Friday, April 26, 2024

Top 5 This Week

Related Posts

ස්වභාව සෞන්දර්යයෙන් අනූන Heritance Kandalama

Heritance Kandalama යනු ශ්‍රීලංකාවේ ඉදි වූ  සුඛෝපබෝගී මෙන් ම දර්ශනීය හෝටලයකි . ශ්‍රීලංකාවේ ප්‍රමුඛතම  ගෘහ නිර්මාණ ශිල්පියෙකු වන ජෙෆ්රි බාවාගේ අසමසම වූ හැකියාවේ  හා පරිකල්පන ශක්තියේ ප්‍රතිඵලයක් වන මෙය ස්වභාව සෞන්දර්යයෙන් අනූන දර්ශනීය නවාතැනකි.

හෝටලය අවට පරිසරය තුළට මිශ්‍ර කිරීම හේතුවෙන් පිටතින් නොපැහැදිලි වුවත් එහි ඇතුළත විශාල ඉඩ පහසුකම් සහිත විවේකී ස්ථානයක්  වන අතර හෝටලයක් තුළින් පරිසරයට වන  බලපෑම ඉතාම අවම වන අයුරින් මෙහි ඉදිකිරීම් සිදු කර ඇත. මෙම ව්‍යුහය නිර්මාණය කර ඇත්තේ, ස්වාභාවික බේසමක් ආකාරයට ඇති මෙම ස්ථානයේ  ජල ප්‍රවාහයට  බලපෑමක් සිදු නොවන  ආකාරයටයි . 1999 දී පාරිසරික තිරසරභාවය සඳහා හරිත සම්මානයෙන් පිදුම් ලැබීමට හේතු වූයේ මෙහි වූ අනර්ග නිපැයුම හේතුවෙනි.

ඇතුළත මනරම් වූ නාන  තටාකයන්ගෙන් සමන්විත වන අතර අලංකාරවත්  දැව නිර්මිත කාමරවල  සිට දර්ශනීය ජලාශ ,වන රොද  සහ දුරින් පිහිටි සීගිරි පර්වතය ද දැක ගත ගැනීමට හැකියාවක් ඇත.

මෙහි  බැල්කනියේ සිට  වඳුරන්ගෙන් දර්ශන සහිත ව ස්වභාව සෞන්දර්යය අපූරුවට විඳ ගැනීමට හැකි වන අතර , දර්ශනීය  අවන්හලක්, නිදහස් බාර් පෙදෙසක් සහ ක්‍රීඩාවට කැමති අය සඳහා ද  විවිධ පහසුකම් සලසා දී ඇත. හෝටල් කාමර 162 පුරාවට දිගු  මංතීරු සවි කර ඇති අතර සුඛෝපභෝගි ආපනශාලා මගින් මිත්‍රශීලී සහ ඉතා කාර්යක්ෂම ආහාර සේවාවක් ලබා ගත හැකිය.

දඹුල්ලේ පිහිටා ඇති මෙය ශ්‍රීලංකාවේ සංස්කෘතික ත්‍රිකෝණයෙහි හදවත තුළ පිහිටුවා ඇති හෙයින් අනුරාධපුරය, පොළොන්නරුව, සීගිරිය සහ තවත් ඵෙතිහාසික ස්ථාන රාශියකට පහසුවෙන් පිවිසීමට අවස්ථාව ලබා දේ. එසේ ම  මින්නේරිය, කඩුල්ල සහ වස්ගොමුව යන ජාතික වනෝද්‍යානවලට ද  පහසුවෙන් ළඟාවිය හැකි වන ලෙස මෙය ඉදි කර ඇත .

සුවිශේෂී අත්දැකීමක්  වන උණුසුම් වායු බැලුන් මතින් ගුවනේ ගමන් කිරීම සඳහා ඔක්තෝබර් සහ මැයි මාස අතරතුර සෑම උදෑසනකදීම අමුත්තන්ට විශේෂ අවස්ථාවක් හෝටලය විසින් ලබා දී ඇත.

HERITANCE KANDALAMA

 

 

 

 

Popular Articles