ඔබ කුමන වයසක වූවත් අපේ කාන්තාවන්, (women) ගැහැණු (girls) ළමයින් නිසි ආයුර්වේද ප්‍රතිකාර කිරීමෙන් ඔබෙන් ගිලිහී ගිය තාරුණ්‍ය යළි ප්‍රතිනිර්මාණය කළ හැකි වීම ඔබේ සතුට දෙගුණ තෙගුණ කරන කාරනාවක් නේද? අතීතයේ දී අප රජ බිසෝවරු, රජ කුමාරිකාවන් තම තරුණබව රැක ගැනීම සඳහා භාවිත කළ අතිශය දුර්ලභ, රහස්‍ය ඖෂධ සංයෝග අද ද රූපලාවණ්‍ය රහස් (beauty tips) වශයෙන් පවතිනවා. එවැනි අතිශය දුර්ලභ වූ ඖෂධ වර්ග කිහිපයක් ගැනයි අද අපි ඔබට කියලා දෙන්න යන්නේ.

 

ලොධ්‍රාදී ලේපය

මෙය සමේ පැහැපත්බව රකින දිව්‍යමය ඖෂධයක් බඳුය. එය සකසා ගන්නේ මෙලෙසිනි. ලොත් සුඹුල් කුඩු, කොත්තමල්ලි කුඩු සම

ව ගෙන එයට වදකහ කුඩු ස්වල්පයක් දමා පිරිසුදු ජලය සමඟ මිශ්‍රකර ආලේපනයෙන් සම පැහැපත් වේ. මුහුණේ පවතින කුරුලෑ නැතිවේ.

 

චන්දනාදී ලේපය

දිදුලන පැහැපත් සමකට මෙය අතිශයින්ම මහෝපකාරී වේ. රත් හඳුන් කුඩු, වැල්මදට කුඩු, ලොත් සුඹුළු පොතු කුඩු, සුවඳ කොට්ටං කුඩු, පරිප්පු කුඩු සමව ගෙන එළකිරි සමඟ මිශ්‍රකර ආලේප කිරීමෙන් සමෙහි පැහැපත් බව වර්ධනය වේ.

 

ස්ක්‍රබ් කිරීම

ස්වභාවික ලෙස ඉවත් නොවී පවතින මැරුණු සම ඉවත් කිරීමක් ස්ක්‍රබ් කිරීමෙන් බලාපොරොත්තු වේ. ස්වභාවික ඖෂධීය කුඩු වර්ග භාවිත කොට ස්ක්‍රබ් කිරීමෙන් සමට කිසිදු හානියක් සිදු නොවේ. ස්ක්‍රබ් එකක් සාදා ගැනීමේදී මුල් පසුතලය සාදා ගැනීමට ධාන්‍ය පිටි භාවිත කරනු ලබන අතර එය සුවඳවත් කරගැනීමට වියළි මල්පෙති ද භාවිත කළ හැකිය.

 

සාමාන්‍ය සමට

බාර්ලි කුඩු, සුදු හඳුන් කුඩු, මදුරුතලා කුඩු, රෝස පෙති කුඩු යන මෙම ඖෂධ සම සමව ගෙන පිරිසුදු ජලය

කඩල පිටි, ආමන්ඩ් කුඩු, අමුක්කරා කුඩු, අරළු කුඩු, උළුහාල් කුඩු, මදුරුතලා කුඩු, රෝස පෙති කුඩු, ඉරිඟු පිටි යන ඖෂධ සමව ගෙන පිරිසුදු ජලය සමඟ හෝ එළකිරි සමඟ හෝ කෝමාරිකා යුෂ සමඟ හෝ මිශ්‍රකර ආලේපය.වියළි සමටමිශ්‍රකොට ආලේපය.

 

තෙල් සහිත සමට

බාර්ලි පිටි, හාල් පිටි, නෙල්ලි කුඩු, කොත්තමල්ලි කුඩු, වැල්මදට කුඩු, කොහොඹ කුඩු, සුදු හඳුන් කුඩු යන මේවා තනුක කරන ලද දෙහි යුෂ සමඟ හෝ යෝගට් සමඟ මිශ්‍රකර ආලේපය.

 

වැඩුණු සමට

බාර්ලි පිටි, හාල්පිටි, අරළු කුඩු, අමුක්කරා කුඩු, මදුරුතලා කුඩු, වැල්මී කුඩු, දොඩම් ලෙලි කුඩු යන ඖෂධ සමව ගෙන පිරිසුදු ජලය සමඟ හෝ එළකිරි මිශ්‍රකර ආලේපය.

