අත මිට සරු කරගන්න මුදල් උපයන්න කළ හැකි කර්මාන්ත අතර කුරුඳු ( cinnamon ) ආශ්‍රිත කර්මාන්තය ද ප්‍රධාන තැනක් ගනී. මෙය කාන්තාවන්ට ද නිරත විය හැකි ස්වයං රැකියාවක් නිසා ඒ පිලිබඳ මෙලෙස පහදා දෙන්න https://thewoman.lk අපි හිතුවා.

 

cinnamon

 

ප්‍රසන්න සුවඳකාරකයක් වූ කුරුඳු ( cinnoman) අනාධිමත් කාලයක සිට අපේ රටේ වැවෙන බෝගයකි. බොහෝ මිනිසුන්ගේ ජිවිත ජිවත් කරන මාර්ගයක් ලෙස ද ප්‍රකට කුරුඳු ආහාර සැකසීමේදී අපේ ගෘහනියන්ට නැතිවම බැරි රසකාරකයකි.

 

මේ පැරණි භෝගය අදටත් ඉතාමත් වැදගත් සුගන්ධ ද්‍රව්‍ය භෝගයයි. True Cinnamon යනුවෙන් හඳුන්වනු ලබන Cinnamomum verum විශේෂය ලෝක වෙළඳ පොළට සපයනු ලබන රටවල් සුළු ප්‍රමාණය අතුරින් ප්‍රධානම විශ්වාසවන්ත සැපයුම් කරුවා ශ්‍රී ලංකාවයි.

 

ලංකාවේ මධ්‍යම කඳුකරයේ වනාන්තර වල ස්වභාවිකව වැඩුණු කුරුඳු ශාකය වර්ථමානයේ මි ගමුව සහ මාතර දක්වා වූ වෙරළ බඩ ප්‍රදේශ වලද කළුතර සහ රත්නපුරය යන රටේ මධ්‍ය ප්‍රදේශ වලද වගා කරනු ලබයි. කුරුඳු විශේෂ 8ක් අපේ රටේ පැවතුන ද වාණිජමය වශයෙන් වගා කරනු ලබන්නේ cinnamomum zeylanicum blume යන විශේෂයි.

 

බොහෝ වගා කරුවන් තම කුරුඳු වගාවන්ගෙන් කුරුඳු පොතු ආශ්‍රිතව නිෂ්පාදන සිදු කලද කුරුඳු තෙල් නිෂ්පාදනය සඳහා යොමු වීමක් සිදු නොවේ. කුරුඳු ගසේ කොළ, පොත්ත සහ මුල් යොදා ගනිමින් නිපදවන තෙල්, කුරුඳු කොළ තෙල් ලෙස හඳුන්වනු ලබන අතර වැඩි ප්‍රතිශතයක් ඉයුජිනොල් නමැති සංයෝගය අඩංගු වේ. කරුඳු පොතු යොදා ගනිමින් නිපදවන තