1991 වසරේ ඇමෙරිකානු සංචාරක ළමා ටෙනිස් තරඟාවලියට පොඩි කළු කෙල්ලන් දෙදෙනෙකු පැමිණ සිටියා. ඒ කාලයේ ඇමෙරිකාව තුල වර්ණ භේද වාදය ටිකක් තදින් පැවතුන කාලයක්. කළු හම මදිවාට මේ කෙල්ලෝ දෙදෙනාම ටෙනිස් තරගාවලියට සහභාගී වෙන්න හදන්නේ පාසලක් නියෝජනය නොකර. පුද්ගලික අංශයෙන්. හරි පුහුණුවක් නතුව කොහොමද ටෙනිස් ගහන්නේ? එත් ඉතින් විවෘත තරඟයක් හින්දා සෙල්ලම් කරලා බලන්න. එහෙම තමා මේ පොඩි කෙල්ලෝ දෙන්නට අවසර පත්‍ර ලබා දෙන කවුන්ටරේ කාන්තාව කිව්වේ. හැම පැත්තෙන්ම එන අපහාස උපහාස නිසා කෙල්ලෝ දෙදෙනාගෙන් එක අයෙක් තරග නොකර ඉන්න තීරණය කරා.
“වීනස්, අනේ එහෙම කරන්න එපා. ඔයා අද පස්සට ගියොත් මන් කොහොමද ඉස්සරහට යන්නේ?”
” නැහැ සෙරීනා මට බයයි. මන් පැරදුනොත් මේ හැමෝම මට ගල් ගහයි.” වීනස් අඬන්න පටන් ගත්තා.
“හරි වීනස් මම ඉස්සෙල්ලම සෙල්ලම් කරනවා. මම දින්නොත් ඔයා සෙල්ලම් කරන්න ඕනි.” ඔන්න ඔහොම කතා වෙලා කළු කෙල්ලෝ දෙන්නගෙන් වැඩිමලා , සෙරිනා පිටියට බැස්සා .

හැමෝම සෙරීනා දිහා බැලුවේ අවඥාවෙන්. ඒ මදිවාට හැමෝම දිරිමත් කලෙත් අනෙක් අන්තයේ සිටින සුදු ගැහැණු ළමයාවයි . කවුරු කොහොම කිව්වත් කළු කෙල්ල පහසුවෙන් තරගය දින්නා. ඊළඟට විනස්ගේ වාරය. අක්කාගෙන් ශක්තිමත් වුන වීනස් ඒ තරඟය ජය ගත්තා. අන්තිමට මුළු තරඟාවලිය ම ජය ගත්තේ මේ කළු කෙල්ලෝ දෙදෙනාගෙන් වැඩිමලා වන සෙරිනායි. ඇය තමයි අද ජගත් ටෙනිස් පිටියේ සිටින අංක එකේ ටෙනිස් සන්නාමය සෙරිනා විලියම්ස්.

සෙරීනා ටෙනිස් පිත්ත අතට ගන්නේ අවුරුදු තුනෙන්.එකත් අහම්බෙන් .අවුරුදු තුනේ උපන්දිනයට තෑගි ගන්න ගිය වෙලාවේ සෙරීනා අතට අරන් තියෙන්නේ ටෙනිස් රැකට් එකක්. එදා අතට ගත්ත ටෙනිස් රැකට් එක නැවත කිසිම දිනක බිම තියන්න යට ඉඩ නුදුන්නේ ඇගේ පිට රිචඩ් ව්ලියම්ස්. රිචඩ් මහත්මයා කොයිතරම් සෙරීනා සහ වීනස් ටෙනිස් වලට යොමු කලාද කියනවා නම් අවුරුදු 4 සිටම සෙරීනා තම පි යාව සතුරෙකු ලෙස සලකන්න පුරුදු උනා. උදේ පාන්දර 3ට නැගිටලා , ව්‍යායාම කරලා,ටෙනිස් ගහලා, පාසල් යන්න ඕනි.පාසල නිම වෙලා අයිත ටෙනිස්,ටෙනිස්,ටෙනිස්…

සෙරීනා ටෙනිස් වලට බොහොම දක්ෂයි. නමුත් කළු කෙල්ලෙක් ටෙනිස් වගේ ක්‍රීඩාවකින් ඉදිරියට යනවා බලන්න සුදු ජාතික ගුරුවරුන්ට උවමනාවක් තිබ්බේ නැහැ.අන්න ඒ නිසාම පාසල් ටෙනිස් කණ්ඩායමෙන් සේරිනාව හේතුවක් නැතුවම ඉවත් කෙරුනා. ඒ ගැන විමසන්න සෙරීනාගේ පියා පාසලට ගිය නිසා සේරිනාවත් විනස්වත් පාසලෙන් ඉවත් කෙරුණා . එදා රිචඩ් මහත්මයා හොදටම හඬා වැටුනා. ඔහු සෙරීනාට මෙහෙම කිව්වා.
“ඔයා උපාධි දහයක් ගත්තත් සුදු මිනිස්සු ඔයාට රස්සාවක් දෙන එකක් නැහැ. අවුරුදු දහයක් වෙන පුංචි ඔයාගෙනුත් පලි ගන්නවා නම් , ඔය ලොකු උනාම කොහොම තියේවිද?”
එදා සෙරීනා එකක් සිතට ගත්තා. මම ටෙනිස් ගහනවා, හමේ පාට දක්ෂතාවයට වැඩක් නැහැ.ඉතින් සෙරීන තාත්තා එක්ක කතා වෙලා තමා පුද්ගලික අංශයෙන් අර ටෙනිස් තරඟාවලියට සහභාගී වුනේ.ඉන් දිනාගත් මුදලින් සෙරීනා සහ වීනස් නවතා පාසලකට ඇතුලත් කෙරුනා. ඒ ෆ්ලොරීඩාවේ. එහෙදිත් සෙරිනාට සමේ පැහැය නිසා අනන්ත අප්‍රමාන කෙනෙහිලිකම් වලට මුහුම දෙන්න සිදු වුනා. එත් ඇගේ නැගණිය වීනස් හැම වෙලේම ඇයට ශක්තියක් වුනා.කිසිම විටෙක සෙරීනා සමඟ පුහුණු ක්‍රීඩා කරන්න සුදු ජාතික ළමයෙක් ඉදිරිපත් උනේ නැහැ. ඉතින් හැමවිටම සෙරීනාගේ ප්‍රතිවාදියා වුනේ වීනස්.
එහෙම කටුක ගමනක් පැමිණි සෙරීනා දැනට ග්‍රෑන්ඩ් ස්ලෑම් කේවල ඉසව් 23ක් සහ ඔලිම්පික් රන් පදක්කම් බොහෝ ගණනක් ජය ගෙන ලොව ටෙනිස් ක්‍රීඩිකාවන් අතර ප්‍රථම ස්ථානයේ වැජබෙනවා . ඒ නොකඩවාම 2002 වසරේ සිටයි. සෙරීනා තමන්ව හඳුන්වන්නේ සිහින හඹායන්නියක් ලෙසයි. ඇගේ සිහිනය වුනේ ලොවට සමේ පැහැය නොවැදගත් බව ඔප්පු කරන්නයි. ඉන් ඇය පැමිණි ගමන අද්විතීයයි.
යහපත් හා පලදායි අරමුණකින් සිහින හඹායන්න. ලෝකය ඔබේ පිටුපසින් ඉබේ පැමිණේවි. ඒ සෙරීනාගේ අදහසයි.

ටෙනිස් පිත්තෙන් සිහින හඹා ගිය කෙල්ල

කුම්බාගේ කතාව

ආබාධිත පුද්ගලයන් සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා සපයන්නාන්ගේ ආකල්ප සහ  හැසිරිම් නිසාවෙන් බොහෝවිට ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය සේවා සම්බන්ධ සේවාවලදී ආබාධ සහිත බොහෝවිට අපහසුතාවයට පත්වේ. " නෑ..නෑ..නෑ…!...

ලොව වැඩිම බුද්ධිමතුන් සිටින රට ලෙස ශ්‍රී ලංකාව

ස්ටැටිස්ටා ආයතනයේ අවතම සංඛ්‍යා ලේකන අනුව ඊශ්‍රායලය ලගට ලොව වැඩිම බුද්ධිමතුන් සිටින රට ලෙස ශ්‍රී ලංකාව වාර්තා වී ඇත. බුද්ධි ගලනය හේතුකොට ගෙන මෙම...

රස කාරක ගැන දන්නේ මොනවද

ආහාර රුචියට එහි රසවත්බව හා අලංකාරය බොහෝ සෙයින් ඉවහල් වේ. එහෙත් ආහාර රසවත් කිරීමට හා අලංකාර කිරිමට යොදන රසකාරක සිරුරේ බර වැඩි කිරීමට හේතුවන...

මාලිගාවත්තේ වෙඩි තැබීම ගැන සෙවීමට පොලිස් කණ්ඩායම් හතරක්

මාලිගාවත්ත, අලාමාඉබ්බාල් අතුරු මාර්යේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සොයා විශේෂ කණ්ඩායම් 4ක් යොදවා ඇති බව පොලීසිය පවසනවා. ඊයේ රාත්‍රියේ 8.30ට පමණ සිදුවූ...

යශෝධා විමලධර්මට හැඬවුණු මංගල සීනුව

Modal :Yashodha Wimaladharma Photography : Champika Rathnayaka Bridal Dresser : Chami Perera Chami Perera Bridal Salon Branch : Colombo & Bandarawela Contact :...

මේ මගේ කතාවයි – 01 කොටස

මම නෙත්මි. අවුරුදු 18ක දුවෙක් ඉන්න අවුරුදු 40ක අම්මා කෙනෙක්. බිරිඳක් නෙමෙයි. බිරිඳක් වෙලා හිටියද කියන්න නම් මමත් දන්නේ නෑ. අවුරුද්දක් වගේ කාලයක් මහ...

අක්කා නගා එකම දවසේ මංගල ගමන් යයි

ජනප්‍රිය ගායන ශිල්පිණී උපේඛා නිර්මාණි යුග දිවියට එළඹෙයි.වෘත්තියෙන් ඉංජිනේරුවෙකු වන තිලිණ අකලංග සමගයි.මෙහි විශේෂත්වය නම් විවාහ දෙලාල් එකම දිනයේ සිදුවීමයි.ඒ උපෙඛාගේ වැඩිමල් සොයුරියයි. මෙහි...

Pad Man

Pad Man නාට්‍යමය comedy චිත්‍රපටක් වන මෙම pad man චිත්‍රපටයේ අක්ෂේ කුමාර්, සෝනම් කපුර් සහ රධිකා අප්ටේ ප්‍රධාන චරිත නිරුපණය කරයි. රාජ් බාල්කි විසින් චිත්‍රපටය...

Facebook වාරණයට ලක් වූ මූර්තිගේ ඡායාරූප එකතුව

ෆේස්බුක් අවකාශයෙන් මෑතකදී වාරණයට ලක් වූ මෑත කාලයේදී ලංකාවේ බිහිවූ අග්‍රගන්‍ය ඡායාරූප ශිල්පියකු වන මූර්ති යූ සෙනෙවිරත්නගේ පහත ඡායාරූප එකතුව සැබවින්ම සදාචාර විරෝධීද... ඔබගේ අදහස...