පවුල් සංවිධාන ක්‍රම( family planning )අපි භාවිතා කරන්නේ යුවලකට පළමුවෙනි දරුවා පමා කරගැනීමට සහ දරුවෙක් ලැබුනට පසුව ( එක්කෙනෙක් හෝ දෙදෙනෙක් හෝ ඊට වැඩි ගානක් ) ඒ දරුවන් අතර පරතරයක් තබා ගැනීම අත්‍යවශ්‍ය දෙයක්.පවුල් සැලසුම් ක්‍රම අතරින් තවත් පවුල් සැලසුම් ( Family planning ) ක්‍රමයක් තමයි පොස්ටිනෝ ( Postino ). පොස්ටිනෝ කියන්නේ හදිසි අවස්තාවක දී භාවිතා කල හැකි පවුල් සැලසුම් ක්‍රමයක්. පොස්ටිනෝ 1 සහ පොස්ටිනෝ 2 කියලා වර්ග දෙකක් ඔබට වෙළඳ පොලේදී හැක. මෙය මෑතකදී වෙළඳපොළට හඳුන්වා දුන් පවුල් සැලසුම් ක්‍රමයක්.මේ පවුල් සැලසුම් ක්‍රමය ඉතා විශේෂයි. බොහෝ වෙලාවට අපි දකිනවා කාන්තාවන් සහ ගැහැණු ළමයින් බොහෝ විට මැලිවෙනවා පවුල් සැලසුම් ක්‍රමයක් භාවිතා කරන්නට.

 

සමහර ගැහැණු ළමුන් සහ කාන්තාවන් ඔවුන් සිටින පරිසරය සහ කරන රැකියාව අනුව ලිංගික සම්බන්ධතාවයක් පවත්වන්නේ නැහැ. එහෙමත් නැත්නම් සමහර විට ස්වාමි පුරුෂයා දුර පළාතක රැකියාව කරනවා නම්, ඔහු පැමිණෙන්නේ මසකට වරක් හෝ දෙවරක් නම් පසුබිමක තමයි ඔවුන් ලිංගික සම්බන්ධතාවයේ යෙදෙන්නේ. ඉතින් ඔවුන් සිතන්නේ ඇයි ඔවුන් දිනපතා පවුල් සැලසුම් ක්‍රමයක් භාවිතා කරන්නේ කියලා. එවැනි අයට මෙම පවුල් සැලසුම් ක්‍රමය භාවිතා කිරීම ඉතා යෝග්‍යයි.

 

ඒ කෙසේ වුවත් කෙනෙක් හදිස්සියේ සැලසුමක් නොමැතිව ලිංගික ක්‍රියාවලියේ යෙදුනහොත් කිසිම පවුල් සැලසුම් ක්‍රමයක් භාවිතා නොකර, විවාහක යුවලක් හෝ අවිවාහක හෝ කුමන ආකාරයකින් ඔවුන් ලිංගික සම්බන්ධතාවයක් පැවැත් වුවහොත් ඔවුන්ට සිතෙනවානම් ගැබ් ගැනීමක් සිදුවිය හැකියි කියලා ඒ කියන්නේ ගැබ් ගැනීමක් සිදුවන්නේ කාන්තාවගේ සරු කාලය තුළ .එම සරු කාලය කියලා කියන්නේ ඔසප්වීම සිදු වී දින 10ත් දින 17ත් අතර කාලය තුල ලිංගික සම්බන්ධතාවයක් පවත් වුවහොත් දරුවකු පිළිසිඳ ගැනීමේ හැකියාව ඇත. ඊට පෙර හෝ පසු දින 10ට පෙර හෝ දින 10ට පසු ලිංගික සම්බන්ධතාවයක් පවත් වුවහොත් දරුවකු පිළිසිඳ ගැනීමේ හැකියාවක් නැත. ඒ කාලය තුල ලිංගික සම්බන්ධතාවයක් පවත් වූ විට ඇයට පුළුවන්මෙම පවුල් සැලසුම් ක්‍රමය ( postino ) භාවිතා කරන්නට. පැය 72ක් ඇතුලත මෙය ගැනීමෙන් උපරිම සාර්ථක ප්‍රථිපල ලබාගත හැක.

 

තවත් හේතුවක් නම් ලිංගික සංසර්ඝයේදී කොන්ඩමයක් භාවිතා කල අවස්තාවක සංසර්ඝයේ යෙදෙන අවස්තාවේදී මෙය කැඩුනොත් හෝ මොන යම් ආකාරයකින් පළුදු වුවහොත් ශුක්‍රාණු යෝනිය ඇතුලට ගොස් ඇයට දරු ගැබක් ඇතිවීමට ඉඩ කඩ ඇත. ඒ වගේම පවුල් සැලසුම් ක්‍රමයක් භාවිතා කරන කෙනෙක්ට යම් අකරතැබ්බයක් වුවහොත් පොස්ටිනෝ එකක් ලබා ගැනීමෙන් ඇයට දරුවකු පිළිසිඳ ගැනීමක් වලක්වා ගත හැක.

