ශ්‍රී ලංකාවේ (sri lanka) ඉපිද ජාත්‍යන්තරය ඉදිරියේ ගෞරවයට පාත්‍ර වූ දිරිය ව්‍යාපාරික (business) කාන්තාවක් (woman) ගැනයි අද මේ ලිපිය වෙන් වන්නේ. ඇය නමින් අයෝමා කරුණාසේන. ශ්‍රී ලංකාවට පැමිණ ඇමරිකානු ජාතික වෛද්‍යවරයෙකු හා විවාහ වන අයෝමා 2000 වසරේ දී ඇමරිකාවට සංක්‍රමණය වන්නේ විවාහයෙන් අනතුරුව ය. ඉන් පසු ඇය කැලිෆෝනියාවේදී ශ්‍රී ලාංකික අවන්හලක් ආරම්භ කරන්නේ 2008 වසරේ දිය. ඒ Pearl of the ocean නමින් ය.

 

ඇමරිකාවට සංක්‍රමණය වන අයෝමාට ශ්‍රී ලාංකික ආහාර සහිත අවන්හලක් ආරම්භ කිරීමට අදහසක් ඇති වන්නේ ඇය ඇමරිකාව බලා පැමිණෙන අවස්තාවෙදිමයි. ඇය ඇමරිකාව බලා යන විට තද හිමපතනයක් සහිත කාලගුණ තත්වයක් පැවතිනි. හිම සහිත කාලගුණය නුපුරුදු නිසාම රෝගී වුන අයෝමාට ඇමරිකානු ආහාර ගැන ප්‍රියතාවයක් නොවිය. ඇයට අවශ්‍ය වූ ශ්‍රී ලාංකික කෑම සොයාගැනීමට ඇගේ සැමියා උත්සහ කලත් ඒ පිලිබඳ තොරතුරු සොයා ගැනීමට නොහැකි විය. සුවය ලැබුණු පසුව අයෝමාට ඇති වූ සිතුවිල්ල වුණේ ශ්‍රී ලාංකික ආහාර සහිත අවන්හලක් ආරම්භ කිරීමයි. එහි ප්‍රතිඵලයක් ලෙසින් තමයි Pearl of the ocean ආරම්භ වෙන්නේ.

 

ශ්‍රී ලාංකික ආහාර වෙනුවෙන්ම අවන්හල වෙන් කරන අයෝමා විවිධ ශ්‍රී ලාංකික ආහාර වට්ටෝරු අවන්හලට හඳුන්වා දුන්නා. විදේශීය රටක, විදේශීය ආහාර සංස්කෘතියක් වෙනුවෙන් අපගේ දේශීය ආහාර හඳුන්වා දීම පහසු කාර්‍යයක් නොවේ. කැලිෆෝනියාව තුල චීන, ඉතාලි, වැනි විදේශීය ආහාර ප්‍රචලිත වුනේ ශ්‍රී ලාංකික ආහාර වලට එතරම් ඉල්ලුමක් ද තිබුනේ නැත. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව යන නම වත් එතරම් ප්‍රසිද්ධ නැත.

 

ඇමරිකානු ආහාර සංස්කෘතිය තුල දක්නට ලැබෙන අංගයක් වන්නේ ආහාර සමඟ වයින් භාවිතය. මේ කාරණය සමඟ ව්‍යාපාරය වැඩි දියුණු කිරීමට සිතන අයෝමාගේ ඊළඟ පියවර වුණේ ශ්‍රී ලාංකික ආහාර වලට ගැලපෙන wine වර්ගයක් නිෂ්පාදනය කිරීමයි. ඇමෙරිකාවේ ප්‍රමුඛ wine නිෂ්පාදන සමාගමක් සමඟ මේ පිලිබඳ කරුණු සාකච්ජා කර, අත්හදා බැලීම් ගණනාවකින් පසුව ශ්‍රී ලාංකික ආහාර වලට ගැළපෙන wine වර්ගයක් නිෂ්පාදනය කරන ලදී. වසර හතරක කාලයකට පසුව වෙළඳපොලට පැමිණි මෙම wine වර්ග දෙකකින් සමන්විත විය. රතු වයින් වර්ගය Red Pearl ලෙසත් සුදු වයින් වර්ගය white pearl ලෙසත් හඳුන්වා ඇත.

