අපේ රටේ රැකියා (job) විරහිත තරුණ තරුණියෝ ගොඩක් ජිවත් වෙනවා. තමන් ඉගෙන (education) ගත්තු දෙයට සරිලන රැකියාවක් ලැබෙනකම් ගෙදරට ( home ) බරක් වෙන්න සිදුවීම ගැන දුකෙන් ඉන්න අයට පුළුවන් තමන්ගේම ව්‍යාපාරයක් පටන් ගන්න. ඒ වගේම ගෙදරක සැමියා වැඩට යනකොට බිරිඳට පුළුවන් ස්වයං රැකියාවක් කරන ගමන් ගෙදර ආර්ථිකයට පුංචි ශක්තියක් වෙන්න. අපි මෙවර ඔබට ඉදිරිමත් කරන්නේ ඔබට නියැලිය හැකි ස්වයං රැකියා කිහිපයක් ගැන විස්තරයි.

 

ටියුෂන් පන්ති

අද රැකියා විරහිත උපාධිධාරීන් ගොඩක් ඉන්නවා. ඒ වගේ යට මේ ස්වයං රැකියාව වඩාත් සුදුසුයි. ඒ වගේම ඉංග්‍රීසි දැනුමක් තියන කෙනෙක්ට ඉංග්‍රීසි පන්ති පටන් ගන්න පුළුවන් නම් එක හොඳ ආදායම් මාර්ගයක් වේවි. ටියුෂන් පන්ති තමන්ගේ නිවසේ දී වගේම සිසුන්ගේ නිවසට ගිහින් කරන්නත් පුළුවන්.

 

 

ලියුම් කවර නිෂ්පාදනය

මෙම ව්‍යාපාරය දෙදෙනෙකු අතර ප්‍රචලිත ස්වයං රැකියාවක්. ඇතැම් ආයතන මඟින් අමු ද්‍රව්‍ය නිවසටම සපයා, නිෂ්පාදනය කල ලියුම් කවර නැවත මිලට ගැනීමත් සිදු කරනවා. එම නිසා මෙම ව්‍යාපාරයේ අවධානය අඩුයි. ලියුම් කවර සැදීමේ ප්‍රධාන අමු ද්‍රව්‍ය වන්නේ මැනිලා කොළ සහ ගම වර්ග වේ.

 

මල් වගාව

අප රට තුල සිටින මල් වගා කරුවන් සාපේක්ෂව අඩුයි. මල් පිට රට වලට අපනයන කරන සමාගම් ග්‍රාමීය මල් වගා කරුවන් හරහා මල් මිල දී ගන්නවා. එමෙන්ම උත්සව කාල වලදී, මව්වරුන්ගේ දිනයේ දී සහ වැලන්ටයින් දිනයේදී මල් සඳහා ඇති ඉල්ලුම ඉහල නගිනවා. ඒ නිසා මල් සඳහා හොඳ වෙළඳපොළක් තියෙනවා..

උදා :- ඕකිඩ් මල් වගාව, අන්තුරියම් මල් වගාව, රෝස මල් වගාව

මිට අමතරව විසිතුරු පැල වගාව ද ඔබට තෝරා ගත හැකියි. එහිදී බොන්සයි පැල වගාව ඉහල ස්ථානයක් ගනී.

 

 

ආහාර නිෂ්පාදනය

රසවත් ලෙස ආහාර සැකසිය හැකි අයට ආහාර නිෂ්පාදනයේ යෙදිය හැක. පිරිසිදු හා රසවත් ආහාර සැපයුවොත් ඔබේ වෙළඳපොල දියුණු කර ගන්න පුළුවන්.

උදා : – යෝගට් නිෂ්පාදනය, පපඩම් නිෂ්පාදනය, ලුණු දෙහි නිෂ්පාදනය, මාළු ඇඹුල්තියල් බෝතල් සැකසීම, අතුරුපස ( තල කැරලි, පුහුල් දෝසි ) නිෂ්පාදනය, මුරුක්කු නිෂ්පාදනය.

 

 

බිම් මල් නිෂ්පාදනය

බිම් මල් නිෂ්පාදනය ඉතා පහසු ස්වයං රැකියාවක් වෙනවා. මෙයට වැඩි ඉඩක් අවශ්‍ය වන්නේ නැහැ. මේ සඳහා අවශ්‍ය වන අමු ද්‍රව්‍ය සහ උපදෙස් වල මිල සාපේක්ෂව ඉතා අඩුයි. මේ වගාව අවුරුද්දේ ඕනෑම වෙලාවක කාලයක කල හැකියි. බිම් මල් සඳහාත් ඉතා ඉහල වෙළඳපොළක් තියෙනවා.

 

 

කෘෂි භෝග වගාව

කෘෂි භෝග වලට දේශීය සහ විදේශීය ඉල්ලුම බොහෝ වශයෙන් තියෙනවා. නමුත් කෘෂි භෝග වගා කිරීම සඳහා වැඩි ඉඩ කඩක් අවශ්‍ය වෙනවා.

උදා :- කරාඹු නැටි, ගම්මිරිස්, එනසල්, බුලත් සහ පුවක් වගාවන්.

