සම්මුඛ පරීක්ෂනයක් (interview) අතරතුර දී ඔබ හැසිරෙන ආකාරය සහ ඔබේ BODY LANGUAGE මඟින් ඔබේ චරිත ස්වභාවය, ආත්ම විශ්වාසය, අන් අය සමඟ ගනුදෙනු කිරීමට ඔබට ඇති හැකියාව ආදී නොයෙකුත් දේ පිළිබඳව පුර්ණ නිගමනයකට එළඹිය හැකියි. ඔබට කොතරම් උසස් ගණයේ අධ්‍යාපන සහතික, චරිත සහතික ආදී කොතරම් දේ තිබුනත් ඒ සෑම සුදුසුකමකටම වටිනාකම ලැබෙන්නේ සම්මුඛ පරීක්ෂණයක් අතරතුර දී ඔබේ හැසිරීමත් උසස් මට්ටමක තිබුනොත් පමණයි. ඉතින් අපි විමසා බලමු සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දීමේදී ඔබ විසින් අවධානය යොමු කල යුතු ඔබේ හැසිරීම් රටා කිහිපයක් පිළිබඳව.

 

 

නියමිත වෙලාවට මිනිත්තු 15කට පමණ පෙර අදාළ ස්ථානයට යන්න

ඔබ සම්මුඛ පරීක්ෂණයක් සඳහා යන්නේ නුහුරු ස්ථානයකට. එම නිසා නියමිත ස්ථානයට මදක් කලින් එහි ගොස් සිටීම වැදගත්. එවිට සන්සුන් මනසකින් යුතුව ඔබට එම සම්මුඛ පරීක්ෂණයට මුහුණ දීමේ හැකියාව ලැබෙනු ඇත.

 

සම්මුඛ පරීක්ෂණ පැනලයට ආචාර කිරීමේ දී “සර්”, “මැඩම්”, “මිස්”, ආදී ලෙස ආමන්ත්‍රණය කරන්න.

මෙයින් ඇඟවෙන්නේ ඔබ ඔවුන්ට ගෞරව කරන බවයි. ඔබ පිලිබඳ යහපත් ප්‍රතිරූපයක් ඔවුන් තුල ඇති වීමට මෙය හේතුවක් වේවි.

 

ඔබේ ජංගම දුරකථනය ක්‍රියා විරහිත කරන්න

බොහෝ අය කරන දෙයක් තමයි ජංගම දුරකථනය ක්‍රියා විරහිත නොකොට vibrate වීමට ඉඩ හැරීම. ඇතැම් දුරකථන vibrate වීමේදී අධික ශබ්දයක් පිට වෙනවා. එපමණක් නොවෙයි. ඔබේ කලිසම් සාක්කුව තුල ජංගම දුරකථනය දමාගෙන සිටිනවා නම් සිදු වන්නේ ඔබේ අවධානය වෙන අතකට යෑම. එම නිසා ජංගම දුරකථනය කල් තියා විරහිත කොට තැබීම නුවණට හුරුයි.

 

 

කතා කරන විට ඔවුන්ගේ ඇස් දෙස කෙලින් බලා කතා කරන්න. ( eye contact )

ඔබ කතා කරන විට, සම්මුඛ පරීක්ෂණ පැනලයෙන් ඔබ වෙත යොමු කරන ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙන විට eye contact එක පවත්වා ගැනීම අනිවාර්යයෙන්ම කළ යුතුමයි. ඔබ එසේ කිරීමට අසමත් වෙනවා කියන්නේ ඔබ පවසන දේ පිළිබඳව ඔබට විශ්වාසයක් නොමැති බවයි. එමෙන්ම යහපත් සංවාදයක් ගොඩ නගා ගැනීමට ඔබට හැකියාවක් නොමැති බවද එයින් කියවෙනවා. Eye contact එක පවත්වා ගැනීම පමණක් ම නොව කතා බහ කරන විට ප්‍රසන්න ලෙස සිනහ වීමද කල යුතුමයි.

 

 

නිසියාකාරව අතට අත දෙන්න ( Firm handshake )

මෙහිදී වඩා දැඩිව මෙන්ම ඉතා ලිහිල්ව අතට අත දීම සුදුසු නැහැ. එයින් අනික් තැනැත්තා අපහසුතාවයට පත් විය හැකියි. විශේෂයෙන්ම ඔබ අතට අත දෙන්නේ කාන්තාවකට නම් මේ පිලිබඳ සැලකිලිමත් වෙන්න.

 

වැඩිපුර කතා කරන්න යන්න එපා. ප්‍රමුඛත්වය ඔවුන්ට දෙන්න.

සෑම විටම මතක තබා ගත යුතු කාරණයක් වන්නේ සම්මුඛ පරීක්ෂණය පවත්වන්නේ ඔවුන් මිසක් ඔබ නෙවෙයි යන වග. ඒ නිසා ඔවුන් පවසන දේ සාවදානව අසා සිටින්න. අවශ්‍ය තැන් වලදී ඔබේ අදහස් හා මත වාද පිලිබඳ කතා කරන්න.

 

ඔවුන් කතා කරමින් සිටින අතරතුර ප්‍රශ්න අසන්නට, බාධා කරන්නට යන්න එපා

ඔවුන්ට ඔවුන් කියනා දේ නිම කිරීමට දෙන්න. ඉන්පසු තත්පර දෙකක් තුනක් නිහඬව සිට ඔබේ අදහස ප්‍රකාශ කරන්න.

