අපි පවුලක් විදිහට සමාජයට මුහුණ දෙනකොට විවිධ සම්බන්ධතා ගොඩ නගා ගන්න වෙනවා. අපිට මුහුණ දෙන්න වෙන අභියෝග ජය ගත හැකිවන්නේ හැක්කේ ඒ වගේ සමාජ සම්බන්ධතා ජාලයක් තිබුමොත් තමයි. නමුත් ඒ හැම සම්බන්ධයකම සීමාවක් තියෙන්න ඕනි. සීමාවකින් තොරව අසල්වැසි සමාජ සම්බන්ධතා පවත්වලා අමාරුවේ වැටෙන්නේ නැතුව ජිවත් වෙන ආකාරයයි අද අපි ඔබට කියන්නේ.

හිතවත් ඇතිකරගැනීම මනුෂ්‍ය සභාවයි. අසල්වැසියන් සමඟ බොහෝදුරට අපි හිතවත්කම් ගනුදෙනු කරන්නෙමු. නමුත් මේ සම්බන්ධතා ඕනිවට වඩා ලං කරගන්න ගියොත් නම් නොසිතු ගැටළු වලට මුහුණ දෙන්නයි සිදු වෙන්නේ. මුගණුදෙනු මෙහිදී ප්‍රධාන වෙනවා. අසල්වැසි කාන්තාවක් සමඟ සැමියාට නොදන්වා කල මුදල් ගනුදෙනුවක් නිසා අමාරුවේ වැටුනොත් එය පවුලේ ගැටළුවක් දක්වා දුරදිග යන්න හේතු වෙන්න පුළුවන්. එසේම සිදුවූ සත්‍ය සැමියාගෙන සැඟවීමට යාමෙන්ප්‍රශ්නය දෙගුණ තෙගුණ වෙන්නත් පුළුවන්.
රැකියාවක් නොකර නිවසට වී සිටින කාන්තාවන් බොහෝ දෙනෙකු අසල්වැසි කාන්තාවන් සමග එකට එකතු වී වගතුග කියමින් ඕපාදුප කියවමින් කල් ගත කරන්නට පෙළබේ. මේ කතා බහට ගොඩක් වෙලාවට මාතෘකා වෙන්නේ ළමයෙකු ගත්ත ලකුණු,, අනුන්ගේ ගෙදරකට ගෙනාපු ගෘහ උපකරණයක් එහෙමත් නැත්නම් මේ ඕපාදුප සංගමයට එකතු වෙන්නේ නැති රැකියාවක් කරන කාන්තාවක්. මේ හැම කතාවකම අවසානය වෙන්නේ හිත රිදීමක් සමහර විට එක වෙනත් පාර්ශවයක් ගැන කියන කේලමක්, එහෙමත් නැත්නම් පවුල් ආරවුලකට මුල පිරීමක්.
” අනේ ඒ ගෙදර කාර් එකක් තියෙනවා. අපිට ඉතින් මේ බයික් කට්ට තම පැද පැද ඉන්න වෙන්නේ. “අදී වශයෙන් සැමියාට බැන වදිමින් තවත් පවුලක් එක්ක සන්සන්දනය කරමින් මේ ගැටුම් ඇතිවෙන්න පුළුවන්. එය විවාහ අසාර්ථක වෙන්නත් හේතුවක් වෙනවා.
ගැහැණුන්ගේ ගෞරවය නැති කරන තවත් එක් ගැහැණු කණ්ඩයක් තමයි මේ ඕපාදුප සංගමය. රැකියාවකට යන කාන්තාවක් යාබද නිවසක සිටිනාවා නම් ඇය අඳින පළදින් විදිහ, ඇගේ රැකියාවේ තත්වය, ඇයට ආශ්‍රය කරන්න ලැබෙන සමාජ තත්වය මෙකි නොකී සියලු දේවල් වලින් පහර දීමට ඔවුන් පෙලබෙනවා. ඇත්තටම මෙවැනි පහරදීම් වලින් අහිමි වෙන්නේ ඔබේ ගෞරවයම තමා. මේ වගේ දේවල් වලින් එලියට එන්නේ තමන්ට වඩා ඉහල තැනක තවත් කාන්තාවක් ඉන්නවට තිබෙන ඉරිසියාව, කුහක කම තමයි.
දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ගැනත් කතා නොකරම බැහැ. අසල්වැසියන් අතර දරුවන්ගේ අධ්‍යාපනය වටා බොහෝ තරඟකාරීත්වයක් ගොඩ නැගී තිබෙනවා. කාන්තාවන් මෙසේ ඇතිකරගන්න තරඟය නිසා දරුවාගේ අධ්‍යාපනයවත් ඇතැම් විට ක්‍රමවත්ව කරගන්න බැරුව යනවා. මන්ද රැල්ලට දරුවන් පන්ති රැගෙන යනවා ඇරෙන්න ඔවුන්ගේ අඩුපාඩු සොයා බලා කටයුතු කරන්න කාලයක් නැති වෙන නිසා.
ඇතැම් කාන්තාවන් සැමියා දරුවන්ගේ කටයුතු වලට මුදල් නොදෙන බව පවසා ආඩපාලි කියමින් සැමියාගේ ගෞරවයද අසල්වැසියන් ඉදිරියේ පාවා දෙන්නට කටයුතු කරයි. මෙයින් සිදු වන්නේ තම පවුලේ ගැටළු වෙනත් කාන්තාවගේ කනට යෑමය . මෙවැනි කතා කනින් කනට වෙනත් ස්වරූප වලින් ගොස් අවසානයේ සැමියාගේ කනටද වැටුනහොත් සිදු වන්නේ පවුලේ සතුට බිඳ වැටීමය.

