සුබ අළුත් අවුරුද්දක් වේවා!

මම එහෙම ඔයාට සුබ පැතුවට ඔයා ඔයාට සුබ පැතුවද? ඔයා ඔයාට ස්තූතියි කිව්වද? කමක් නෑ තාමත් ඔයා ප්‍රමාද නෑ. අපි අද ඉදන් පටන් ගමු.

අපි අපිට ආදරය කරන හැටි කතා කරන්න, අපිව අපිට පුළුවන් උපරිම තැනට ගෙනියන්න පුරුදු වෙන්න අපි එනවා හැම බ්‍රහස්පතින්දාම “ආදරණීය අද දවස” තුලින්. ඔයාත් එක්ක ඔයාගෙ සිතුවිලි එක්ක කතා කරන්න හැම දවසක්ම ආදරණීය දවසක් කරගන්න එන්න, ඉතින් අපි කතා කරමු. ඉතිං කලින් මම ඇහුව ප්‍රශ්නයම ආයෙ අහන්නම්. ඔයා මේ අළුත් අවුරුද්දෙ හැමටම සුබ පතන්න කලින් ඔයාට ඔයාම සුබ පැතුවද? ඔයා ඔයාට ආදරෙයි කිව්වද? නැත්නම් අපි අද ඉදන් පටන් ගමුද? 2022 අවුරුද්දෙ ඔයාට වුන හොදම දේවල් එක්ක වගේම ඔයාට වුන නරකම දේවල් වලටත් මුහුණ දීලා එදාට වඩා අද හයියට ඉන්න ඔයාව 2023 අවුරුද්ද වෙනකන් අරගෙන ඇවිත් අද දවසෙත් ඔයාව ජීවත් කරවනවට ඔයා ඔයාට ස්තූති කරන්නම ඕනෙ.

ඉස්සර පුංචි දේටත් සැලුන ඔයාව අද ඔය ඉන්න විදියට හුස්ම ගන්න හයිය හිත ඇත්තෙක් කලාට ඔයා ඔයාට ආදරය කරන්න ඕනෙ. වටේ ඉන්න අයට ආදරය බෙදන්න කලින් ඔයා ඔයාට ආදරය කරන්න පුරුදු වෙන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් වටේ ඉන්න අයට ආදරය බෙදලා දෙන්න. මොකද මේ ලෝකෙ ඔයා ඔයාට ආදරය නොකෙරුවොත් ඔයාට ආදරය කරන්න කවුරුත්ම එන එකක් නෑ. ඒ නිසාම තමයි “Self Love” කියන දේ මේ තරම් වැදගත් වෙන්නෙ.

ඉතින් මේ සුබ අළුත් අවුරුද්දෙ මුල ඉදන්ම ඔයාට පටන් ගන්න පුළුවන්. අපි අපේ අනාගත ඉලක්ක ලැයිස්තුවක් හදලා එතනින් කෙටි කාලීනව හා දිගු කාලීනව ලගා කරගන්න ඕනෙ ඉලක්ක මොනවද කියලා වෙන් වෙන් වශයෙන් ලියාගමු. දැන් ඉදන්ම අපිට පුළුවන් ඒ ඉලක්ක ලගා කරගන්න ඔයා මොනවද කරන්න ඕනෙ කියලත් හොයලා බලලා පටන් ගන්න. හැමදාම උදේට නැගිටලා කණ්ණාඩිය ඉස්සරහට ගිහින් කණ්ණාඩියෙන් පේන ඔයාට සුබ උදෑසනක් කියලා කණ්ණාඩියෙ ඉන්න ඔයාට ආදරෙයි කියන්න. බලන්න එයා හිනාවෙන ලස්සන. ඔයාට හිතාගන්නවත් බැරි දුරකට ඔබ ඔබව ගෙන යාවී. ඔව් ඔබට පුළුවන්, අනිවාර්යයෙන්ම

මීට ආදරණීය අවේණි

වෘත්තීය මනෝවිද්‍යා උපදේශිකා දේශානි අවේණිකා සියඹලාපිටිය

සුබ අළුත් අවුරුද්දක් වේවා!

