” ඕනෑම අයෙකුට කෝප විය හැකිය. එය පහසුය, එහෙත් නියම පුද්ගලයා සමඟ නියමිත ප්‍රමාණයට, නිවැරදි වෙලාවට, නිවැරදි අරමුණක් උදෙසා, නියම ආකාරයට කෝප වීම නම් පහසු දෙයක් නොවේ. ” යැයි ඇරිස්ටෝටල්ගේ ඉගැන්වීමක සඳහන් වේ. අපගේ ජිවිත වල ඇති ඉමහත් ආතතිය සහ පීඩනය නිසා ඉතා සුළු කරුණක් හේතුවෙන් වුවද අපේ ඉවසිල්ල බිඳ වැට්ටවීම පහසුය. තවත් වෙහෙසකර දවසකින් පසුව නිවස කරා කඩිමුඩියේ යන අපි, මුළු ලෝකයම තමන්ට අයත් යැයි සිතන්නාක් මෙන් හැසිරෙන බවක් අපිට පෙනෙන, අපගේ වාහනයට ඉදිරියෙන් සෙමෙන් ඇදෙන වාහනයේ රියදුරුට අප බැන වදින්නෙමු. අපි සිල්ලර බදු ගැනීම සඳහා සාප්පුවකට ගිය විට අද රැ ආහාර වේලට අවශ්‍ය දෑ ඇති කොටස ගැන විට වැරදි මහලක් කරා අප යෝමු කල සාප්පුවේ සේවකයාට බනිනවා නේද? අපි නිවසින් පිට තැනක රාත්‍රී භෝජනයට ගිය වෙලාවක අප සිටින තැනට ඇවිත් බඩුමුට්ටු විකිනීමට දබරකරන අලෙවිකරුවකුට අපි කගසනවා නේද?

ඔබ දිනපතා ඔබේ ඉවසීම සිඳ ගැනීමේ ඇති අවුල වන්නේ එය පුරුද්දක් බවට පත් වීමයි. බොහෝ පුරුදු මෙන් මෙයද ජීවිතයේම කොටසක් බවට පත්වෙන මොහොතක් එනවා. එවිට වෙන්නේ පෞද්ගලික සම්බන්ධතා දෙදරා යන එකයි. සාර්ථක පුද්ගලයින් බොහෝ අවස්ථාවල සංගතය. කරන කියන දේ පිළිබඳව පුරෝකථනය කළ හැකියි. අසීරු කාල වලදී අවශ්‍ය වන්නේ සන්සුන් මිනිසුන්ය.ඔවුන් හැමවිටම ඉවසිලිමත් වන අතර පීඩනය වැඩිවන විටත් මිනිසුන් සන්සුන් වන්නේය. අර්බුද අවස්ථාවකදී ඔබේ ඉවසිලිමත් භාවය රැකගත හැකි වුවහොත් වසර ගණනාවක් පුරා පැවතිය හැකි වේදනාව සහ පශ්චාත්තාපය ඔබට වලකා ගත හැකිය. කෝපයට පත් එක් මිනිත්තුවකදී එල්ල කළ සිත් රිදවන වදන් නිසා බිඳී ගිය මිතුදම් බොහෝය. නිදහස් කල විට වචන යනු ඊතල වැනි දෙයකි. ඒවාට ආපසු ආ නොහැකියි. එබැවින් ප්‍රවේශමින් වචන පරිහරණය කරන්න.