එකිනෙකාගේ උසුළු විසුළුවට ලක් කරමින් වැරදි චරිත සහතික දෙන්න අසල්වැසියන් තරම් කවුරුත් රුසියෝ නොවෙති.ඔවුන් බලා සිටින්නේ ඔබට වැරදෙන තුරුය. නමුත් මේ අතර හැම කෙනෙක්ම එවැනි කළු චරිත නෙමෙයි. කළු චරිත අතර සුදු චරිත හොයාගන්න ආශ්‍රය කරන්න දක්ෂ වෙන්න ඕනි. ඒ වගේම සීමාවක සිට අසල්වැසියන් ඇසුරු කලොත් පවුල් අසමගිකම් ඇති නොවී කටයුතු කරන්න ඔබටත් හැකි වේවි.

අසල් වැසියන් එක්ක මිත්‍රකම් බලාගෙනයි

ආවාට ගියාට ඇඳුම් තෝරන්න එපා

ඇඳුම් පැළදුම් කියන්නේ ඕනිම කෙනෙකුගේ පෞර්ෂයට බලපාන ප්‍රධාන දෙයක්. ඇඳුමෙන් ඔබේ ප්‍රතිරූපය නංවන්නත් විනාශ කරන්නත් පුළුවන්. තමන්ගේ හැඩරුව ඉස්මතු කරන, ප්‍රසන්න හැඟීම් ඇතිවන ඇඳුම්...

පවුල් සැලසුම් ක්‍රම නිසි ආකාරව භාවිතා කරන ආකාරය

පහුගිය සතියේ පවුල් සැලසුම් ක්‍රම ගැන අපි ඔබව දැනුවත් කළා. ඉතින් අපි මෙවර ඔබව ගැඹුරින් කථා කරන්න යන්නේ එම පවුල් සැලසුම් ක්‍රම භාවිතා කරන...

තමන්ට ගැලපෙනම මංගල සාරිය තෝරන්න දන්නවද

විවාහය කියන්නේ තරුණියකගේ ජිවිතේ වැදගත්ම අංගයක්. එදාට ලස්සනට හැඩ වෙන එක තරුණියකගේ හීනයක්. අවට ගියාට මංගල ඇඳුම් තෝරාගන්නේ නැතුව අතේ ඇති මුදලට වඩාත්ම සුදුසු...

හිරු එලියට නිරාවරණය වීමෙන් ඔබේ ශරීරයට ලැබෙන වාසි

හිරු එළිය යනු මිනිසුන් සහ සතුන් සියල්ලන්ටම ස්වභාවධර්මය මඟින් ලැබුණු අපුරු දායාදයකි. ශාකයන් හි පැවැත්ම සඳහා හිරු එළිය ඉතාම වැදගත් වේ. එලෙසින්ම මිනිසාට ද...

රේඩ් මාර්තු 16 සිට

මාර්තු 16 තිරගත වීමට නියමිත රේඩ් නවතම චිට්‍රපටයෙහි අජය දේව්ගන් සහ එලෙනා ඩි කෘස් ප්‍රධාන රංගන දායකත්වය දෙයි. මෙහි අධ්‍යක්ෂණය රාජ් කුමාර් ගුපතා, තිර...

දුරකතනයට හොද කවරයක් තෝරාගන්නේ මෙහෙමයි

ඉහල මිලක් දීල ස්මාර්ට් දුරකතනයක් ගන්නේ ෆැෂන් එකට වගේම කාලයක් පාවිච්චි කරන්නත් එක්කයි. නමුත් එයට කවරයක් නොදා සිටීමෙන් හදිසි අවස්ථාවකදී බිම වැටීමක් වැනි දෙයක්...

බැඳලා මාස හතයි. ලිංගිකව එකතුවෙලා නැහැ. දැනගන්න කියවන්න

මම ගයානි. අවුරුදු 27ක් වන මම සම්පත් සමඟ විවාහ වෙලා දැනට මාස 07ක් වෙනවා. ඔහු පෞද්ගලික අංශයේ රැකියාවක් කරන අයෙක්. අපි යෝජිත විවාහයකින් විවාහ...

තම දරුවන් ඉදිරියේ දෙමවුපියන් තම බලය පෙන්වන්නේ බලාගෙනයි

පුංචි දරුවන් කියන්නේ හැමවෙලේම වැඩිහිටියන් අනුකරණය කරන කොටසක්.හොද හෝ වැරදි වේවා තමන් සමඟ නිතර ගැවසෙන වැඩිහිටියන්, දෙමවුපියන් කරන කියන දේවල් අනුකරණය කරන්න දරුවන් පෙළඹෙනවා. නිවස...