2017 වර්ෂය කියන්නේ ස්මාර්ට් දුරකථන ලොවේ පෙරළිකාර වර්ෂයක්. එයට ප්‍රධානම හේතුව වූයේ මුහුණත පුරාම තිරය සහිත දුරකතන වෙළඳපොළට හඳුන්වා දීමයි. ලොව නම් දැරූ ස්මාර්ට් දුරකථන නිෂ්පාදන සමාගම් විසින් Android සඳහා මේ ආකාරයට නිපදවන ලද එතරම් ප්‍රසිද්ධියට පත් වුනේ නැති දුරකතන කිහිපයක් මෙම ලිපියෙන් අපි ඉදිරිපත් කරනවා.

 

Sharp Aquos S2

ජපානයේ Sharp සමාගම විසින් මුහුණත පුරාම තිරය සහිත දිවෙන ඔවුන්ගේ දෙවැනි දුරකතනය හඳුන්වා දී තිබෙනවා. Aquos 2 දුරකතනයේ අඟල් 5.5ක Full HD IPS LCD තිරයක්, Qualcomm Snapdragon 630 සකසුවක්, 4GB ram ධාරිතාවක්, සහ 3020mAh බැටරියක් , මෙගා පික්සල් 12ක සහ මෙගාපික්සල් 8ක පසුපස ද්විත්ව කැමරාවක් සහ ඉදිරිපස මෙගාපික්සල් 8ක කැමරාවකින් සමන්විත වෙනවා. මෙය රුපියල් 61,000 පමණ මුදලකට වෙළඳපලට මිලදී හ්ගන්න පුළුවන්.

 

 

Essential PH-1

අඟල් 5.7 QHD තිරයක් සහිත මෙය Qualcomm Snapdragon 835 ප්‍රොසෙසරයක්, 4GB RAM ධාරිතාවක්, 3,040mAh බැටරිය, 128GBක අභ්‍යන්තර ධාරිතාවක්, මෙගාපික්සල් 13ක පසුපස ද්විත්ව කැමරාවන් ගෙන් ද සවිබල ගන්වා තිබෙනවා. මෙම දුරකථනය නිෂ්පාදනය කිරීමේ මුලිකවී ඇත්තේ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ නිර්මාතෘවරයකු වන Andy rubin වි. මෙහි වෙළදපොල විකුණුම් මිල රුපියල් 115,000 පමණ වෙනවා.

 

 

Xiaomi Mi MiX 2

Xiaomi සමාගමේ දෙවැනි මුහුණත පුරාම තිරය සහිත දුරකථනය වන Mi MiX 2 යනු high-end දුරකථනයක්. Snapdragon 835 ප්‍රොසෙසරයක්, 6GB RAM ධාරිතාවක්, පසුපස whiplash අර සහිත මෙගාපික්සල 12 කැමරාවක් සහ මෙගාපික්සල් 5ක ඉදිරිපස කැමරාවක්, සහිතව 3,400mAh බැටරියක්, Android Nougat 7.1 ධාවන වේගයක්, සහිතව 4GB, 128GB, සහ 256GB ලෙස අභ්‍යන්තර ධාරිතා මාදිලි කිහිපයක් හඳුන්වා දී ඇත.

 

Maze Alpha

තිස්දහසක පමණ මිලකට වෙළඳ පොලෙන් ලබාගත හැකි මෙහි ගිගා බයිට් 4ක රැම් ධාරිතාවක් තිබෙනවා. මෙගාපික්සල් 13ක පසුපස කැමරාවක් සහ මෙගාපික්සල් 5ක ඉදිරිපස කැමරාවක්, 4000mAh බැටරිය, මෙමරිකාඩ් පත් ඇතුලත් කිරීමේ හැකියාව මෙහි තිබෙනවා. Maze නම් චීන සමාගම විසින් මෙම දුරකථනය වෙළඳපොළට හැඬුවා දී තිබෙනවා.

