පුංචි ළමයි ගොඩක්ම කැමති කෑමක් තමයි ඉක්ලෙයර්ස් කියන්නේ. ඉතින් අද ඔයාලට කියාලා දෙන්නේ ගෙදරදීම ඔබගේ දුවට පුතාට ඉතාමත් රසවත් ඉක්ලෙයර්ස් සාදා ගන්නා ආකාරය යි.

ඉක්ලෙයාර්ස් සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය

පිටි 300g
බටර් 200g
වතුර 500ml
බිත්තර 5 – 8
ලුණු 8g
සීනි 8g
වැනිලා ස්වල්පයක්

සාදන ක්‍රමය

1) අඩිය ඝනකම් භාජනයක් ගෙන එයට වතුර දමා ලිපේ තබා රත් වී එන විටදී බටර් දමා හොඳින් බටර් දියවන තුරු කවලම් කරන්න. දැන් එයට ලුණු, සීනි හා
වැනිලා දමා කවලම් කර ගන්න.

2) ඉන්පසු එයට ලිපෙන් බාගෙන පිටි දමා කවලම් කරගන්න. හොඳින් ගුලියක් වන තුරු අනා ගන්න.

3) නැවත එය ලිපෙන් තබා මඳ ගින්නේ ස්වල්ප වෙලාවක් රත් කර ගන්න.

4) එය භාජනයකට දමා නිවෙන්නට හරින්න.

5) දැන් එයට බිත්තර ක්‍රමක්ක්‍රමයෙන් දමා එක් දිශාවකට විනාඩි 15ක් පමණ කලවම් කර ගන්න.
( එක් පැත්තකට පමණක් කලවම් කිරීම කල යුතුයි. )

6) පයිපින් බෑගයක් රැගෙන එයට මිශ්‍රණය පුරවා අවශ්‍ය හැඩයට මිරිකා ගන්න.

7) 200 °C උෂ්ණත්වයට විනාඩි 20 – 30 අතර කාලයක් බේක් කරගන්න.

 

නිවුණු පසු බටර් ක්‍රීම් හෝ චොක්ලට් ක්‍රීම් ඇතුලට තවරා උඩින් චොක්ලට් ක්‍රීම් තවරා ගන්න.

 

 

පුංචි ළමයි කන්න ආසම ඉක්ලෙයාර්ස් ගෙදරදීම හදමු

කොහොමද පවුල් සැලසුම් ක්‍රමයක් නිසි ආකාරව භාවිතා කරන්නේ – 3 කොටස

පවුල් (family planning) සංවිධාන ක්‍රම අපි භාවිතා කරන්නේ යුවලකට පළමුවෙනි දරුවා පමා කරගැනීමට සහ දරුවෙක් ලැබුනට පසුව ( එක්කෙනෙක් හෝ දෙදෙනෙක් හෝ ඊට වැඩි...

එඩ්නා සුගතපාල අප අතරින් සමුගනියි

1946 ජනවාරි 03 වන දින පානදුරයේදී උපත ලද ඇය කුඩාකල සිටම කලා අභාෂය ලබා සිටියාය. පියානෝ වාදනයට ඈ සමත්කම්පෑවේ පැසැල් වියේදීමය. 1966 වසරේ ගැහැණු...

අමුතු මැක්ගේ අමුතු සටන

උපන්දින සඳහා තනන ඉටිපන්දම් බෝම්බ බවටත්, කඩදාසි රැඳවුම් කටු පිස්තෝල බවටත් , ගම් වර්ග තුවක්කු සඳහාත් පරිවර්තනය කොට ලෝකයේ ත්‍රස්තවාදයට එරෙහිව සටන් වදින අසාමාන්‍ය...

අත්වැල ගිලිහී – 01 කොටස

මට මගේ අම්මා ගැන මතකයක් නෑ. තාත්තගෙන් ඇහුවට කවදාවත් මට උත්තරයක් දුන්නෙත් නෑ. මට අම්මාව දකින්න තිබුණ එකම විදිය තාත්තා ළඟ තිබුණ පුංචිම පුංචි...

චාරිකා – 07 කොටස

මේ කතාව අතීත කතාවක්. මම ඉස්කෝලේ යන කාලේ. ඒ කාලේ MOBILE PHONE, WHATSAPP, FACEBOOK ඔය මුකුත්ම තිබුණේ නැති කාලයක්. හැබැයි හරිම සුන්දරයි. ඒ කාලේ CALL...

මිනි අයන් ගැජට්

අයන් කරන්නේ නැතුව ඇඳුම් අඳින ගැහැණු ළමයෙක් නැති තරම්. ගැහැණු ළමයි හරි පිළිවෙලයි. ඇඳුම් ගැන නම් හරිම සැලකිලිමත්.පුළුවන් නම් පොඩි අයන් එකක් අත් බැග්...

තැනට ගැලපෙන saree jacket විලාසිතාවක් තෝරමු

ගිය වර ලිපියෙන් අපි පොරොන්දු උන විදිහටම මේ ලිපියෙන් අපි සුදානම් වෙන්නේ සාරි විලාසිතා පිලිබඳ ටිකක් කතා කරන්න. සාරිය කියලා කියන්නේ ඕනෑම යුවතියකට ගැලපෙන, ඕනෑම...

වසරේ ව්‍යවසායිකාව 2017 සඳහා අයදුම්පත් කැඳවයි

කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය 'වසරේ ව්‍යවසායිකාව 2017 සඳහා අයදුම්පත් කැඳවයි'   පසුගියදා පැවති උත්සවයකදී වසරේ ව්‍යවසායිකාව 2017වැඩසටහන නිල වශයෙන් දියත් කිරීමට කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය...

ලිංගිකත්වය මනස සමග පොරබැඳි සත්‍ය කතාවක්

මම හිමාලි.මගේ වයස අවුරුදු 28ක්.මම වෘත්තියෙන් විධායක නිලධාරිනියක්.මගේ සැමියා කමල්.එයාට වයස අවුරුදු 32ක්.එයා වෘත්තියෙන් ගණකාධිකාරිවරයෙක්.අපිට බබාලා හිටියේ නෑ.ඒ නිසා අපි හරිම සිත් තැවුලෙන් හිටියේ.ගෙවල්...