වයස අවුරුදු 100දී පවා ක්‍රියාශීලිව සාරි තමා අතින්ම පින්තාරු කරන පද්මාවතී ආච්චි ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකා සුමිත්‍රා පීරිස් මහත්මිය දිවිමඩලෙන් සමුගනී මම ඔයාට හරි ආදරෙයි සුබ අළුත් අවුරුද්දක් වේවා! මම ශම්සියා හස්සානි .. 2023 දී, අපට කාන්තාවන් මුහුණ දෙන මෙම අභියෝග යෙන් මිදිය හැකිද? Share FacebookTwitterWhatsAppLinkedin යුවතියක් හෝ කාන්තාවක් හැමවිටම කිසිවෙකු මත යැපෙන්නියක් විය යුතු නැත. තමාගේම වෙර වීර්යයෙන් ජීවිතය දිනන්නට ඇයටද අයිතියක් ඇත. ඇතැම්විට ඇරඹුම කඳුළක් විය හැකි මුත් ඉවසීමෙන් දුරක් ගෙවූ කල සිනාමල් හමුවන්නේ පොකුරු පිටින්ය. භාග්‍යා මදනසිංහ ගේ ගම බදුල්ල ය. බදුල්ල විහාරමහා දේවි විද්‍යාලයෙන් අකුරු කළ ඇය මේ වන විට වෘත්තීයෙන් ගෘහ නිර්මාණ ශිල්පිනියකි. ඒ නමුත් ඇගේ විනෝදාංශය වුයේ වෙනයම් ම දෙයකි. භාග්‍යා පවසන අන්දමට ඇය කුඩා කල පටන්ම පොත්වල කුරුටුබලි ගෑමට දක්වා ඇත්තේ විශේෂ කැමැත්තකි. අවසානයේ කාටුන් චරිත ඇඳීම දක්වා ම වැඩි දියුණු වී ඇත්තේ ද එම කැමැත්තයි. විශ්ව විද්‍යාලයේ දේශනවලට සහභාගි වන අතරතුරේදි ද ඇගේ සටහන් පොත්වල ඇගේම යහළු යෙහෙළියන් කාටුන් චරිත බවට පත්ව ඇත්තේ හරිම අපූරුවටය. මේ හැකියාවට හිතවතුන්ගෙන් ලැබුණු ඉහළ ප්‍රතිචාර නිසාම භාග්‍යා තව තවත් ඒ අංශයට ම යොමු වී ඇත. මේ සම්බන්ධයෙන් ස්වයං අධ්‍යයනයක් කිරීමට ඇය පෙළඹෙන්නේ නිතැතින්මය. පවුලේ උදවිය සේම ඇගේ අනාගත සහකරුත් මේ කටයුතුවලදී ඇයට විශාල සවිශක්තියක් වුණු බව භාග්‍යා සිහිපත් කරන්නේ ඉතාමත් සතුටිනි. ඇය “Movingdoodles” නමින් ෆේස්බුක් ගිණුමක් අරඹන්නේ තමන්ගේ කාටුන් චිත්‍ර පළ කිරීමටය. මිනිස් ඉරියව් අපූරුවට සිතුවම් කරන්නට පටන් ගත් තැන පටන් ඇගේ කාටුන් චිත්‍රවලට ඉල්ලුම වැඩි විය. “මම හිතුවෙ නෑ කවුරුත් මගෙන් මුදලට කාටුන් ඇඳලා දෙන්න කියලා ඉල්ලීමක් කරයි කියලා. ඒත් කෙනෙක් මට ෆොටෝ එකක් පෙන්නලා ඒ වගේ එකක් ඇඳලා දෙන්න කියලා කිව්වා. මුලින් බෑ බෑ කියලත් පස්සෙ මං ඒ වැඩේ භාර ගත්තා.ගොඩක් මහන්සි වෙලයි මං ඒක ඇන්දෙ. ඒත් ඒක එයාගේ හිතට ඇල්ලුවෙ නෑ. එයා ඒක සල්ලි දීලා ගත්තෙත් නෑ. ඒත් මම නැවතුණේ නෑ. දිගටම ඇන්දා. මගේ අක්කව තමයි මම වැඩිපුර ඇන්දෙ. මොකද එයාව මට පේන්නෙ කාටුන් චරිතයක් වගේ. ඒ චිත්‍ර දැකලා ආයෙමත් මට දිගටම ඇණවුම් ලැබුණා. මට ඇත්තටම අවශ්‍ය වෙලා තිබුණෙ මිනිස් ඉරියව් අඳින එක නෙවෙයි. අපිට ළඟා වෙන්න බැරි දේවල් චිත්‍රයට නඟන්න. මං හිතින් මවාගන්න දේවල් චිත්‍රයට නඟන්න. ඒත් ඉල්ලුමක් හැදිලා තියෙන්නෙ මිනිස් ඉරියව් සහිත චිත්‍රවලට.” භාග්‍යා මේ වන විට රැකියාවට අමතරව ඉහළ ආදායමක් ලබන්නේ ඇගේ නිර්මාණාත්මක හැකියාව හේතුවෙනි. සිය අධ්‍යාපන කටයුතු සහ අමතර වියදම් සඳහා බොහෝ කලක පටන් ඇගේ මහන්සියෙන් උපයාගත් මුදල් වියපැහැදම් කරන ඇය, මාපියන්ට බරක් නොවී නිරන්තරයෙන් සිය වියදම් කළමනාකරණය කරගන්නීය. මේ වන විට ළමා සඟරාවක ඇගේම කාටුන් කතාවක් ඇඳීමට ද භාග්‍යාට භාග්‍ය උදාවී ඇති අතර ඇගේ සිහිනය වී ඇත්තේ දිනෙක