් නොදා සිටීමෙන් හදිසි අවස්ථාවකදී බිම වැටීමක් වැනි දෙයක්...

දුවරු ගැන වෙනස් විදිහකට හිතමුද?

සතුටු පවුල සංවර්ධනය සඳහා දුවරු ඇති දෙමව්පියන්ට, ඔබ තම දියණියගෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද? තීරණ ගැනීමට එඩිතර නැති පෞර්ෂයෙන් අඩු කෙනෙකු වීමද? එහෙම උනොත්, සමාජයේ නායකත්වයට පත්...

online සාප්පු සවාරියක් යමු

පෝලිමේ සිට සාප්පු තුන හතරකට පයින්ම ගොස් කේවල් කොට බඩු ගත්ත කාලයට තිතක් වැටුනේ මේ online සාප්පු සවාරි නිසයි. කිසිම තදබදයක්, රස්තියාදුවක්, මහන්සියක් නැතුව...

ලිංගික සම්බන්ධතාවයකදී ඇයි මේ ලිංගික ඉන්නන් රෝගය වැළඳෙන්නේ

මාරාන්තික ලිංගාශ්‍රිත රෝගයන්ට ගොදුරුවන්නන්ගේ ප්‍රමාණය දින දින සීඝ්‍ර ලෙස වැඩි වෙමින් පවතිනවා. ඉතින් අපි පහුගිය ලිපි පෙලින් කතා කළා අනාරක්ෂිත ලිංගික සම්බන්ධතාවයන් නිසා ඇතිවන ලිංගික රෝග...