Top 5 This Week

Related Posts

චාරිකා – 06 කොටස

මේ කතාව අතීත කතාවක්. මම ඉස්කෝලේ යන කාලේ. ඒ කාලේ MOBILE PHONE, WHATSAPP, FACEBOOK ඔය මුකුත්ම තිබුණේ නැති කාලයක්.
හැබැයි හරිම සුන්දරයි. ඒ කාලේ CALL එකක් ගන්නවා කියන එකත් හරි ලොකු දෙයක්. ලියුම් ලියලා පොත් අස්සේ දාලා එහා මෙහා වුණ ආදර කතා එමටයි.
කොච්චර බස් ආවත් SCHOOL BUS එකේම එල්ලිලා යන්න තිබුණ ඕනෙකම, තාම එහෙම්මයි. මගේ මුළු ජීවිතේම වෙනස් වුණේ A/L කරන කාලේ. මම ගෙව්වේ සැහැල්ලු ජීවිතයක්.තාමත් එහෙම තමයි. හැබැයි ඒ හැමදෙයක් එක්කම මාත් එක්කම මගේ අම්මා හිටියා. එක එක හැල හැප්පීම් එක්ක ජීවිතේ ගලාගෙන යනවා. ඒත් මම තාම හිතින් ජීවත් වෙන්නේ ඒ සුන්දර පාසල් කාලේ. ජීවිතේ ගොඩක් දේවල් සිද්ධවෙන්නේ එකපාරයි. ඉස්කෝලේ කාලෙත් එහෙමයි. ඒ මතකය අනික් හැමදේටම වඩා සුන්දරයි. ඇත්තමයි.
මම මෙහෙම කියන්නම්,
“සංසාර චාරිකා නිමවෙනා දින තෙක්ම…එනවාද මා එක්ක පදවන්න නෞකාව…”
මම ධරණි චාරිකා

 

කල්පනා කර කර ගෙදර එද්දි අම්මා පාර බලන් ඉන්නවා

මොකෝ අම්මා අද පාරට වෙලා…”

චූටිව දැක්කද ලොකූමේ කෙල්ලට සැර කළා කියලා දිව්වනේ තරහා වෙලා…” නංඟිගේ වැඩ ඔහොම තමා. අම්මා පොඩ්ඩක් හරි බැන්නොත් තරහවෙලා යනවා ගෙදරින්

මම අම්මා අතට බෑග් එක දීලා ආයේ දිව්වා කෙල්ලව හොයන්න. නංඟි වැඩි හරියක් යන්නේ ගෙවල් පහළ තියෙන වත්තේ දෙල්ගහ උඩට. මං ඉතිං එතෙන්ටම දිව්වා. පේන තෙක් මානෙක කෙල්ල නෑ.

චූටි…. චූටිඔයා කොහෙද….? අක්කා ආවායන් ගෙදර…” මම ටිකක් සද්දෙන් කෑගැහුවා.

කෙල්ලගෙන් සද්දක් නෑ. වෙනදට නම් කෙල්ල ගහ උඩ ඉඳන් බහිනවා. මගේ කකුල් දෙකත් එක්ක පණ නැති වුණා.

චූටි…. අක්කිට බඩගිනිඑන්නකෝ ඉන්න තැනකින්…” මම ආයෙත් කෑගැහුවා.

කිසි සද්දක් නෑ. කුසුම් නැන්දා දර මිටියකුත් උස්සන් එනවා දැක්කා.

නැන්දේ අපේ නංඟිව දැක්කද…?” 

නෑ කෙල්ලේඇයි ගෙදර නැද්ද…?”

අම්මා මොකක් හරි එකකට බැනලා.. එය ගෙදරින් ඇවිත්….” මට ඇස් වල කඳුළු පිරුනා.

මේ පොඩි කෙල්ල කොහේ ගියාද…? හා යමු බලන්න…” නැන්දා දර මිටිය බිමට දාලා මාත් එක්ක ආවා.

පුළුවන් දුරක් ගියා. නංඟිගේ ලකුණක්වත් නෑ. මට තව දුර යන්න පණත් නෑ.

මගේ ඇඟට පණත් නෑ නැන්දේමෙයා කොහේ ගිහින්ද…?”

අපි යමු ආපහුගිහින් තව කාව හරි එක්ක එමු…” කුසුම් නැන්දයි මමයි ආපහු හැරුනා.

දැන් මම අම්මට මොනද කියන්නේ හිත හිත ගෙදර ගියා. ගෙදර යනකොට අම්මගෙ සද්දේ. මට හිතුනෙම වෙන දෙයක්. මම ගේ ඇතුළට දිව්වා. නංඟි ඉන්නවා ආයෙත් ඔළුව තුවාල කරන්.

මෙයාගේ වැඩ නම්දෙන්න හිතයි…” මම එහෙම හිතුවා.

කොහේ ගිහින්ද මේ…?” කුසුම් නැන්දා ගෙට එන ගමන් ඇහුවා.

බලන්න අක්කේ මේ හිතුවක්කාර කෙල්ලබැන්නා කියලා ගෙදරින් පැනලා දිව්වා. අර විජේලගේ ගෙදර තාප්පෙන් වැටිලා ඔළුව තුවාල් කරන්. මිනිස්සු මේ බෙහෙත් දාලා ගෙදර එක්ක ආවේ. දෙන්න හිතයි මට…”

නංඟිත් අඬනවා. අම්මත් අඬනවා.

ලොකු කෙල්ල අර වත්තේ ඉද්දි මට හම්බුණේ. මම යන්නම් එහෙනම්….” කියලා කුසුමා නැන්දා ගියා.

ඔයා මොනවද චූටි මේ කරන්නේ…? මම කියලා තියෙනවා නේද විභහගෙට පාඩම් කරන්න කියලා….” 

කරනවා පාඩම්මෙයාට ලොකු ඉස්කෝල ඕනේ නෑහිටපුදෙන් ඔහොම…” අම්මා බැනලා ගියා.

මොකෝ වුණේ…?” මම චූටි ළඟින් වාඩි වුණා.

අම්මා බැන්නා….” කෙල්ල කඳුළු පෙර පෙර කිව්වා.

ඔයා දඟ වැඩ කරන නිසානේ චූටි. බලන්න අම්මයි මමයි කොච්චර බය වුණාද…?” 

කෙල්ලට ඒකට හිනා. අනේ මේ දඟ මල්ල නම්

සාකච්ඡා මට්ටමෙන් ප්රශ්ණේ විසඳුනා. හැබැයි අම්මා තාත්තට නම් කිව්වා. කෙල්ලගේ කෙරුවාව. දොඩම් ඇට දෙකක් උස නෑ. කරන්නෙම මරි වැඩ. අපේ නංඟි ශිෂ්යත්වේ ලියන්න තරම් වැඩිලා නෑ මම හිතන්නේ.

සෙනසුරාදා class යනවද නැද්ද කියලා මම දහ අතේ කල්පනා කළා. මෙච්චර දවසක් තිබුණේ නැති කොළු කේස් එකක් පැටලෙනවා කියන්නේ නම් අවුල් සහගත සීන් එකක්

කරන්න දෙයක් කියහන් බන්මට කොහෙත්ම බෑ විදුරංගව meet වෙන්න. ඕක වාතයක් වෙයි තේජා….” මම උදේ ඉඳන් තේජට නහුකුණු ගාන්න පටන් ගත්තා.

උඹේ කට විතරයි. කොල්ලෙක් meet වෙන්න ඇහුවම නැට්ට ගහගන්නවා කකුළ් දෙක අස්සේ. පලයංකෝ පපුව ඉස්සරහට දාලා නියම කෙල්ලෙක් වගේ….” තේජා නිකන් දේශපාලකයෙක්ට television විවාදෙකට  යන්න උපදෙස් දෙනවා වගේ මට උපදෙස් දෙනවා.

පපුව ඉස්සරහට දාන්න බෑ. ඒක කොල්ලන්ගේ අවධානෙට ලක්වෙනවා වැඩි එතකොට….” මම කිව්වා.

දැනටත් උඹේ සරුවාංගේ කට්ටියගේ අවධානෙට ලක්වෙලානේ….”

බයිලා නෙමේ බන්උඹ නම් මහ ගල් එළදෙනක්…. තලගොයා වගේ ඔළුව වන වන විකාර දොඩවන්නේ…?” මට අසූහාරදාහට තද වුණා තේජා එක්ක.

දවල් class ඇරිලා මම එළියට ආවේ පණ අතින් අරන්. විදුරංගයා දැක්කොත් පණ එපා කියලා දුවන්න. ඒත් පේන තෙක් මානෙක මිනිහා නෑ. මම පපුවට හොඳ හුස්මක් අරන් තේජා එක්ක පඩිපෙළ බැස්සා

උඹ ගත්ත හුස්ම දාපන් එළියටසත් මහළින් බැහැගෙන එනකොට පිළිගන්න වගේ අන්න ඉන්නවා පාමුල….” තේජා විදුරංගව පෙන්නුවා

ගඩොල් බාගයක් අතාරින්න හිතුනා මට උන්දැගේ ඔළුවට

මේ දවස් වල ග්රහයෝ නීච වෙලා බන්. ඔක්කොම එවුන් එක්කෝ එක කොටුවක. නැත්තන් කොටු ටික හිස්…” මම එහෙම කියලා ඕනෙවට එපාවට පඩිපෙළ බැස්සා.

විදුරංගයා අනංගයා වගේ ඉන්නවා. ගෝලයෝ දෙතුන් දෙනෙකුත් එක්කම. මුන් මට ගහන්නවත් ආවද මංදා. මාව දැක්කම මිනිහගේ මූණේ මල් හතක හිනාවක් ඇඳුනා. හම්මච්චියේමෙන්න මේකා හිනාවෙනවා. ඒකත් සුපිරි ගණයේ හිනාවක්

මම ස්ත්රී ශක්තිය ඇට ලේ මස් නහර ඔක්කොටෝම අරන් තේජගේ අතින් අල්ලගෙන මිනිහා ළඟට ගියා.

විදුරංග කතාවක් බහක් නැතුව ඇවිදින්න පටන් ගත්තා. මිනිහගේ ඇම්බැට්ටයෝ දෙන්නත් එක්ක ගියා. Class එක පහුවෙලා ටික දුරක් ඇවිත් විදුරංග අතුරු පාරකට හැරිලා තව ටිකක් ගියා.

අයියේමට ඔයා පස්සෙන් මෙහෙම එන්න බෑමොකටද මාව meet වෙන්න ඕන කිව්වේ…?” මම බැරිම තැන ඇහුවා.

විදුරංග ආපහු හැරුනම යාළුවෝ දෙන්නා ටිකක් එහාට ගියා. මම තේජට එතනම ඉන්න කියලා විදුරංග ළඟට ගියා.

විදුරංග මං දිහා ටිකක් වෙලා බලන් හිටියා. look එක නම් කොහෙත්ම දිරවන්නේ නෑ.

ධරණි…” මේ යකත් මගේ නම දන්නවනේ. හරියට මම නම පත්තරේ දාලා වගේ

ඔව්මම ධරණි තමයි….” මම ටිකක් සැර හඬකින් කිව්වා.

නංඟිමම මේක ඔයාගෙන් අහන්න හිටියේ මීට ගොඩක් කාලෙකට කලින්. ඒත් exam ළඟ නිසා මට වැඩ වැඩියි. ඒත් මට exam ඉවරවෙනකල් ඉන්න බෑමම ඔයාට කැමතියි….” විදුරංග කියද්දි මට උතුර දකුණ මාරු වුණා.

මේ දවස් වල ධරණිගේ සිකුරු හතේ. ඇරෙන්න අනික් ඔක්කෝම ග්රහයෝ නීචයි.

මම දන්නේ නෑ අයියේ. වුණාට මට කැමති වෙන්න බෑ….” මමත් කෙලින්ම කියලා දැම්මා. ඇත්තටම මේ වෙනකොට අපූර්ව මාව සින්නක්කරේටම අරන් ඉවරයි.

ඇයි ….?” විදුරංග අහපු විදියෙන් තේරුනා මිනිහට අත දිග ඇරලා කම්මුල් පාරක් වැදුණු ගානට.

මම next year exam. ඒක ඔයා දන්නවනේ. මට එතකල් කොල්ලෙක් එක්ක යාළුවෙන්න මම කියන්නේ love affair එකක් පටන් ගන්න ඕන නෑ…”

ඔයාට කොල්ලෙක් නෑනේ….” කියන්නේ මේකා හැම රෙද්දම හොයාගෙන.

කොල්ලෙක් හිටියත් නැති වුණත් මට මේකට කැමති වෙන්න බෑ…” මම ටිකක් තරහෙන් කිව්වා.

හරිමම ඔයා exam කරනකල් ඉන්නම්…..” විදුරංග වැඩේ අතාරින්නෙම නෑ.

මේ විදුරංග අයියේ…. නිකන් කාලේ නස්ති කරගන්න එපා…. මම කැමති නෑඑච්චරයිමම යනවා….” කියලා ඇවිත් මම තේජගේ අතින් ඇදගෙන ආවා.

 

මතු සම්බන්ධයි.

 

©නදීශානි බණ්ඩාර දොඩංගොල්ල

 

[su_button url=”https://thewoman.lk/charika-05/” target=”blank” background=”#dbd6da” color=”#090808″ icon=”icon: reply”]චාරිකා 05[/su_button]

Popular Articles