රැකියාවක් කරන කාන්තාවන් ගොඩක් වෙලාවට අපහසුතාවයට පත්වෙන්නේ රැකියාවට ගැලපෙන්න ඇඳුමක් තෝරන්න ගියාම තමයි. වෘත්තිමය පෙනුමයි විලාසිතාවයි අතර එහෙට මෙහෙට කැරකෙන වෙලාවල් අපිට ඕනි තරම් අත් දකින්න වෙනවා. fashion show එකක් වගේ පෙන්නේ නැති වෙන්න එත් office එකේ කැපිලා පේන්න අඳින්නේ කොහොමද කියලා මේ ලිපියෙන් කියලා දෙන්නයි මේ උත්සාහය.

01) ඔබේ කාර්යාලයේ dress code එක දැනගන්න
කාර්යාල ඇඳුම් (office wear) කිවුවාම අපිට මතක් වෙන්නේ ව්‍යාපාරික ඇඳුම් කට්ටලය ( business suit ) සහ අඩි උස සපත්තු කුට්ටමයි. එත් සමහර ආයතන තියෙනවා සරල ඇඳුමක් ( casual dress ) භාවිතා කරාට කමක් නෑ කියලා මතයක් තියෙන. ඒ නිසා ඔබ අළුතින් වැඩට යන කෙනෙක් නම් වඩාත් සුදුසු වෙන්නේ HR කළමණාකරුගෙන් ඒ ගැන පැහැදිලිව අහල දැනගන්න එක.

02) සරල ඇඳුමේත් ( casual dress ) පෙනුම වැදගත්
සරල ඇඳුමක් ඇන්දත් ඔබව අනෙක් අයට පෙනෙන විදිහ හරිම වැදගත්. ඒ නිසා තැන් තැන් වලින් ඉරුණු මෝස්තරය සහිත ජීන්ස්, කිළුටු කැන්වස් සපත්තු, body top T shirt වගේ ඇඳුම් ගැලපෙන්නේ නැහැ.

03) අත් රහිත නැඹුරු කර සහිත ඇඳුම් ඔබේ ගෞරවයට හානි කරයි
රැකියාවට සුදුසු ඇඳුමක් තෝරාගන්නා විට ඔබේ පපුව ප්‍රදේශය සම්පුර්ණයෙන් වැසෙන ආකාරයේ ඇඳුමක් තෝරාගන්න අමතක කරන්න එපා. ඔබට sleeveless ඇඳුම් බොහෝ ප්‍රමාණයක් තිබෙනවා නම් over coat එකක් අඳින එක වඩාත් සුදුසු වේවි. over coat එකක් භාවිතා කරන විට පිරිමි අයගේ blazer වගේ ඇඟට වඩා ප්‍රමාණයෙන් විශාල ඒවා තෝරාගන්න එපා. ඇඟේ ගාණට තියෙන ඇඟේ හැඩය කැපිලා පේන over coat එකක් තෝරාගන්න අමතක කරන්න එපා.

04) ඔබේ සාය, ගවුම දණහිස ලඟට තිබීම ප්‍රමාණවත්
mini skirt වලට කැපිලා පෙනුනත් එයත් ඔබේ කාර්යාල ජීවිතයට නම් වැඩක් වෙන්නේ නැහැ. එයින් ඔබේ ගෞරවය අඩු වෙලයි පෙනෙන්නේ. ඒ නිසා ඔබේ ගවුම හෝ සාය අඩුම තරමින් දණහිස දක්වා වත් දික් විය යුතුයි.

කාර්යාලයට යන යුවතියන්ට ගැලපෙන්නේ මෙන්න මේ විදිහටයි

ස්ත්‍රී පුරුෂ සමාජභාවය කියන්නේ Western concept එකක් ද

අපි නිරතුරුවම ඔබ වෙත ගෙනෙනවා සාර්ථක කාන්තාවන් ( women ) පිලිබඳ සහ ඔවුන්ගේ ජිවිත කතාව පිළිබඳව. ඇය නමින් ආචාර්ය අනුෂා එදිරිසිංහ. මෙවර thewoman.lk අපි...

හිස කෙස් රැකගන්න මේ විදිහට කරලා බලන්න

අද බොහෝ යුවතියන් අතර තියෙන ගැටළුවක් තමයි වියලි හිසකෙස් එහෙමත් නැත්නම් ඉක්මනින් කැඩී යන හිස කෙස්. ඒ වගේ තත්වයක් ඇති වෙන්නේ අපි කරන සමහර...

දිනපතාම අමුත්තෙකුට කාරුණික වන්න

මරණාසන්නව වැතිර සිටින ඇල්ඩොස් හක්ස්ලි සිය මුළු ජීවිතය පුරාම උගත් දේවල් සියල්ල ගැන මෙනෙහි කර එය සරල වචන 10කට සාරාංශ කළේය. " අපි එකිනෙකා...

ආවාට ගියාට ඇඳුම් තෝරන්න එපා

ඇඳුම් පැළදුම් කියන්නේ ඕනිම කෙනෙකුගේ පෞර්ෂයට බලපාන ප්‍රධාන දෙයක්. ඇඳුමෙන් ඔබේ ප්‍රතිරූපය නංවන්නත් විනාශ කරන්නත් පුළුවන්. තමන්ගේ හැඩරුව ඉස්මතු කරන, ප්‍රසන්න හැඟීම් ඇතිවන ඇඳුම්...

රැකියාවට ගැලපෙන්න ඇඳුම විතරක් මදි

රැකියාවට යන යුවතියන් තමන්ගේ ඇඳුම කොහොමද තෝරාගන්නේ කියලා අපි පහුගිය ලිපියෙන් කතා කළා. ඉතින් අපි අද කියලා දෙන්න යන්නේ පාවහන්, කරාඹු, අත් බැග් වගේ...

ශ්‍රී ලංකාවේ දෙමළ පවුල ඕස්ට්‍රේලියාවම කළඹවයි

ශ්‍රී ලංකාවට පිටුවහල් කරනු ලැබූ සිව් දෙනෙකුගෙන් යුත් පවුලක් (ඕස්ට්‍රේලියාවේ උපන් කුඩා දරුවන් දෙදෙනෙකු ද ඇතුළුව) ශ්‍රී ලංකාව බලා පිටත් වූ ගුවන් යානයකින් මෙරටට...

ඉවසීම රඳවා ගන්න

" ඕනෑම අයෙකුට කෝප විය හැකිය. එය පහසුය, එහෙත් නියම පුද්ගලයා සමඟ නියමිත ප්‍රමාණයට, නිවැරදි වෙලාවට, නිවැරදි අරමුණක් උදෙසා, නියම ආකාරයට කෝප වීම නම්...

කායිකව එක් නොවුනත් තවමත් චිත්ත බැඳීම ශක්තිමත් වූ අඹුසැමි යුවලකගේ සත්‍ය කතාවක්

මම නිම්මි. වයස අවුරුදු 34යි. මම විවාහ වෙලා දැනට අවුරුදු 05ක් වෙනවා. මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. දුවට අවුරුදු 04යි, පුතාට අවුරුදු 02යි. දැනට අවුරුද්දකට...

ආදරයක වටිනාකම නොදත් ආදරය

සත්‍ය සිදුවිමක් පදනම් කොට මගේ ඇගිලි තුඩු මතින් පාඨක ඔබේ රසවින්දනය උදෙසා වචන වලට පෙරලන තවත් එක් වැයමකි "නම් ගම් මනඃකල්පිතයි" වෙන්නපුව නගරයේ....කටුනේරිය ගමේ ජිවත් උන...