 

ශ්‍රී ලංකාවේ ඉපිද එහිම හැදී වැඩි විදෙස් රටක ජිවත් වීමට ගියත් ශ්‍රී ලාංකික කම ප්‍රචලිත කරමින් අයෝමා ගිය දුර ප්‍රශංසනීය යි. තමන්ගේ මව් බිමේ සංස්කෘතිය අමතක නොකර එය ප්‍රචලිත කරමින් ඒ තුලින් ජීවිතය සහ ව්‍යාපාරික ලොව ජයගත් අයෝමා සෑම ශ්‍රී ලාංකිකයෙක්ටම ආදර්ශයකි.

 

උපුටා ගැනීම – අන්තර්ජාලය ඇසුරෙන්

 

ශ්‍රී ලංකාවේ ඉපිද ජාත්‍යන්තරය ඉදිරියේ ගෞරවයට පාත්‍ර වූ දිරිය කාන්තාව

Google Pixel 2XL

ජංගම දුරකථන ලොවට හඳුන්වාදුන් හොඳම android ජංගම දුරකතනයක් තමයි මේ. මෙහි ඉදිරිපස කැමරාව මෙගා පික්සල් 8ක්. අඟල් 6ක ඩිස්ප්ලේ එකක් සහ ග්‍රෑම් 175ක් බර...

තැනට ගැලපෙන saree jacket විලාසිතාවක් තෝරමු

ගිය වර ලිපියෙන් අපි පොරොන්දු උන විදිහටම මේ ලිපියෙන් අපි සුදානම් වෙන්නේ සාරි විලාසිතා පිලිබඳ ටිකක් කතා කරන්න. සාරිය කියලා කියන්නේ ඕනෑම යුවතියකට ගැලපෙන, ඕනෑම...

නිසි තැන ද සම තැන ද අභිෂේකා කථා කරයි

මේ දවස්වල ගොඩක් දෙනෙක් කතා බහ කරන ගීතයක් තමයි නිස්සාර කියන්නේ. ගීතය ගායනා කරන්නේ අභිෂේකා විමලවීර ( Abhisheka Wimalaweera ). ඉතින් අපි ඇයගෙන් සමග...

ලොව වැඩිම බුද්ධිමතුන් සිටින රට ලෙස ශ්‍රී ලංකාව

ස්ටැටිස්ටා ආයතනයේ අවතම සංඛ්‍යා ලේකන අනුව ඊශ්‍රායලය ලගට ලොව වැඩිම බුද්ධිමතුන් සිටින රට ලෙස ශ්‍රී ලංකාව වාර්තා වී ඇත. බුද්ධි ගලනය හේතුකොට ගෙන මෙම...

තනියෙම නම් තහනම් – සූක් වාකිෆ්

"සූක් වාකිෆ්" කියන්නේ කටාර් රාජ්‍යයේ තියෙන පැරණිම වෙළඳපොළක්. "සූක්" එකක් කියන්නේ විශාල භූමි ප්‍රමාණය පැතිරුනු වෙළඳපොළක්. සූක් එක අවුරුදු 100ක් විතර පරණයි. හැබැයි සාම්ප්‍රදායික ගෘහ...

චාරිකා – 04 කොටස

මේ කතාව අතීත කතාවක්. මම ඉස්කෝලේ යන කාලේ. ඒ කාලේ MOBILE PHONE, WHATSAPP, FACEBOOK ඔය මුකුත්ම තිබුණේ නැති කාලයක්. හැබැයි හරිම සුන්දරයි. ඒ කාලේ CALL...

ඔසුවකට ආහාරයකට වගේම පිරිසිදුවටත් කදිම දෙහි

දෙහි යුෂ ආහාර වලට එක් කිරීමෙන් රසය වගේම පානයක් ලෙස සැකසු විට එන රසයත් කාටත් අමතක නොවුණු නැවුම් රසයක්. ඒ නිසාම ආහාර රසවත් කිරීමට...

දඬුවම ලැබිය යුත්තේ ගැහැණිය ද

එදාට වඩා අද සමාජය වෙනස් ය. එය හොඳ හෝ නරක කෙසේ වුවද වෙනසක් ඇති බව ඔබට ද වැටහෙනු ඇත. තරුණ වියේ දී විවාහ වීම...