 

තවත් අවස්තාවක් නම් දිනපතා මිතුරි පෙති භාවිතා කරන කාන්තාවක් නම් කුමන හෝ ආකාරයකින් කුමන හෝ අවස්තාවක ඇයට එම පෙති ගැනීමට අමතක වුවා නම් හෝ දින දෙකක් එක දිගට නොගත්තා නම් එහි තිබෙන සාර්ථකත්වය නැති වී යනවා. ඉන් පසුව ඇය එය භාවිතා කලට දරුවකු පිළිසිඳ ගැනීමට ඉඩ කඩ තිබෙනවා. එවැනි අවස්තාවක ලිංගික එක්වීමක් සිදු වුවොත් ඔබට සිතෙනවා නම් දරුවකු පිළිසිඳ ගැනීමට හැකියාවක් තිබෙනවා කියල ඔබට මෙම පොස්ටිනෝ භාවිතා කල හැකියි.

 

මෙය භාවිතා කරන ආකාරය සහ වැඩි විස්තර පහත වීඩියෝව නරඹන්න

 

 

 

සම්පත් දායකත්වය

වෛද්‍ය හරිස්චන්ද්‍ර යකන්දාවල (MBBS,MSc (Comm Med),PG Dip Comm)
වෛද්‍ය අධ්‍යක්ෂක
FPA ශ්‍රී ලංකා

 

 

කොහොමද පවුල් සැලසුම් ක්‍රමයක් නිසි ආකාරව භාවිතා කරන්නේ – 2 කොටස

මේ මගේ කතාවයි – 01 කොටස

මම නෙත්මි. අවුරුදු 18ක දුවෙක් ඉන්න අවුරුදු 40ක අම්මා කෙනෙක්. බිරිඳක් නෙමෙයි. බිරිඳක් වෙලා හිටියද කියන්න නම් මමත් දන්නේ නෑ. අවුරුද්දක් වගේ කාලයක් මහ...

විවාහකයි නම් මොහොතක් නැවතිලා කියවලා යන්න

ගෑණු ලමයෙක් කවදා හරි මව් පදවිය ලබනවා.මව් පදවිය ලැබුවට පස්සේ අර කෙළිදෙලෙන් ගත කරපු කාලය එතනින් ඉවරයක් වෙන්වා. දැන් මවක් විදියට ඉන්න ඔනේ, ළමයි...

සියදිවි නසාගන්න ගිය තරුණියක් බේරුන හැටි

ජිවිතයේ අපි නොහිතන වෙලාවල් වල නොහිතපු බිඳවැටීම් සිද්ධවෙනවා. අපි කොච්චර කැප කිරීම් සිදු කලත් සමහර දේවල් අපිට ලබාගන්න බැහැ. ආදරය කියන්නේ අන්න ඒ වගේ දෙයක්....

බොරුව ගැන හිත හිතා ලෙඩ වෙනවාද?

අපේ ජීවිතේ යම් යම් දේවල් අවිනිශ්චිත වෙනවා. ජීවිතේ කොයි දේත් නිශ්චිත කරගෙන කරන්න බැහැ එහෙම කරන්න අපහසුයි. පවක් වුනාද? නැත්ද? අනාගතය සාර්ථක වේද? නැත්ද?මම...

අත්වැල ගිලිහී – 01 කොටස

මට මගේ අම්මා ගැන මතකයක් නෑ. තාත්තගෙන් ඇහුවට කවදාවත් මට උත්තරයක් දුන්නෙත් නෑ. මට අම්මාව දකින්න තිබුණ එකම විදිය තාත්තා ළඟ තිබුණ පුංචිම පුංචි...

ඔබේ දරුවා නිවසේදී සිදුවන අතවර වලින් බේරෙන්න ක්‍රම 10

ඔබට අද යහපත් ජිවිතයක්, නිවහනක් ( home ) ලැබී ඇත්නම් එහි සැබෑ හිමිකරු ඔබ නොව ඔබේ මව්පියන් ය. නිවසේදී ( home ) පමණක් නොව සෑම...

ඔබට නව පණක් දෙන අරුම පුදුම යෝගී කලාව

යෝග යනු පැරණි ඉන්දියාවේ නැණවතුන් විසින් සියවස් ගණනකට පෙර සොයා වැඩි දියුණු කරගෙන ප්‍රයෝජනයට ගත් ශරීර සනීපය වඩවන පැරණි කලාවකි. යෝග යනු ආගමක්වත්, ජීවයේ පැවැත්ම...

තරුණ දිනය දා බයිසිකල් පදින්නයි ඇවිදින්නයි කොළඹට මහ සෙනඟක්

ජාත්‍යන්තර තරුණ දිනය වෙනුවෙන් SDG Youth Network of Sri Lanka (SDGYNSL) මඟින් සංවිධානය කළ පාපැදි සවාරිය සහ පා ගමන පසුගිය 14 වැනි දින (2019...

දන්තාලේපයකින් ලස්සන වෙමුද

ඔබ පුදුම වෙනවද දන්තාලේපයකින් ලස්සන වෙන්න පුළුවන් කිවුවම. ඔන්න එහෙනම් අපිත් බලමු ඒ ක්‍රම මොනවද කියලා. 01) කුරුලෑ සුව කර ගැනීමට දන්තාලේප මේස හැඳි එකක් සහ...