කාගෙත් මතකයේ රැඳෙන කාටුන් චරිතයක් සියතින් බිහි කිරීම ය. මිහිරි කාංචනා Share FacebookTwitterWhatsAppLinkedin කාටුන් චිත්‍රයෙන් ජීවිතයට භාග්‍යය උදාකරගත් භාග්‍යා 352 August 25, 2019 Previous articleවතුරින් මතුවූ කිඳුරු දෙවඟනNext article64 බාල්දු කරගන්න නං එපා අනුන් නිසා කැළඹෙන ජාතිය Hard Talk https://thewoman.lk - June 5, 2018 0 ලංකාවේ ෆේස් බුක් වාසින් තරම් බෙංගාල බොක්ක කැළඹෙන්නේ නැත. අඩුම ගාණේ සුළි සුළඟකට අසුවන තුත්තිරි ගහක්වත් එලෙස කැළඹෙන්නේ නැත. වැඩිමනක් කැළඹෙන්නේ ඕපා දූපා සෙවීමට කිසි... Read more සුරූපී නිළි ශ්‍රී දේවිගේ අවසන් රංගනය News https://thewoman.lk - February 27, 2018 0 මංගල උත්සවයට සහභාගී වූ ශ්‍රී දේවිගේ අවසන් රංගනය... https://youtu.be/-b91RavZOT8 Read more සිහින සහ සිදුවීම් වලින් කියවෙන සුබාසුබ Life Style https://thewoman.lk - March 9, 2018 0 කිරි බඳුනක් රැගෙන යන කතක් ඔබ ඉදිරියට පැමිණියොත් ඔබ, යම් රාජකාරි කටයුත්තකට යන විට ඔබ ඉදිරියට " කිරි බඳුනක් රැගෙන එන " දරුවකු, ස්ත්‍රියක හෝ... Read more සාර්ථක වෙන්න කැමති අයට Steve Jobs ගෙන් උපදෙස් – 02 කොටස Empowerment https://thewoman.lk - May 28, 2018 0 නොනවත්වා ඉගෙන ගන්න සෑම මොහොතක අලුතින් ඉගෙනීමට දෙයක් ඇත. බොහොමයක් දෙනා සිතා සිටින්නේ තමන් සියලු දේ පිළිබඳව දන්නා බවත්, තමන්ට ආයේ ඉගෙනගන්න දෙයක් නැති බවත්ය.... Read more අවුරුදු සිරිත් රැක ගැනීමේ වගකීම කාන්තාවන්ටයි Life Style https://thewoman.lk - April 5, 2018 0 වසරක් පාසාම අලුත් අවුරුද්ද උදා වුනත් එදා අපේ ආච්චිලා සීයලා කරපු චාරිත්‍ර වලින් චාරිත්‍ර බොහොමක් අද වනවිට අපෙන් ගිලිහි යමින් පවතිනවා. එකට හේතුව තමයි... Read more මම ගණිකාවක් වුනේ මගේ වරදින් නෙමෙයි Hard Talk https://thewoman.lk - April 11, 2018 0 සත්‍ය කතාවක් පදනම් කර ගොතන ලද්දකි. නම් ගම් සියල්ල මනඃකල්පිතයි මිට සති දෙකකට පෙර මට එන දුරකථන ඇමතුමකට සවන්දුන්න මම.. "මල්ලී..." "අහා කවුද මේ?" "ඔයා නම් මාව දන්නේ නෑ...ඔයාගේ... Read more online සාප්පු සවාරියක් යමු Life Style https://thewoman.lk - April 9, 2018 0 පෝලිමේ සිට සාප්පු තුන හතරකට පයින්ම ගොස් කේවල් කොට බඩු ගත්ත කාලයට තිතක් වැටුනේ මේ online සාප්පු සවාරි නිසයි. කිසිම තදබදයක්, රස්තියාදුවක්, මහන්සියක් නැතුව... Read more කායිකව එක් නොවුනත් තවමත් චිත්ත බැඳීම ශක්තිමත් වූ අඹුසැමි යුවලකගේ සත්‍ය කතාවක් Health https://thewoman.lk - March 9, 2018 0 මම නිම්මි. වයස අවුරුදු 34යි. මම විවාහ වෙලා දැනට අවුරුදු 05ක් වෙනවා. මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. දුවට අවුරුදු 04යි, පුතාට අවුරුදු 02යි. දැනට අවුරුද්දකට... Read more ප්‍රදීපා ආරියවංශගේ අභිනය නර්තන ප්‍රසංගය Entertainment https://thewoman.lk - January 20, 2018 0 ප්‍රදීපා ආරියවංශ නර්තන ආචාර්යවරිය විසින් 07 වරටත් ඉදිරිපත් කරන "අභිනය නර්තන"... Read more