 

සෘජුව වාඩිවෙන්න. යම් තරමක් ඉදිරියට නැවෙන්න

මෙයින් කියවෙන්නේ ඔබ අවධානයෙන් ඔවුන් පවසන දේට ඇහුම්කන් දෙන බවයි. ඔබ පිලිබඳ යහපත් ප්‍රතිරූපයක් මැවීමට මෙම ඉරියව්ව හේතු වේවි.

 

 

ඔබට හැකි උපරිම ආකාරයෙන් සම්මුඛ පරීක්ෂණය අවසන් වන තෙක් එයට මුහුණ දෙන්න.

ඇතැම් විට ඔබ බලාපොරොත්තු වන ආකාරයටම සම්මුඛ පරීක්ෂණය සිදු වන එකක් නැහැ. ඔබ අතින් යම් යම් අඩු පාඩු සිදුවෙන්නට පුළුවන්. නමුත් උපරිම ධෛර්යයෙන් යුතුව සම්මිඛ පරීක්ෂණයේ අවසානය වන තෙක් එයට මුහුණ දීම ඉතාම වැදගත්. සම්මුඛ පරීක්ෂණය අවසන් වන්නේ ඔබ අදාළ කුටියෙන් පිටතට පැමිණ රැකියා ස්ථානයේ ගොඩනැගිල්ලෙන් පිටතටත් ගියාට පසුව බව සිහියේ තබා ගන්න.

 

උපුටා ගැනීම – අන්තර්ජාලය ඇසුරෙන්

සම්මුඛ පරීක්ෂනයක් අතරතුර දී හැසිරිය යුතු ආකාරය

ගමේ පදමට අඹ ව්‍යංජනයක් හදමු

අඹ ව්‍යංජනය කියන කොටම කටට කෙල උනනවා නේද? එහෙම එකේ වැඩි කතා මොකට ද ? අපි රසම රසට ගමේ පදමට අඹ ව්‍යංජනයක් හදමුකෝ. මේ සඳහා...

තරුණ දිනය දා බයිසිකල් පදින්නයි ඇවිදින්නයි කොළඹට මහ සෙනඟක්

ජාත්‍යන්තර තරුණ දිනය වෙනුවෙන් SDG Youth Network of Sri Lanka (SDGYNSL) මඟින් සංවිධානය කළ පාපැදි සවාරිය සහ පා ගමන පසුගිය 14 වැනි දින (2019...

මානසික සැහැල්ලුව ගොඩනැගීම ද විනෝදවීම තුළ අඩංගු බව සිහියේ තබා ගන්න

මහන්සියෙන් වැඩ කටයුතු කළ දවසකට පසුව කවිච්චියක දිග ඇදී පැය 3 - 4 ක් රුපවාහිනිය නැරඹීම සඳහා වාඩි වන විට තිබු තෙහෙට්ටුවටද වඩා වැඩි...

කෝමාරිකා යුෂ භාවිත කරමින් සම පැහැපත් කරගත හැකි විශ්මිත ආලේපන

කෝමාරිකා (aloe vera) කියන්නේ ඖෂධයක් වගේම රුපලාවන්‍ය සඳහා නැතුවම බැරි දෙයක්. කෝමාරිකා වල ඇති සිසිල් කාරක ගුණය නිසා බොහෝ රූපලවන්‍ය කටයුතු සඳහා කෝමාරිකා යුෂ...

අද වන විට අපෙන් ගිලිහි යන සිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩා

බක් මාසය කියන්නේ ඉතා වාසනාවන්ත නැතහොත් භාග්‍යවන්ත මාසයක් කියලයි හැමෝගෙම පොදු පිළිගැනිම වෙන්නේ. සූර්යා මීන රාශීයේ සිට මේෂ රාශියට සංක්‍රමණය වීමත් සමඟ මිනිසා පමණක්...

සිහින සහ සිදුවීම් වලින් කියවෙන සුබාසුබ

කිරි බඳුනක් රැගෙන යන කතක් ඔබ ඉදිරියට පැමිණියොත් ඔබ, යම් රාජකාරි කටයුත්තකට යන විට ඔබ ඉදිරියට " කිරි බඳුනක් රැගෙන එන " දරුවකු, ස්ත්‍රියක හෝ...

කෙල්ලන් යනු මිහිබට සුරඟනන් බඳු ජීවින් කොටසකි

කෙල්ලෝ ( Pretty Girls )ජාති .. මිහිබට සුරඟනන් බඳුය. කොයි ලෝකෙන් පාත් වූවාදැයි කිසිවෙකු නොදනී. කෙල්ලෝ ගොඩක් නම් මහ වැස්සක් යැයි කොල්ලෝ කියති. කෙල්ලෝ...

අපූරු රුපලාවන්‍ය රහස් 15ක්. ඔබත් අත් හදා බලන්න

අපි හැමෝම කැමතියි ලස්සනට ඉන්න. හැබැයි ඒ ලස්සන පවත්වාගෙන යන්න අපි ස්වභාවික දේ භාවිත කරනවා නම් කොතරම් හොඳ ද? අපි අද ඔයාලට කියල දෙන්නේ...

වේගවත් ව පරිගණකය හසුරුවන අලුත් තාක්ෂණය -ලීප් මෝෂන් (Leap motion)

ලීප් මෝෂන් කියන්නේ සාමාන්‍ය මවුස් එකක් හෝ කී බෝඩ් (key board) එකකටත් වඩා පහසුවෙන් touch screen එකකටත් වඩා වේගයෙන් computer එක හා සම්බන්ධ විය හැකි තාක්ෂණයක්,...