මංගල යහනේදී පිරිමි ඉල්ලා සිටින්නේ කාන්තාවගේ පිරිසිදුකම තහවුරු කරන කන්‍යාභාවයයි. 21 වන සියවසේදීත් ආසියාතික රටවල කන්‍යාභාවයට විශාල වටිනාකමක් තියනවා. අතීතයේ පටන් කාන්තාවකගේ කන්‍යාභාවය පරික්ෂා කිරීම සහ එය තිබීම හෝ නොතිබීම මත පවුල තුල, සමාජය තුල, කාන්තාවට වටිනාකමක් හිමි වෙලා තිබුණේ. ඉතින් වෛද්‍ය විද්‍යාවෙන් ලොව ජයගෙන ඇති මෙවැනි කාලයක යල් පැන ගිය මිනුම් දඬු, ආකල්ප සහ විසඳුම් වලින් කාන්තාවකගේ පවිත්‍රත්වය මැන බැලීමෙන් ඇයගේ අනාගතය අඳුරට ඇද දැමීම කොතරම් අනුවන ද කියා සිතා බැලිය යුතුය. කාන්තාවන් අතරින් 20% කටම ස්වභාවිකව කන්‍යාභාවය නොපිහිටන බව වෛද්‍ය විද්‍යාත්මකව ඔප්පු කර තිබෙනවා. එසේම කාන්තාවන්ගේ ශරීරයේ සිදුවන ස්වභාවික ක්‍රියාවලිය හේතු පාදක කරගෙන ඇගේ පිරිසිදුකම මැන බැලීම කොතරම් සාධාරණ ද යන්න සොයා බැලිය යුතුයි.

කාන්තාවගේ බාහිර ලිංගේන්ද්‍රයේ යෝනි විවරය තුල ඇති සියුම් පටලය ප්‍රශස්ථ රජ්ජුව නොහොත් කන්‍යාපටලය ලෙස වෛද්‍ය විද්‍යාවේදී හඳුන්වනු ලබනවා. වෛද්‍යවරුන්ගේ සමීක්ෂණ වලට අනුව පළමු ලිංගික සංසර්ඝයේදී කන්‍යාපටලය බිඳී රුධිරය වහනය සිදුවෙන්නේ කාන්තාවන්ගෙන් 60 කට පමණි. ඉතිරි 40කගේ කන්‍යාපටලය පිහිටා තිබුනත් එය බිඳී යාමකට ලක් නොවන්නේ ස්වභාවික ක්‍රියාවලියක් මතය.

අතීතයේ සිංහල සමාජය තුල කන්‍යාපටලය පරීක්ෂාවෙන් යුවතියගේ පිරිසිදුකම මත ඇයට පවුල තුල වටිනාකමක් දීමට උත්සහ කල ද සිදුවන්නේ කාන්තාවට වටිනාකමක් හිමිවීම නොව ඇය සමාජය තුල, පවුල තුල අඩු සැලකිල්ලකට පත් වීමයි.

කන්‍යාවක් ලෙස අපි හඳුන්වන්නේ විවාහයට පෙර කිසිම පිරිමියෙකු සමඟ ලිංගික ක්‍රියාවලියක නොයෙදුන ස්ත්‍රියකටයි. මනාලිය කන්‍යාවක් ද කියා සැක හැර දැනගන්නේ මධුසමය දා පළමු ලිංගික එක්වීමේදී රුධිරය වහනය වීම මතය. එසේ නම් ස්වභාවිකව කන්‍යාපටලය පිහිටා තිබුනේ හෝ ස්වභාවිකව එය කැඩී ගිය යුවතියක කන්‍යාවක් නොවන්නේ ද යන කරුණ ගැන අපි මුලින්ම සිතා බැලිය යුතුයි.

ඇතැම් කාන්තාවන්ගේ කන්‍යාපටලය ඇදෙන සුළුයි. මෙහිදී කිසි දිනෙක එය කැඩී යාමට ලක් නොවේ. ඇතැම් කාන්තාවන්ගේ කන්‍යාපටලය බිඳී යන්නේ පළමු දරු ප්‍රසුතියේ දිය. නමුත් ලංකාවේ පොදු පිළිගැනිම වනුයේ එය පළමු ලිංගික සංසර්ඝයේදී බිඳී යා යුතු බවයි. පොදු පිළිගැනීම එය වුවත් අප කථා කල යුත්තේ එහි ඇති වැරදි වැටහීම පිළිඹඳවය.

සමහර යුවතියන්ට උපතේදීම කන්‍යාපටලයක් නොපිහිටයි. බොහෝ විට ගැහැණු ළමුන් විවිධ ක්‍රීඩා වල යෙදීමේදී කන්‍යාපටලයට හානිවන අවස්ථා ද තිබේ. ඒ අනුව වෛද්‍යවරුන්ගේ නිගමනය වන්නේ ලිංගික එක් වීමකින් තොරව කන්‍යාපටලය බිඳී යා හැකි බවයි. එබැවින් අප සිතිය යුත්තේ කිසි දිනෙක ලිංගික ක්‍රියාකාරකමක යෙදී නැති පිවිතුරු යුවතියන් ද කියා තීරණය කරන්නේ තවදුරටත් කන්‍යාපටලය හරහාම ද කියන කාරණයයි. එය යුවතියකගේ අනාගතය නිරපරාදේ විනාශ කරන්න පුළුවන් කාරනාවක් වන්නට තිබෙන ඉඩකඩ වැඩිය.

මිට පෙර ද එසේ සිය මංගල දිනයේදී කන්‍යාභාවය ඔප්පු කර ගැනීමට නොහැකි වූ යුවතියන් තමුන්ගේ ඉතිරි කාලය ප්‍රශ්න සමඟ ගත කිරීමට නොහැකි නිසා ජීවිතය හානි කරගත් අවස්ථා ද වාර්තා වී තිබෙනවා.

යුවතියක් විවාහ වන තුරු තමුන්ගේ ගෞරවය රැකගෙන සිටීම ඇයගේ වගකීමකි. එසේ නොමැතිව එය පවුලේ අය තීරණය කර ඇගේ ජීවිතය විනාශ කිරීම නොකළ යුතුය. මෙහිදී ගැහැණු දරුවන් වැඩිවියට පත් වූ අවධියේ පටන් කන්‍යාභාවය පිලිඹද වැරදි ආකල්ප, සිතුවිලි මනස තුලට කාවද්දා ඔවුන්ගේ නිදහස සිමා කිරීමත්, විවාහය පිළිඹඳව බිය ඇති කිරීමත් බොහෝ විට වැඩිහිටියන් විසින් සිදු කරන වැරදි ක්‍රියාවකි. එයින් සිදුවන්නේ ඇය කන්‍යාභාවය ගැන දිගින් දිගටම සිතා මංගල රාත්‍රියේදී එසේ නොවීමෙන් ජීවිතය කලකිරුවා ගැනීමය.

සිදුවිය යුත්තේ යුවතියකගේ කන්‍යාභාවය ඔප්පු කිරීම නොව දෙදෙනාගේ අන්‍යොන්‍ය විශ්වාසය මත පදනම් වූ අවංක සාකච්ජාවකට පිවිසීමය. තමුන්ගේ චරිතවත්භාවය පිළිඹඳ පටලයේ එහා ගිය පුළුල් දැක්මක් ඇති කර ගැනීම වැදගත් වෙයි.

පිළිගත් වෛද්‍යවරයෙකු හමු වී කන්‍යාපටලය බිඳී නොයැමට හේතුව සොයා බැලිය හැක. එමගින් නිවැරදිභාවය ඔප්පු කරගත හැකිය.