ඔබ කෝප ගැන්වූ කිසිවෙකුට ප්‍රතිචාර දැක්වීමට පෙර එකේ සිට සියය දක්වා ගණන් කිරීම, සැබවින්ම ඔබේ කෝපය පාලනය කිරීම සඳහා කල හැකි කදිම ක්‍රමයකි. තවත් උපක්‍රමයක් වන්නේ ” ගේට්ටු තුනේ පරීක්ෂණය ” ඒ කියන්නේ පුරාණ සෘෂිවරුන් වචන පිට කලේ එම වදන් ගේට්ටු තුන ඔස්සේ යන්නේ නම් පමණයි. පළමු ගේට්ටුවේදී ඔවුන් තමන්ගෙන්ම ඇසුවේ ” මේ වචන සත්‍යද? ” යනුවෙනි. එසේ සත්‍ය නම් ඒවාට දෙවැනි ගේට්ටුව කරා යා හැකිය. දෙවැනි ගේට්ටුවේදී සෘෂිවරුන් විමසුවේ ” මේ වචන අවශ්‍යද? ” යන්නය. එසේ අවශ්‍ය නම් ඒවා තෙවැනි ගේට්ටුව කරා එයි. එහිදී ඔවුන් අසන්නේ ” මේ වචන කාරුණික ද ? ” යනුවෙනි. උත්තරය ඔව් නම් පමණක් ඔවුහු ඒ වදන් සිය දෙතොල් අතරින් මුදා හරියි.

 

උපුටා ගැනීමකි

- A word from our sposor -

spot_img

ඉවසීම රඳවා ගන්න

කුරුඳු ආශ්‍රිත කර්මාන්ත පිලිබඳ ඔබ දැනුවත් ද

අත මිට සරු කරගන්න මුදල් උපයන්න කළ හැකි කර්මාන්ත අතර කුරුඳු ( cinnamon ) ආශ්‍රිත කර්මාන්තය ද ප්‍රධාන තැනක් ගනී. මෙය කාන්තාවන්ට ද නිරත...

සිංහල සිරිත් විරිත්

මෙම ලිපි පෙලින් හදුන්වා දෙන්න උත්සාහ කරන්නේ සිංහල සිරිත් විරිත් හා සම්බන්ධ තොරතුරුයි. "සිරිත් විරිත් " යන පද දෙක "චාරිත්‍ර වාරිත්‍ර " යන පද...

විරාග රාගය

කාලෙකට පස්සේ අහන්න ලැබුන අලුත්ම විදිහේ duet song එකක් තමයි "විරාග රාග " කියන්නේ. එයිනුත් වඩාත් විශේෂම දේ තමයි පිරිමි ගායකයින් දෙදෙනෙකු ගායනයේ යෙදීම...

තරුණ පෙනුම දීර්ඝ කාලයක් රැකගැනීමේ රහස්

මොන තරම් වයසට ගියත් අපි හැමෝම කැමතියි අපේ තරුණ රූසපුව (beauty) සදාකාලිකව රැක ගන්න. තරුණ පෙනුම රැකගන්නට බොහෝ දෙනා රූපලාවණ්‍ය (beauty culture) කටයුතු වෙනුවෙන්...

චිකන් මැන්චුරියන් එකක රස බලන්න කැමති ඔයාට

අපි හැමෝම කැමතියි විවිධ කෑම වර්ග වල රස බලන්න. අපි අද ඔයාලට කියල දෙනවා චිකන් මැන්චුරියන් එකක් සාදා ගන්නා ආකාරය. අවශ්‍ය ද්‍රව්‍ය ( 04 දෙනෙක් සඳහා ) ...

ශරීරයේ බර 10 kg වලින් අඩු කරගන්නා ස්වභාවික පානය

සිරුරේ බර අඩු කරගැනීමට නම් අපි ආස කරන ආහාර පාන ගැනීමෙන් වැලකි සිටිය යුතුයි. එක කරන්න ගොඩක් අයට අපහසුයි. ආහාර පාලනය විතරක් නෙමෙයි ශරීරයට...

මේ මගේ කතාවයි – 03 කොටස

මම නෙත්මි. අවුරුදු 18ක දුවෙක් ඉන්න අවුරුදු 40ක අම්මා කෙනෙක්. බිරිඳක් නෙමෙයි. බිරිඳක් වෙලා හිටියද කියන්න නම් මමත් දන්නේ නෑ. අවුරුද්දක් වගේ කාලයක් මහ...

මේ උදා වෙන සිංහල හින්දු අලුත් අවුරුද්දේ ගෙදරට එන අමුත්තන්ට පිළිගන්වන්න කේක් වර්ග කිහිපයක් සාදා ගන්නා ආකාරයයි අපි ඔබට කියලා දෙන්නේ.       මාවා කේක් අවශ්‍ය ද්‍රව්‍ය පිටි කෝප්ප...