අපේ බොහෝ කාන්තාවන් (women) ගැහැණු ළමයින් (girls) කැමතියි පවතින රූපය තව තවත් ලස්සන (beauty) කර ගන්න. ඒ නිසාම ඔවුන් ඉක්මනින් ලස්සන වෙන්න ගිහින් විහින් අවලක්ෂණ වූ අවස්ථා බොහොමයි. ලස්සන වෙන්න නම් යම් යම් දේ කැප කිරීමට ද සිදු වෙනවා. මේ සඳහා විවිධ වූ ක්‍රමෝපායන් භාවිතා කිරීමට ද සිදු වේ. බාහිර රුව වර්ධනය කර ගැනීමට සිරුරේ (body) අභ්‍යන්තර අවයව ද නිරෝගී විය යුතුය. ඒ නිසා ඒ සඳහා නිසි ප්‍රතිකර්ම සිදු කිරීමට අවශ්‍ය වේ.

 

සම්බාහනය ඉතාම වැදගත්

මෙහිදී සම්බාහනය ඉතාම වැදගත් කාර්‍යයක් ලෙස හැඳින්විය හැකියි. සම්බාහනයක දී භාවිතා කරන්නේ ඖෂධිය තෙල් වර්ගයක් හෝ ඉන් කිහිපයක් මිශ්‍ර කිරීමෙන් සකසා ගන්නා තෙල් වර්ගයක්. සම්බාහනයේ දී හිස මුදුනේ සිට දෙපතුල දක්වා වූ ශරීරයේ සෑම අංගයක්ම තෙල් ගලවා සිරුර අතගෑම, තෙරපීම ආදිය සම්බාහන ක්‍රියාවලිය ලෙස හැඳින්විය හැකිය. මෙය ආයුර්වේදයේ තෛල අභ්‍යන්ගය ලෙස හැඳින් වේ. මෙහිදී ශරීරයේ උත්තමාංගය ලෙස සලකන හිස සම්බාහනය ඉතා වැදගත් වන අතර එය ශිර්ෂ සම්බාහනය ලෙස හඳුන්වයි. ශිර්ෂ සම්බාහනය සිදු කරන්නේ බෙල්ලෙන් උද කොටසටයි. මෙය ගෙලෙන් ඉහල ඇතිවෙන සියලු ම ගැටළු වලට කල හැකි හොඳම ප්‍රතිකාරයක්. මෙයින් පංචෙන්ද්‍රියන්ම නිරෝගී වේ. කේරල කාන්තාවන් රුව වර්ධනය කර ගැනීමටත් මෙම ඖෂධිය තෙල් වර්ග භාවිතා කර දිනපතා සම්බාහනය සිදුකර දීප්තිමත් පැහැපත් බවක් ලබා ගනියි.

 

සම්බාහනයේ වාසි

මෙහිදී සිදු වන්නේ සම පැහැපත් වීම පමණක් ම නොවේ,

සිරුරේ ඇති මාංශ පේශි උත්තේජනය

රුධිර සංසරණය ක්‍රමවත් වීම

මාංශ පේශි ශක්තිමත් වීම

අනවශ්‍ය මේද කොටස් දියකර හැරීම

වයසට යන විට මාංශ පේශි වල ඇතිවන ලිහිල් බව නැති කර ශක්තිමත් වීම

ස්නායු නිසි ලෙස ක්‍රියා කිරීම

සිරුරේ පවතින විඩාව නැති කිරීම

සිරුරේ පවතින අලස බව නැති වීම

සමෙහි රැළි ඉවත් වීම

සමෙහි සෛල පෝෂණය වීමට

සිරුරේ සැහැල්ලු බවට

සමස්ත සිරුරේ ක්‍රියාකාරිත්වයට මෙම සම්බාහනය ඉවහල් වේ. සම්බාහනය මඟින් ඔබට ලැබෙන අමතර වාසියක් වන්නේ ඉතා හොඳ සුවබර නින්දක් ලබා ගැනීමට ඇති හැකියාවයි.

 

 

සම්බාහනය කල යුතු ආකාරය

සම්බාහනය අපට කැමති වෙලාවට කළ නොහැකිය. ඒ සඳහා වඩා සුදුසු වෙලාව වන්නේ ද දවසේ උදය කාලයයි. එමෙන්ම ඒවා හිතුමතේ කළ නොහැකිය. සම්බාහනය කල යුත්තේ නිශ්චිත හා නිවැරදි රටාවකට අනුවයි. මෙම සම්බාහනය පිලිබඳ මනා අවබෝධයක් මෙන්ම පළපුරුද්දක් ද තිබීම ඉතා වැදගත් වේ. එසේ නොමැති වීමෙන්

ශරීරයේ මස්පිඬු පෙරලීම

වේදනාවක් දැනීම

සමෙහි රැලි ඇති වීම

සම එල්ලා වැටීම

වැනි අයහපත් බලපෑම් ඇති විය හැකියි. සම්බාහනයක් ක්‍රමානුකුලව කිරීමෙන් රුව ලස්සන වෙනවා පමණක් නොව ඔබට නිරෝගී සිරුරක් ද දිර්ඝායුෂ ද ලබා ගත හැකියි. මෙය දෙපා වලින් ආරම්භ කොට උඩු අතට ගෙල දක්වා පිරිමදිම කල යුතුයි.

