පහුගිය දිනවල රුපලාවන්‍ය ශිපියෙකු ලෙස නමක් දිනා සිටි කෙනෙකු විසින් පැවැත්වූ උපන්දින සාදයක් නිසා රුපලාවන්‍ය ක්ෂේත්‍රය ගැන බොහෝ දෙනෙකු අතර කතා බහට ලක් වුනා. උපන්දිනයට සහභාගී වූ අයත් ඇඳුම් මෝස්‌තර, රුපලාවන්‍ය පිලිබඳ අන්තර්ජාලය පුරා විවිධාකාර කතා බහ ඇති වුණා. ඒ වගේම තමා මේ ක්ෂේත්‍රය තුලින් ඉපයිය හැකි මුදල පිළිබඳවත් හැමෝටම ඇති වුනේ කුතුහලයක්. ඒ නිසාම බොහෝ දෙනකු අතර කතා බහටම රුපලාවන්‍ය ක්ෂේත්‍රය ගැන කතා කරන්න මේ ලිපියෙන් අදහස් කළා.

 

රුපලාවන්‍ය ක්ෂේත්‍රයට ( beauty culture industry ) කියන්නේ අද වෙනකොට පුළුල් ලෙස සමාජයේ ව්‍යාප්ත වූ වෘත්තියක්. ඒ වගේම බොහොම අභිමානයෙන් නිරත විය හැකි වෘත්තියක්. නමුත් කණගාටුවට කරුණක් වන්නේ කිහිපදෙනෙක් අතින් සිදුවන යම් යම් වැරදි අඩුපාඩු නිසා ක්ෂේත්‍රයටම තිබෙන ගෞරවය අඩු වෙමින් යන බවයි.

 

මුදල් විසිකළ පමණින් සාර්ථක රුපලාවන්‍ය ශිල්පියෙක් හෝ ශිල්පිනියක් විය නොහැකියි. ආසාව තිබු පමණින් නියැලිය හැකි රැකියාවක්ද නොවෙයි. තමාගේ සහජ හැකියාවට උගත් දැනුම එකතු කරමින් නිදහස් මනසකින් නියැලිය යුතු රැකියාවකි. මුදල් යහමින් උපයාගත හැකි වෘත්තියක් ලෙස සලකා ක්ෂේත්‍රයට එක වීම භයානකයි.

 

සමහර තරුණ තරුණියන් සාමාන්‍ය පෙළ අවසන් වූ වහාම රුපලාවන්ය ක්ෂේත්‍රයට යොමු වීම දක්නට ලැබෙනවා. ලා බාල වියේදීම තම කුසලතා හඳුනාගෙන ඒ දෙසට යොමු වීම සතුටට කරුණක් වුවත් තමා මේ ගනුදෙනු කරන්නට යන්නේ තවත් මිනිසුන් කොටසක් සමඟ බව දැනගත යුතුය. තමාගේ එක් අතපසු වීමකින් ශාරීරික හානියක්, විකෘති වීමක්, ආසාදන තත්වයක්, සමහර විට ජිවිත අහිමි වීමක් පවා සිදුවෙන්න පුළුවන්. ඒ නිසා රුපලාවන්‍ය පාඨමාලාවක් හැදෑරු පමණින්ම, මනාලියක් හැඩ ගන්වා සම්මානයක් ලැබූ පමණින්ම තනිව සැලෝන් එකක් දාන්න දැනුම, පළපුරුද්ද ලැබුණු බවට සහතික වෙන්න එපා.

 

ඒ නිසාම අත්දැකීම් බහුල ප්‍රවීණ රුපලාවන්‍ය ශිල්පියෙකුගේ රුපලාවන්‍යාගාරයක සේවය කර පළපුරුද්ද ලබා ගත යුතුය. ඒ වගේම කාලයාගේ ඇවෑමෙන් එම ක්ෂේතයට අදාළ ශිල්පිය දැනුම අළුත් කරගැනීමත් අත්‍යාවශ්‍ය දෙයක්. තමාට පුර්ණ විශ්වාසය ඇති වූ පසුව තනිව එම කාර්යයේ නියළුනාට වරදක් නැහැ.

 

සාමාන්‍ය ජීවිතයේදී අප මිල දී ගන්න භාණ්ඩයකට වෙළඳපොල වටිනාකමක් නියම වී තිබුනත් මේ ක්ෂේත්‍රයේ එවැනි පාලන මිලක් නොමැත. ඇහි බැම හදන්නට, කොණ්ඩය කපන්නට, මනාලියන්ට ඇන්දවීමට සාධාරණ මුදලක් අය කිරීමට ඔබට හැකි නම් එය ඔබගේ අනාගත දියුණුවට ප්‍රබල හේතුවක් වෙයි.

 

රුපලාවන්‍ය ශිල්පිණියක් කියන්නේ කාර්යාලයකට කොටු නොවූ, දරුවන් ස්වාමිපුරුෂයන්ගේ කටයුතු සොයා බලමින් තම දක්ෂතාවයේ උපරිමයට යා හැකි ස්වයං රැකියාවක්. එහිදී කිසිවකුටත් යටත් වන්නට, ඇනුම් බැණුම් ඇසීමට, වෙනත් ශාරීරික හෝ මානසික අපහසුතාවයන්ට ලක් නොවන වෘත්තියක්. එබැවින් මේ වෘත්තියේ පවතින ගෞරවනීය බවත්, අභිමානවත් බවත්, විශ්වාසනියත්වයත් පළුදු නොවන ආකාරයෙන් තම වෘත්තීය උපරිමයෙන් ඉටුකිරීමට උත්සහ ගත්තොත් ඔබටත් පුලුවන්වේවි ක්ෂේත්‍රයේ නමක් දිනු රුපලාවන්‍ය ශිල්පිණියක් බවට පත් වන්නට.

 

 

ඇයි මේ රුපලාවන්‍ය ක්ෂේත්‍රයට කළු පැල්ලමක්

නිවසට වාසනාව ගෙනදෙන්න මෙහෙම කරන්න.

අපි අලුත් නිවසක් හදන්නේ ජිවිත කාලෙටම පදිංචි වෙලා ඉන්න කියල හිතාගෙන. නිසවක් හදනවා වගේම නිවස හදන්න ඉඩමක් ගන්න එකත් හරිම පරිස්සමින් කරන්න ඕනි දෙයක්....

අපේ සතුටු පවුල

මේ ලිපිය පවුලේ සතුට වෙනුවෙන් යමක් කරන්න සිතන තාත්තා , අම්මා, දුව, පුතා ඇතුළු ඔබේ පවුලේ සැවොම වෙනුවෙන්.... අපේ පවුල තුල සතුටින් ගත කරන අවස්ථා...

කණ්ණාඩි දාන අයට විශේෂයි

කණ්ණාඩි කියන්නේ අවශ්‍යතවයන්ටත් වඩා ෆැෂන් එකක් විදිහට පාවිච්චි කරන දෙයක් වෙලා.කණ්ණාඩි පාවිච්චි කරන යුවතියන් මේකප් කරනකොට දෙවරක් හිතන්න ඕනි.විශේෂයෙන් ඝනකම් රාමුවක් සහිත කණ්ණාඩි පැළදිමේදී...

වේගවත් ව පරිගණකය හසුරුවන අලුත් තාක්ෂණය -ලීප් මෝෂන් (Leap motion)

ලීප් මෝෂන් කියන්නේ සාමාන්‍ය මවුස් එකක් හෝ කී බෝඩ් (key board) එකකටත් වඩා පහසුවෙන් touch screen එකකටත් වඩා වේගයෙන් computer එක හා සම්බන්ධ විය හැකි තාක්ෂණයක්,...

ඔබත් මමත් ඇයත් හි සුරූපී මායා

අද බොහෝ පිරිසක් නරඹන ටෙලි නාට්‍යය බවට පත් වී ඇත්තේ ඔබත් මමත් ඇයත් ( obath mamath ayath ) ඉන්දියානු ටෙලි නාට්‍යයි. මායා මල්හෝත්‍රා කියන්නේ...

ආකර්ශනීය චරිතයක් වෙන්න නම්

එක වතාවක් දැක්කම හැරිලා බලන්න හිතෙන තරම් ලස්සනක් ඔයාට තියෙනවා නම් කොච්චර සතුටක්ද නේද? දහසකුත් හැලහැප්පීම්, බාධක, ගැටළු ඔබ සතුව ඇති. නිමක් නැති වගකීම්,...

කැඩෙන නියපොතු වලට මේ සත්කාරය කරලා බලන්න

අතේ නියපොතු වවාගෙන ලස්සනට නෙල් පොලිෂ් ( nail polish , nail art ) ටිකක් ගාලා හැඩට වැඩට ඉන්න අපි හැමෝම කැමතියි නේද? හැබැයි කොයි තරම්...

සරාගී දෙතොලක් ලබාගන්න කැමති ඔයාට

ලස්සන රෝස පැහැති දෙතොලක් ලබා ගන්න කවුද අකමැති. එය ගැහැණු පිරිමි කියලා භේදයක් නැහැ. රෝස පාට දෙතොල් ඇති ඕනෑම අයෙකුගේ තියෙන්නේ ස්වභාවික ලස්සනක්. එවැනි...

මංගල සීනු

මැයි මාසේ හඳුන්වන්නේ මංගල මාසේ හැටියට. වැඩිපුරම ආදරවන්තයන් විවාහ වෙන්න තෝරගන්නේ මැයි මාසේ. කාගෙත් කතා බහට ලක් වුණු රාජකීය පෙම්වතුන් යුවල "හැරී - මෝගන්"...