 

 

LG Q6

අඟල් 5.5 IPS Full HD තිරය, Snapdragon 435 ප්‍රොසෙසරය, 3GB RAM ධාරිතාව, 3,000mAh බැටරිය සහිත මෙහි Android Nougat 7.1.1 මෙහෙයුම් පද්ධතිය අඩංගු කර තිබෙනවා. මතක පත් දැමිය හැකි 32GB බවක් ඇති මෙහි මෙගාපික්සල් 13ක පසුපස කැමරාවක් සහ මෙගාපික්සල් 5ක ඉදිරිපස කැමරාවක් ද අන්තර්ගත කර තිබෙනවා.LG G6 දුරකථනයට පමණක් නොව, LG Q6, LG Q6 Plus, සහ LG Q6a යන අඩු මිල දුරකථන වලට පවා මෙම සැලසුම ලබාදී තිබෙනවා.

මුහුණත පුරාම තිරය ඇති අප්‍රසිද්ධ Android දුරකතන

විරාග රාගය

කාලෙකට පස්සේ අහන්න ලැබුන අලුත්ම විදිහේ duet song එකක් තමයි "විරාග රාග " කියන්නේ. එයිනුත් වඩාත් විශේෂම දේ තමයි පිරිමි ගායකයින් දෙදෙනෙකු ගායනයේ යෙදීම...

දෙවරක් සිතිය යුතු ඩිස්නි කුමරියෝ

සුරඟන කතා ශතවර්ෂ ගණනාවක් පුරා දරුවන් නින්දට පෙර රසවින්දේ පරම්පරාවෙන් රැගෙන එන්නක් ලෙසය. එම සුරඟන කතාවන් තිරයට රැගෙන එන විටදී අපගේ ළමා විය අවදි...

Kidswood Awurudu Educational Toys Fair – April 2018

Kidswood Awurudu Educational Toys Fair - April 2018 Shop for Exciting New Collection of Educational Toys. Amazing Discounts on ALL items. 1st of April 2018 from...

කාන්තා අයිතීන්ද මානව අයිතීන් වේ

 කාන්තා අයිතීන් කෙරෙහි පටු ලෙස බලන අයගේ විශ්වාසය වන්නේ අයිතීන් යනු කාන්තාවක් ලෙස උපත ලබා ඇති නිසාම ඔවුන්ට ලැබෙන වරප්‍රසාදයක් හෝ අසාධාරණ වාසියක් බවය.නමුත් මනුෂයන් වශයෙන් සියලු...

සුමිත්‍රයෝ ඔබ ලගින්ම සිටින විශ්වාසවන්තම මිතුරා

සුමිත්‍රයෝ අරම්භය ජෝන් ද මෙල් නැමැති කාන්තාව විසින් 1974දි සිදුවිය.  එදා සිට අද දක්වාම වර්ෂයේ දින 365 දීම (පෝය ඇතුළු සියළු නිවාඩු දිනයන් ඇතුළුව)...

ගෙවත්තේ සුන්දර බව රැකගන්නේ කොහොමද

ගෙවත්තක් (garden) නිවසක් ලස්සන වීමට නම් අවට වට පිටාවත් සුන්දර විය යුතුයි. ගහක් කොලයක් නැති, පාට පාට මල් වර්ග නැති මිදුලක කොපමණ සුන්දර නිවසක් (home)ඉදි...

හිස කෙස් රකින ස්වභාවික සත්කාර

ඔබටත් හිස කෙස් පැසීම/ ගැලවී යාම/ හිස කෙස් තුනී වීම/හිස් හොරි ආදී ප්‍රශ්න තියෙනවද? කොතරම් ප්‍රතිකාර කලත් මේ සඳහා විසඳුමක් නැ කියන ඔයාලට අද...

සුන්දර නාරම්පනාවේ සිරි අසිරිය විඳගමු

ආතදුම්බර පාලිස්පත්තුවේ බස්නාහිර කෝරළේ නාරම්පනාව නම් ග්‍රාමය පිහිටා ඇත. සංචාරක ආකර්ෂණය ඉතා වැඩි මේ සුන්දර ගම්මානය බොහෝ ජනප්‍රියයි. විමලරත්න කුමාරගම කිවිඳුන් ඉපදී ඇත්තේ මේ...

දඬුවම ලැබිය යුත්තේ ගැහැණිය ද

එදාට වඩා අද සමාජය වෙනස් ය. එය හොඳ හෝ නරක කෙසේ වුවද වෙනසක් ඇති බව ඔබට ද වැටහෙනු ඇත. තරුණ වියේ දී විවාහ වීම...