 

කුලී ඇඳුම් මැසිම

ඇඳුම් මැසිමේ හැකියාව ඇති අයෙකුට තම නිවසේ දී ම පටන් ගත හැකි කදිම ව්‍යාපාරයක් තමයි කුලී ඇඳුම් මැසිම. මිනිසුන්ගේ කාර්යබහුලතාවය වැඩි වීමත් සමඟ තමාගේ ඇඳුම් මසා ගැනීමට කාලයක් නැති වීම නිසා කුලී ඇඳුම් මැසිමේ ව්‍යාපාරයට වැඩි වෙළඳපොළක් තියෙනවා. ඇඳුම් වලට අමතරව පාපිසි, පාවහන් මැසිමත් ඔබට කල හැකියි.

 

 

අතරමැදියෙකු වීම

මෙය ඉතා පහසු ආදායම් මාර්ගයක්.නමුත් අතරමැදියෙකු වීම සඳහා හැඳුනුම්කම් තිබීම අවශ්‍ය වෙනවා. කුඩා පරිමාණයෙන් නිෂ්පාදන කරන, නමුත් වෙළඳපොළට නිෂ්පාදන දැමීමේ හැකියාවක් නැති අය ඕනෑ තරම් ඉන්නවා. ඔබට පුළුවන් ඔවුන් සඳහා අතරමැදියෙකු වන්න. වෙළඳපොළක් නැති නිෂ්පාදකයාට එය උපකාරයක් වගේම, සාමාන්‍ය ලාභයක් තියාගෙන ඒ භාණ්ඩ වෙළඳපොළට දැමීමෙන් ඔබටත් ආදායමක් ලබා ගන්න පුළුවන්.

 

 

ස්වයං රැකියා සඳහා උපදෙස් සහ ආධාර ලබා ගත හැකි ආයතන

* ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය

* නර්ඩ් ආයතනය

* මිනිස් බල හා රැකියා දෙපාර්තුමේන්තුවේ රැකියා නිර්මාණ හා ප්‍රවර්ධන ආයතනය

* කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය

* ප්‍රථමික කාර්මික අමාත්‍යංශය

* අපනයන කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව

 

නිවසේදීම නියැලිය හැකි ස්වයං රැකියා

කහ සිවුරට පණ පෙවූ අමාවකය

සත්‍ය කාතාවක් පදනම් කරගෙන ගොතන ලද්දකි.... මාතෘත්වය වනාහි ජීවයාගේ ජීවන කතා මන්සලේ ලෙන්ගතුම නවාතැන වුවද.., සමහරෙකුට ඒ ආත්මීය බැදීම පාපී හමුවීමකි.., එවන් අකල් ජීවන රගමඩලයන්ගේ මා සමාව...

සම්බාහනයෙන් ඔබත් ඔබේ රුව රැකගන්න

අපේ බොහෝ කාන්තාවන් (women) ගැහැණු ළමයින් (girls) කැමතියි පවතින රූපය තව තවත් ලස්සන (beauty) කර ගන්න. ඒ නිසාම ඔවුන් ඉක්මනින් ලස්සන වෙන්න ගිහින් විහින් අවලක්ෂණ...

රියලිටි දෙතොල් යුද්ධය

ලිප් සින්ක් බැට්ල් , එහෙමත් නැත්නම් තොල් සෙලවිමේ යුද්ධය කියන්නේ ඇමෙරිකාවේ සංගීත රියලිටි තරගාවලියක්.ක්‍රිසි ටයිගන් සහ කූල් ජේ තමයි මේ වැඩසහටහන මෙහෙයවන්නේ. මොකක්ද ඇත්තටම...

ලේසියෙන් පහසුවෙන් ස්ට්‍රෝබෙරි වලින් රසවත් කෑම බීම හදමු

ස්ට්‍රෝබෙරි කියන්නේ මිලෙන් තරමක් වැඩි උනත් අපි කව්රුත් කෑමට ප්‍රිය කරන පළතුරක්. ඉතින් අද අපි ඔයාලට කියල දෙන්නේ ස්ට්‍රෝබෙරි වලින් පහසුවෙන් හදන්න පුළුවන් රසවත්...

ඔබත් එන්න අපිත් එක්ක බයිසිකල් පදින්න

ජාත්‍යන්තර තරුණ දිනයට සමගාමීව ශ්‍රී ලංකා එක්සත් ජාතීන්ගේ මිත්‍රත්ව සංසදය ( sri lanka united nationalities friendship organisation) සංවිධානය කරන බයිසිකල් සවාරිය මේ මස 14...

අසල් වැසියන් එක්ක මිත්‍රකම් බලාගෙනයි

අපි පවුලක් විදිහට සමාජයට මුහුණ දෙනකොට විවිධ සම්බන්ධතා ගොඩ නගා ගන්න වෙනවා. අපිට මුහුණ දෙන්න වෙන අභියෝග ජය ගත හැකිවන්නේ හැක්කේ ඒ වගේ සමාජ...

ස්භාවිකව සම පැහැපත් කරගන්න කැමති ඔයාට

අපි හැමෝම කැමතියි ලස්සනට ඉන්න. විවිධ ක්‍රිම් වර්ග භාවිතා නොකර ස්වභාවික ආකාරයට සම දිප්ත්මත් කරගන්න පුලුවන්නම් කොච්චර හොඳද? ඉතින් https://thewoman.lk අපි හැමදාම ඔයාට කියල...

කැඩෙන නියපොතු වලට මේ සත්කාරය කරලා බලන්න

අතේ නියපොතු වවාගෙන ලස්සනට නෙල් පොලිෂ් ( nail polish , nail art ) ටිකක් ගාලා හැඩට වැඩට ඉන්න අපි හැමෝම කැමතියි නේද? හැබැයි කොයි තරම්...