එසේම වර්ථමානයේ දියුණු තාක්ෂණයක් යටතේ ඉතා සියුම් ශල්‍යකර්ම මඟින් අහිමිව ගිය කන්‍යාපටලය නැවත සකස් කරගැනීමට ද හැකියාව පවතී. ඒ නිසා මෙවැනි ආකල්ප මත යැපීම අනුවන ක්‍රියාවකි. නමුත් යුවතියකට වඩාත් වැදගත් වන්නේ කන්‍යාපටලය තිබීමය. එයින් ලෙඩරෝග වලින් ඇයට ආරක්ෂාව සැලසේ. ඒවගේම තමන්ගේ ගෞරවය ආරක්ෂා කර ගැනීමට ද හික්මීමක් ඇති වේ. එනමුත් යුවතියකගේ චරිතවත් බව පිරිසිදු බව මෙවැනි වටිනාකමක් නැති සියුම් පටලයකට භාර දීම වරදකි, අනුවණ කමකි.

 

ඔබේ කන්‍යා පටලය ගැන ඔබ දන්නවා ද ( අතිශයින්ම කාන්තාවන්ට පමණයි )

Bollywood තරු ශ්‍රී දේවිට අවසන් ගෞරව දක්වයි.

බදාදා (28) උදෑසන සිට ශ්‍රී දේවියගේ දේහයට අවසන් ගෞරව දැක්වීම පිණිස බොලිවුඩ් තරු , රසික රසිකාවියන්, මාධ්‍ය පැමිණ සිටි ආකාරයයි මේ. https://www.youtube.com/watch?v=7j-GX1fBJNs  

Jumanji: Welcome to the Jungle Story

පාසැල් දරුවන් 4දෙනෙකු හා පැරණි වීඩියෝ ක්‍රීඩාවක් අතර සිදුවන අපුර්ව සිදුවීම් මාලාවක් ආශ්‍රයෙන් නිපදවූ චිත්‍රපටියකි Jumanji. වීඩියෝ ක්‍රීඩාවේ සිසුවන සිදුවීම් සැබෑවටම සිදුවන සිදුවීම් වන...

සුරත් සුවය

ඔබට මේ සටහන කියවන්න යැයි මම ඇරයුම් කරමි. මේ මෑත කාලයේදී අන්තර් ජාලයෙහි ඉහළම ස්ථානයක් ලබා ගත් ගීතයකි. මේ ඒ පිළිබඳව කියවීමකි.. නිල් වරළ පුරා...

සාර්ථක වෙන්න කැමති අයට Steve Jobs ගෙන් උපදෙස්

මාවතේ ඉදිරියට යන්න හිතන ඔබ ඇත්තටම සාර්ථක වෙන්න කැමති නම්, ඕනෑම අයෙක් අනිවාර්යයෙන්ම කලයුතු දෙයක් තිබෙනවා. ඒ තමයි ලෝකයේ සාර්ථකත්වයට පත් වූ පුද්ගලයන්ගේ චරිතාපදාන...

චාරිකා – 04 කොටස

මේ කතාව අතීත කතාවක්. මම ඉස්කෝලේ යන කාලේ. ඒ කාලේ MOBILE PHONE, WHATSAPP, FACEBOOK ඔය මුකුත්ම තිබුණේ නැති කාලයක්. හැබැයි හරිම සුන්දරයි. ඒ කාලේ CALL...

INTERFLASH

INTERFLASH 2018 ජනවාරි 26 වන දින සවස 5.00 සිට විහාර මහා දේවි විවෘත රඟහලේදී

පරණ පණක්

කුඩා කල සිට පළහ ඌවෙ පදිංචිව සිටි මම, එහි ඇති වියලි පරිසරයට අනුගතව හැදී වැදුණු අයෙකු බව පැවසීමට නොපකිලේන්නෙමි. එම පරිසරයේ දක්නට ලැබෙන ,...

ඔබේ පසුගිය වසරේ ව්‍යාපාරය අසාර්ථක වුනේ ඇයි

ඔබ අලුත් ව්‍යාපාරයක් ( Business ) ආරම්භ කිරීමට සැලසුම් කරන්න ඇති. සමහරු අලුත් ව්‍යාපාරයක් ( business ) ආරම්භ කරන්න ඇති. ඔබ ආරම්භ කල ව්‍යාපාරයක්...