මේ සඳහා භාවිතා කල හැකි තෙල් වර්ග බොහොමයක් ඇත. එනම්,

අබ තෙල්

තල තෙල්

ගිතෙල්

ආමන්ඩ් තෙල්

වැනි තෙල් වර්ග කිහිපයක් එකතු කර සාදා ගන්නා තෙල් වර්ගයක් ආලේප කිරීමෙන් ද මෙම සම්බාහනය සිදු කල හැකියි. සම්බාහනයේදී තෙල් ආලේප කල යුත්තේ ඩබල් බෝයිලින් ක්‍රමයට ( වතුර පිරවූ බඳුනක බහා තැබූ තවත් බඳුනක තබා රත් කිරීම ) රත් කිරීමෙනි. එසේ කිරීමෙන් වඩාත් හොඳ ප්‍රතිඵල ලබා ගත හැකි වේ.

ලෙස රෝග සඳහා සිදු කරන සම්බාහනයේ දී ෂර්ෂපාදි, මහානාරායන, සිද්ධාර්ථ වැනි තෙල් වර්ග ද භාවිතා කරයි. විශේෂයෙන් රුව ගැන සැලකිලිමත් වීමේදී සමට ගැලපෙන තෙල් වර්ග වන ආමන්ඩ්, රෝස්මරි, තල තෙල්, ජෝජෝබා, සුරියකාන්ත, සඳුන් තෙල් වැනි ඇරෝමා තෙල් වර්ග ද භාවිතා කල හැකියි.

 

 

උපුටා ගැනීමකි

සම්බාහනයෙන් ඔබත් ඔබේ රුව රැකගන්න

රියලිටි දෙතොල් යුද්ධය

ලිප් සින්ක් බැට්ල් , එහෙමත් නැත්නම් තොල් සෙලවිමේ යුද්ධය කියන්නේ ඇමෙරිකාවේ සංගීත රියලිටි තරගාවලියක්.ක්‍රිසි ටයිගන් සහ කූල් ජේ තමයි මේ වැඩසහටහන මෙහෙයවන්නේ. මොකක්ද ඇත්තටම...

ආදරයට ගැහැණු පිරිමි භේදයක් නැහැ චමරි අතපත්තු

චමරි අතපත්තු කියන්නේ කවුද? චමරි අතපත්තු කියන්නේ මම ක්‍රිකට් ක්‍රීඩිකාවක්. පුංචි කාලේ ඉඳන් ක්‍රිකට් සෙල්ලම් කළා. ක්‍රිකට් වලට මම ගොඩක් ආදරේ කළා. එකට ගොඩක් හේතු...

ඔබේ පසුගිය වසරේ ව්‍යාපාරය අසාර්ථක වුනේ ඇයි

ඔබ අලුත් ව්‍යාපාරයක් ( Business ) ආරම්භ කිරීමට සැලසුම් කරන්න ඇති. සමහරු අලුත් ව්‍යාපාරයක් ( business ) ආරම්භ කරන්න ඇති. ඔබ ආරම්භ කල ව්‍යාපාරයක්...

වතුරින් මතුවූ කිඳුරු දෙවඟන

Model - Trilby Solomonsz Photography - Moorthi U Senewirathna Makeup - Sandya Bandara (Salon Dandy)  Costume - Kanishka Sangabo Dias  ...

වෙන වෙනම කෑවම ගුණ එකට කෑවම අගුණ කෑම

ආහාර (food) ජලය නොමැතිව කිසිවෙකුටත් නොහැකි බව අප සැවොම දන්නා කරුණකි. මිනිස් ජිවිතයේ පැවැත්මට ආහාර (food) අත්‍යාවශ්‍ය වේ. එහෙත් ඒ අහාර (food) නිසාම රෝගිවෙන,...

ආහාර පාලනය ගැන හිතන්නත් කලින් බර අඩු කරගන්න පුළුවන් ක්‍රම 09ක්

01 හැමදේම ලියාගන්න ආහර පාලනය පටන් ගැනීමට පෙර එදිනෙද ඔබ ආහාරයට හා බිමට ගන්නා ද්‍රව්‍ය ලිය තැබීම ආරම්භ කරන්න. ඔබ භාවිත කරන apps එකේ මෙම...

කොහොමද පවුල් සැලසුම් ක්‍රමයක් නිසි ආකාරව භාවිතා කරන්නේ – 2 කොටස

පවුල් සංවිධාන ක්‍රම( family planning )අපි භාවිතා කරන්නේ යුවලකට පළමුවෙනි දරුවා පමා කරගැනීමට සහ දරුවෙක් ලැබුනට පසුව ( එක්කෙනෙක් හෝ දෙදෙනෙක් හෝ ඊට වැඩි...

බිස්නස් එකට ආයුෂ අඩු ඇයි

ව්‍යාපාරයක් කරන්න ඕනි කියලා හිතුනම ගොඩක් අය කරන්නේ තමන් දන්න කියන අය අතරින් දියුණු වෙලා තියන ව්‍යාපාරයක් පටන් ගන්නවා.එහෙමත් නැත්නම් ලඟදි පටන් අරන් හොඳට...

ශ්‍රී ලංකාවේ දෙමළ පවුල ඕස්ට්‍රේලියාවම කළඹවයි

ශ්‍රී ලංකාවට පිටුවහල් කරනු ලැබූ සිව් දෙනෙකුගෙන් යුත් පවුලක් (ඕස්ට්‍රේලියාවේ උපන් කුඩා දරුවන් දෙදෙනෙකු ද ඇතුළුව) ශ්‍රී ලංකාව බලා පිටත් වූ ගුවන් යානයකින් මෙරටට...