“මානව අයිතිවාසිකම් කඩවෙලා, මගේ මානව හිමිකම් උල්ලංඝනය කරලා” වගේ දේවල් සමාජයේ කොතෙකුත් ඔබ අසා ඇති, මෙවැනි අවස්ථාවක ඒ පිලිබදව මානව හිම්කම් කාර්යාලයට ගොස් පැමිණිලි කරන ලෙස ඔබට පවසා ඇති. එත් අපේ කාන්තාවන් වැඩි පිරිසක් ඒ පිලිබදව දැනුවත් වෙලා නෑ .
මානව හිමිකම් උල්ලංඝනය වන අවස්ථා
ඔබේ රැකියාව, අධ්‍යාපනය, පුරවැසිභාවය, ආදී දෙයක් සම්බන්ධයෙන් ඔබේ මානව හිමිකම් උල්ලංඝනය විය හැකිය.
මානව හිමිකම් සුරකීම
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයෙකු ලෙස ශ්‍රී ලංකාව මානව හිමිකම් සුරැකීමට කැප වී කරයුතු කිරීමට එකඟ වී ඇත. රටේ මනව හිමිකම් ප්‍රවර්ධනයට හා ආරක්ෂා කිරීමට පිහිටුවා ඇති ශ්‍රී ලංකා මානව හිමිකම් කොමොෂන් සභාව ස්වඪීන කොමිෂන් සභාවකි
ශ්‍රී ලංකා මානව හිමිකම් සභාවෙහි මුලික කරුණු මොනවද?
1. ශ්‍රී ලංකා රජයේ සියලුම ක්‍රියා පටිපාටින් , ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර ඇති මුලික අයිතිවාසිකම් අනුව ඉටු කිරීමට වග බල ගැනීම
2. මුලික අයිතිවාසිකම් වලට අනුකුලව නීති සම්පාදනය කිරීමටත් , පරිපාලන මග පෙන්වීම
3. ජාතික නිති පද්ධතිය හා පාලන ක්‍රමය ජාත්‍යන්තරව පිළිගත් මානව අයිතිවාසිකම් වලට අවනත වෙමින් ක්‍රියාත්මක කිරීමට රජයට උපදෙස් දීම
4. රට තුල මානව හිමිකම් පිළිබද දැනුවත් කිරීම
කොමිසම හරහා පැමිණිලි ඉදිරිපත් කිරීමට පිඩාවට පත් පුද්ගලයින්ට, පුද්ගල කණ්ඩායමකට, තවත් එවැනිම කෙනෙක් හෝ කණ්ඩායමක් වෙනුවෙන් ඉදිරිපත් කල හැකිය. පැමිණිල්ල සිංහල, දෙමල, ඉංග්‍රීසි යන ඕනෑම භාෂාවකින් ඉදිරිපත් කල හැක. මෙසේ පැමිණිලි ඉදිරිපත් කිරිමට නීතිමය නියෝජිතයෙකු පැමිණීම අත්‍යවශ්‍ය නැත. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මගින් කරන සියලු සේවාවන් නොමිලේ ප්‍රධාන කාර්යාලයෙන් ලබා ගත හැක.
ප්‍රධාන කාර්යාලය
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව
14, ද මැල් මාවත, කොලබ
0112505580 , 0112505581, 0112505582
මඩකලපුව – 24, සින්න උප්පොඩෙයි මාවත, මඩකලපුව
0652224420
යාපනය – අංක1, තෙවැනි හරස් වීදිය, යාපනය
0212222021
ත්‍රිකුණාමලය – අංක 227, මහා වීදිය, ත්‍රිකුණාමලය
0262222607
මාතර – අංක 15, කාලිදාස මාවත, මාතර
0412226533
වවුනියාව – අංක 26/2, පිටත වටරවුම පාර වවුනියාව
0242222029
බදුල්ල – 0552223030
උප කාර්යාලය – නුවරඑළිය
පරණ කච්චේරි ගොඩනැගිල්ල, වේදබන් මාවත නුවරඑළිය
0812234600