L T T E විසින් හැංගු රත්‍රන් තොගය සෙවූ නිලධාරීන්ට ලැබුණු දේ

එල් ටි ටි සංවිධානය විසින් යුධ සමයේ මුලතිව් මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ රත්රන් සහ ආයුධ තොගයක් වළ දමා ඇති බවට ලද තොරතුරක් මත ඊයේ දින (20)...

ගෙවත්තට කානේෂන් මල් පාත්තියක් එකතු කරමු

ගෙවත්තේ තියෙන මලින් පිරුන ගසක් දැකීම දෙනෙතට කොයි තරම් ප්‍රියංකර දර්ශනයක්ද? අදරය, සතුට වගේම ශෝකය පෙනවන්නත් මල් වලට පුළුවන්. ඉතින් අද අපි කතා කරන්නේ...

ලිංගික සම්බන්ධතාවයකදී ඇයි මේ ලිංගික ඉන්නන් රෝගය වැළඳෙන්නේ

මාරාන්තික ලිංගාශ්‍රිත රෝගයන්ට ගොදුරුවන්නන්ගේ ප්‍රමාණය දින දින සීඝ්‍ර ලෙස වැඩි වෙමින් පවතිනවා. ඉතින් අපි පහුගිය ලිපි පෙලින් කතා කළා අනාරක්ෂිත ලිංගික සම්බන්ධතාවයන් නිසා ඇතිවන ලිංගික රෝග...

විසික්කරන දෙහි ලේල්ලෙන් ලස්සන වෙන්නේ කොහොමද

අපි දෙහි භාවිතා කලට පස්සේ දෙහි ලෙල්ල විසි කරනවනේ. ඉතින් අපි https://thewoman.lk එකෙන් ඔයාලට කියල දෙන්නේ විස්ස්කරන දෙහි ලේල්ලෙන් ලස්සන වෙන්නේ කොහොමද කියල දෙහි ලෙල්ල...

රේඩ් මාර්තු 16 සිට

මාර්තු 16 තිරගත වීමට නියමිත රේඩ් නවතම චිට්‍රපටයෙහි අජය දේව්ගන් සහ එලෙනා ඩි කෘස් ප්‍රධාන රංගන දායකත්වය දෙයි. මෙහි අධ්‍යක්ෂණය රාජ් කුමාර් ගුපතා, තිර...

මහත වැහෙන්න ඇඳුම් අඳින්නේ මෙහෙමයි

ඔබත් ඔබේ මහත (fat) නිසා පිඩා විඳිනවද? මහත වැඩි ඔයාගේ මහත වහගන්න ක්‍රමයක් ගැනයි අපි අද ඔයාට කියලා දෙන්නේ. අපි මුලින්ම බලමු මහත වහගන්න මොනවගේ...

ලිංගිකත්වය මනස සමග පොරබැඳි සත්‍ය කතාවක්

මම හිමාලි.මගේ වයස අවුරුදු 28ක්.මම වෘත්තියෙන් විධායක නිලධාරිනියක්.මගේ සැමියා කමල්.එයාට වයස අවුරුදු 32ක්.එයා වෘත්තියෙන් ගණකාධිකාරිවරයෙක්.අපිට බබාලා හිටියේ නෑ.ඒ නිසා අපි හරිම සිත් තැවුලෙන් හිටියේ.ගෙවල්...

බිහිසුණු දින 49ක්

ග්‍රහ ලොව යක්ෂයා වූ රුධිර කාරක කුජ ග්‍රහ තාරකාව ජනවාරි මස 17 වන දින පාන්දර 5.11 ට වෘශ්චික රාශියට පිවිසෙයි. ඒ අනුව ඉතා බලවත්...

අත්වැල ගිලිහී – 02 කොටස

මිස් ශානිකා නොහොත් විරූපිකා. මට මේ ලෝකේ පේන්නම බැරි ගෑණු චරිතේ. එයා යටගිය දවස බරණැස් නුවර කාලේ ඉඳන් මගේ තාත්තා ගැන hopes තියන් ඉන්නවා....