පැපොල් එහෙමත් නැතිනම් ගස්ලබු කියන්නේ ලංකාවේ ඕනෑම ප්‍රදේශයකදී දකින්නට ලැබෙන පළතුරක්. නිතර දකින්න ලැබෙනවා වගේ තමයි ඕනෑම දේශගුණික තත්වයකදී වුවද පහසුවෙන් විය හැකි ශාකයක්. කෙටියෙන්ම කිවුවොත් ජලය, පොහොර නොදැමිමත් සාරවත් පසක් තිබෙනවා නම් ගස්ලබු ඇට ටිකක් වැටුනොත් ඉබේම පැල වෙලා ඵලදාවක් ලබා ගන්න පුළුවන්.

පෝෂණ ගුණයෙන් ඉහළ පළතුරක් වූ මෙම ගස්ලබු රුපලාවන්යයේදීත් වැඩි වශයෙන් භාවිතා කරන පළතුරක්. ඒවගේම තමයි ගස්ලබු කියන්නේ පළතුරක් වගේම එළවළුවක් වශයෙන් ද ආහාර වේලට එකතු කරගත් හැකි දෙයකි. ඒ නිසා අපි මෙවර කතා කරන්නේ ගස්ලබු වලින් සකස් කරගත් හැකි ආහාර වර්ගයි. මෙහිදී පලතුරු සලාදයක්, පලතුරු බිමක් ලෙසින් පමණක් මෙතෙක් රස විඳි ගස්ලබු වලින් රසම රස විවිධ කෑම රැසක් රස විඳින්න ලැබෙනවා පමණක් නොව මෙහි සඳහන් ඇතැම් ආහාර වර්ග නිෂ්පාදනය කර වෙළඳපොළට ඉදිරිපත් කිරීමෙන් කදිම ආදායමක් ද උපයා ගත හැකියි.

 

ගස්ලබු ටොෆි

පුංචි දරුවන් පැණිරස කෑම කන්න කැමතියිනේ. පුංචි දරුවෝ විතරක් නෙමෙයි වැඩිහිටි උදවියත් පණිරසට හරිම කැමතියි. ඉතින් අපි බලමු කොහොමද ගස්ලබු ටොෆි සාදන්නේ කියලා

අවශ්‍ය ද්‍රව්‍ය

හොඳින් පැසුණු ලොකු ගස්ලබු ගෙඩියක්

සීනි 500g

රට කජු 50g

වැනිලා ස්වල්පයක්

එනසාල් කුඩු තේ හැඳි 01

සාදන ක්‍රමය

ගස්ලබු ගෙඩිය හොඳින් සෝදා දෙකට පලන්න. ඇට ටික ඉවත් කරගන්න. නැවතත් සෝදන්න. ඊටපසු පිරිසිදු භාජනයකට හීනියට ගා ගන්න. මෙය ඔබට හිරමනයෙන් ගා ගැනීමට හැකියාව ඇත. අනතුරුව ගා ගත ගස්ලබු ටික කිරා බලන්න. 500g පමණ ගන්න.

 

දැන් බඳුනකට සිනි ටික දමා වතුර අඬු කෝප්ප 1/4ක් පමණ ලිප තබා හොඳින් රත් වූ පසු ඉහත ගාගත් ගස්ලබු ටික ද දමා හැඳි ගාන්න. පැය භාගයක් පමණ ( මඳ ගින්නේ ) හැඳි ගාන විට පදම එන විට අතට බර ගතිය දැනේ. වතුර ගතිය නැති වී ගුලියක් මෙන් එකතු වන විට කුඩාවට තළාගත් රටකජු, සුවඳ කුඩු, වැනිලා දමා තෙල් තැවරු ලෑල්ලක තුනීකර කෑලි කපා ගන්න. මෙය පුහුල් දෝසි වගෙය. ඉතාම රසවත් වියළි බඳුනකට අසුරා තබා ගත්තොත් අතියක් දෙකක් පමණ පාවිච්චි කල හැකියි.

 

 

ගස්ලබු ව්‍යංජනය

අවශ්‍ය ද්‍රව්‍ය

අමු ගස්ලබු ගෙඩියක්

රම්පේ, කරපිංචා

අමු මිරිස් කරල් 3 – 4

සුදුළුනු ස්වල්පයක්

රතුළුණු ස්වල්පයක්

මිරිස් කුඩු, තුනපහ කුඩු, කහ කුඩු ස්වල්පයක්

ලුණු ස්වල්පයක්

අබ ස්වල්පයක්

පොල් කිරි කෝප්පයක්

 

 

සාදා ගන්නා ආකාරය

රත් වූ මැටි වළඳට තෙල් ස්වල්පයක් දමන්න. එයට අබ ස්වල්පයක් එකතු කරන්න. ඉන්පසුව එයට රම්පෙ, කරපිංචා, තලා ගත් සුදුළුනු ලියාගත් රතුළුණු එකතු කර රන්වන් පාට වෙනතුරු බැදගන්න. ඉන් පසු එයට කපා ගත අමු මිරිස්, මිරිස්, කහ, තුනපහ, කුරුඳු පොත්තක් දියකිරි කෝප්පයක් දමා මඳ ගින්නේ පිසගන්න.ගස්ලබු හොඳින් තම්බුන පසු මිටිකිරි දමා උතුරවා ගන්න.