 

කැළැල් සහිත සමට

බාර්ලි කුඩු, අමුක්කරා කුඩු, කොත්තමල්ලි කුඩු, උළුහාල් කුඩු, කොහොඹ කුඩු, වැල්මදට කුඩු, කහ කුඩු, ඉඟුරු කුඩු යන මේවා යෝගට් සමඟ මිශ්‍රකර ආලේපය.

ස්වභාවිකත්වයට සමීපවීමෙන් ලබාගත හැකි මෙම ගුණය මිල කළ නොහැකි තරම්ය. එසේම ස්වභාවිකත්වය හා සමීප වුණු ඉහත සඳහන් ප්‍රතිකාර කිරීමෙන් සිරුරට යහපතක් මිස අයහපත් නම් නොවේ.

ලස්සන වෙන්න ආයුර්වේද රහස් කිහිපයක්

දූෂණයට ලක්වන්නන් වැරදිකරුවන් කරන දුෂිතයන් නිවරදිකරුවන් කරන මිත්‍යයා මත

විවිධ අපයෝජන, දුෂණ සම්බන්ධයෙන්, විශේෂයෙන්ම අපයෝජනයක් වීමට හේතු හා බැදුනු විවිධ මිතය්‍යා මත සමාජය තුළ බහුලව පවතී. කැමැත්ත (consent), දුෂණයට ලක්වන පුද්ගලයා පිළිබදව හා...

මාලිගාවත්තේ වෙඩි තැබීම ගැන සෙවීමට පොලිස් කණ්ඩායම් හතරක්

මාලිගාවත්ත, අලාමාඉබ්බාල් අතුරු මාර්යේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සොයා විශේෂ කණ්ඩායම් 4ක් යොදවා ඇති බව පොලීසිය පවසනවා. ඊයේ රාත්‍රියේ 8.30ට පමණ සිදුවූ...

අලුත් අවුරුදු කෑම මේසයට අලුත් විදිහේ කෑම ටිකක් හදමු

අලුත් අවුරුදු කෑම මේසේ අලුත් විදිහට සරසන්න අපි අද ඔයාලට කියල දෙන්නේ රසම රස කෑම වර්ග කිහිපයක් සාදන ආකාරයයි. ඩෝනට් අවශ්‍ය ද්‍රව්‍ය බේකින් පවුඩර් 550g සීනි 50g ඊස්ට් 10g ලුණු...

සුන්දර මන්දාරම් නුවර

මන්දාරම් නුවර කියන්නෙ පිදුරුතලාගල කඳු පාමුල පිහිටි ලස්සන ගම්මානයක්. කඳු පන්තියකින් වටවෙලා තියෙන මේ ගම්මානය දවස පුරාම මන්දාරම් ස්වභාවයක් ගන්න නිසයි "මන්දාරම් නුවර" කියල ප්‍රසිද්ධ වෙලා...

දරුවන්ගේ දත් රැකගන්න දෙමව්පියන්ගේ දායකත්වය අවශ්‍යයි

පාසල් දරුවන් අතර අද දන්තාබාධ ඉතාම සුලබ රෝග තත්වයක් බවට පත්ව තිබෙනවා. හයක් හතරක් නොතේරෙන වයසේදී දරුවන්ට තමන්ගේ දන්ත සෞඛ්‍යය (Health)  ගැන කිසිම වැටහීමක්...

සීත මිලානෝවේ සිහින කුමිරිය

Model -   Mihiri Anadewa Photography - Moorthi U Senewirathna

මානසික සැහැල්ලුව ගොඩනැගීම ද විනෝදවීම තුළ අඩංගු බව සිහියේ තබා ගන්න

මහන්සියෙන් වැඩ කටයුතු කළ දවසකට පසුව කවිච්චියක දිග ඇදී පැය 3 - 4 ක් රුපවාහිනිය නැරඹීම සඳහා වාඩි වන විට තිබු තෙහෙට්ටුවටද වඩා වැඩි...

රෙක්සාගෙන් අලුත් වැඩක්

දැනට ලොව සිටින හොඳම ගායන තරු අතර බේබි රෙක්සා ඉදිරියෙන්ම සිටිනවා. ඇයගේ ඩාන්ස් ගීතයෙන් පසුව මෙන්ට් ටු බි ගීතය නැවතත් දර්ශක අතර හිනිපෙත්තට ඇය...

ලිංගිකත්වය සහ ලිංගික අධ්‍යාපනය 01 – කොටස

ළමයින් වැඩිහිටියන් වන විට බොහෝ දේ ඉගෙනගන්නේ පාසලෙන්, දෙමවුපියන්ගෙන් සහ බොහෝවිට සමාජයෙන්. තාරුණ්‍ය, යෞවනය පහු කරගෙන වැඩිහිටියෙක් බවට පත්වන විට ඔවුන්ගේ දැනුම කුසලතා වර්ධනය...