ඔබ ගන්නා අහාරය ඔබ ගන්නා පානය ඔබේ මනෝභාවයට පමණක් නොව, ඔබේ සිතිවිලි වල පැහැදිලිකමටද බලපාන බව ඔබ දන්නවා ද? ඈත අතීතයේ සිට ප්‍රඥාවන්තයින් සැහැල්ලු ආහාර පමණක් ආහාරයට ගත්තේ එබැවිනි. ඊට වඩා වැඩි දෙයක් අනුභව කළහොත් එය ඔවුන් අසීරුවෙන් ගොඩනඟා ගත සන්සුන් මනසට හිරිහැරයක් වන අතරම ජිවිතයේ සැබෑ අරුත ගැන මෙනෙහි කරමින් යෙදෙන භාවනාවන්ටද බාධාවක් වන බව ඔවුන් දැනගෙන සිටියේය.

ඔබ සතුව මිල අධික ෆෝමියුලා වන් රේස් කාරයක් ඇත්නම් ඔබ එයට යොදන්නේ හොඳම ඉන්ධන මිස බාල වර්ගයක් නොවේ. ඊට වඩා අඩු දෙයක් යෙදුවහොත් වාහනයේ ක්‍රියාකාරිත්වය අඩු වෙනවා නේද? එසේ නම් වාහනය ක්‍රියාකාරිත්වයට වඩා බෙහෙවින් වටිනා ඔබේ සිරුර තුලට ඔබ හොඳම දේ මිස වෙනත් දේවල් දමන්නේ ඇයි ? වැරදි ආහාර විශාල ප්‍රමාණයෙන් ගැනීම මඟින් ඔබේ ශක්ති මට්ටම හීන වෙනවා. එය ඔබේ සෞඛ්‍යට අහිතකර ලෙස බලපානු ලැබේ. එවිට ඔබේ මනස මුළු ශක්තියෙන් ක්‍රියා කිරීම වැළකෙයි. ඔබ ගන්නා සෑම තෙල් සහිත ආහාර වේලක්ම නිසා, ඔබේ උත්තේජන මට්ටම සහ ඵලදායකත්වයද සාපේක්ෂව පහළ වැටෙයි. ඒ බව අවබෝධ කර ගැනීම වඩාත් හොඳ ආහාර පුරුදු ගොඩනඟා ගැනීමේ ප්‍රථම පියවරයි.

ඔබේ ශක්ති මට්ටම සහ ඔබේ මානසික මට්ටම ඉහල නැංවීමට යොදා ගත හැකි උපක්‍රමයක් නම් නැවුම් පලතුරු යුෂ පානය කිරීමය. ඔබ සදා ගන්නා යුෂ බඳුනක රස ඉතා ඉමිහිරිය. ඔබේ වැඩ කටයුතු ඇරඹීමට පෙර සෑම උදෑසනකම ස්ට්‍රෝබෙරි – ඇපල් යුෂ වීදුරුවක් හෝ දොඩම් – මිදි යුෂ වීදුරුවක් පානය කිරීම මඟින් දැනෙන ප්‍රමොදජනක හැඟීම විස්තර කිරීමට පවා අපහසුය.

 

උපුටා ගැනීමකි

 

නැවුම් පළතුරු යුෂ පානය කිරීමෙන් දැනෙන ප්‍රමෝදජනක හැඟීම විඳගන්න

අපූරු රුපලාවන්‍ය රහස් 15ක්. ඔබත් අත් හදා බලන්න

අපි හැමෝම කැමතියි ලස්සනට ඉන්න. හැබැයි ඒ ලස්සන පවත්වාගෙන යන්න අපි ස්වභාවික දේ භාවිත කරනවා නම් කොතරම් හොඳ ද? අපි අද ඔයාලට කියල දෙන්නේ...

ප්‍රීතිමත් පවුල් ජීවිතයකට

ප්‍රීතිමත් විවාහ ජිවිතයක් කියන්නේ විවාහයකට එළබෙන හැමෝගේම බලාපොරොත්තුව. ඒ වගේම ප්‍රීතිමත් විවාහ ජිවිතයක් තියෙනවා නම් ජිවිතේ අනිත් දේවල් උනත් සාර්ථකව කරගන්න පුළුවන්. බිරිඳකට වුණත්...

චාරිකා – 11 කොටස

මේ කතාව අතීත කතාවක්. මම ඉස්කෝලේ යන කාලේ. ඒ කාලේ MOBILE PHONE, WHATSAPP, FACEBOOK ඔය මුකුත්ම තිබුණේ නැති කාලයක්. හැබැයි හරිම සුන්දරයි. ඒ කාලේ CALL...

මාලිගාවත්තේ වෙඩි තැබීම ගැන සෙවීමට පොලිස් කණ්ඩායම් හතරක්

මාලිගාවත්ත, අලාමාඉබ්බාල් අතුරු මාර්යේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සොයා විශේෂ කණ්ඩායම් 4ක් යොදවා ඇති බව පොලීසිය පවසනවා. ඊයේ රාත්‍රියේ 8.30ට පමණ සිදුවූ...

කෙල්ලන් යනු මිහිබට සුරඟනන් බඳු ජීවින් කොටසකි

කෙල්ලෝ ( Pretty Girls )ජාති .. මිහිබට සුරඟනන් බඳුය. කොයි ලෝකෙන් පාත් වූවාදැයි කිසිවෙකු නොදනී. කෙල්ලෝ ගොඩක් නම් මහ වැස්සක් යැයි කොල්ලෝ කියති. කෙල්ලෝ...

කණ්ණාඩි දාන අයට විශේෂයි

කණ්ණාඩි කියන්නේ අවශ්‍යතවයන්ටත් වඩා ෆැෂන් එකක් විදිහට පාවිච්චි කරන දෙයක් වෙලා.කණ්ණාඩි පාවිච්චි කරන යුවතියන් මේකප් කරනකොට දෙවරක් හිතන්න ඕනි.විශේෂයෙන් ඝනකම් රාමුවක් සහිත කණ්ණාඩි පැළදිමේදී...

රේඩ් මාර්තු 16 සිට

මාර්තු 16 තිරගත වීමට නියමිත රේඩ් නවතම චිට්‍රපටයෙහි අජය දේව්ගන් සහ එලෙනා ඩි කෘස් ප්‍රධාන රංගන දායකත්වය දෙයි. මෙහි අධ්‍යක්ෂණය රාජ් කුමාර් ගුපතා, තිර...

ඉවසුවා ඇති වෙනස් කරමු

* හිංසනයක් සිදු වූ විට හුදකලාව විඳ දරා නොගෙන නිවැරදිව ප්‍රතිචාර දැක්වීමට දන්නවා * කාන්තාවක් සේ ඉපදීම හිංසනයට ලක්වීමට කිසිසේත්ම හේතුවක් දැනගෙන කටයුතු කරනවා * හිංසනය...

INTERFLASH

INTERFLASH 2018 ජනවාරි 26 වන දින සවස 5.00 සිට විහාර මහා දේවි විවෘත රඟහලේදී