 

 

වෙනස්ම රසයකට ගස් ලබු කෑම

වාරයක් වැරැද්දක් ගානේ ඉගෙන ගත්තේ පාඩමක්

හ්ම්ම්ම්ම්ම් පැටියෝ අදත් බීවා නේද? අනේ අම්මී පොඩ්ඩක් ගත්තා දන්නැද්ද ඉතින් යාලුවෝ සෙට් උනාම. පෙරේදත් සෙට් උනේ නේද පොඩ්ඩක්.. ඒ පෙරෙදනේ මේ අද.. දවස් දෙකකට පසු.. තාත්තී මේ මොන...

සුරත් සුවය

ඔබට මේ සටහන කියවන්න යැයි මම ඇරයුම් කරමි. මේ මෑත කාලයේදී අන්තර් ජාලයෙහි ඉහළම ස්ථානයක් ලබා ගත් ගීතයකි. මේ ඒ පිළිබඳව කියවීමකි.. නිල් වරළ පුරා...

ඉතා දුර්ලභ චන්ද්‍රගහණයක් හෙට දිනයේදී

සුපර් බ්ලූ බ්ලඞ් මූන් හෙවත් සුපිරි නීල සඳක් සහ පූර්ණ ලෝහිත චන්ද්‍ර ග‍්‍රහණයක් ලෙස හැඳිනවෙන මෙය ඉතා දුර්ලභ චන්ද්‍රගහණයක් ලෙස සැලකෙනවා. කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා...

රේඩ් මාර්තු 16 සිට

මාර්තු 16 තිරගත වීමට නියමිත රේඩ් නවතම චිට්‍රපටයෙහි අජය දේව්ගන් සහ එලෙනා ඩි කෘස් ප්‍රධාන රංගන දායකත්වය දෙයි. මෙහි අධ්‍යක්ෂණය රාජ් කුමාර් ගුපතා, තිර...

අසල් වැසියන් එක්ක මිත්‍රකම් බලාගෙනයි

අපි පවුලක් විදිහට සමාජයට මුහුණ දෙනකොට විවිධ සම්බන්ධතා ගොඩ නගා ගන්න වෙනවා. අපිට මුහුණ දෙන්න වෙන අභියෝග ජය ගත හැකිවන්නේ හැක්කේ ඒ වගේ සමාජ...

ගෙදර ඉඳගෙන ලස්සන වෙන්න

ලස්සන වෙන්න යුවතියන් නොකරන දෙයක් නැති තරම්. වයිට්නින් ක්‍රීම් සහ සම සුදු කරගන්න කියා විකුණන නොයෙක් ක්‍රීම් පවුඩර් වර්ග සහ ෆේස් වොෂ් වෙළඳපොලේ වැහිවහලා....

අලුත් තාලේ මඟුල් ගෙයක්

අධික වියදම් දරලා රැල්ලට විවාහ උත්සවය ගන්න කාලයක කෙරුන අපූරු විවාහ උත්සවයක් ගැන දැනගන්නට ලැබුනා. පුංචිවට ගත්ත මේ උත්සවයේ මනමාළයා විසින් අපූරු ක්‍රියාවක් කරලා...

චාරිකා – 03 කොටස

මේ කතාව අතීත කතාවක්. මම ඉස්කෝලේ යන කාලේ. ඒ කාලේ MOBILE PHONE, WHATSAPP, FACEBOOK ඔය මුකුත්ම තිබුණේ නැති කාලයක්. හැබැයි හරිම සුන්දරයි. ඒ කාලේ CALL...

දවස් දෙකෙන් සුදු වෙන්න කැමති ඔයත් මේ ක්‍රමය අත්හදා බලන්න

සම පැහැපත් කරගන්න කාන්තාවන් හැමෝම කැමතියිනේ. ඉතින් මේ සඳහා ඔවුන් භාවිතා කරන්නේ කෘතීම නිෂ්පාදනයි. ඒවා සමට අහිතකරයි. එයින් ලැබෙන පැහැපත් කම තාවකාලිකයි. හැබැයි අපි...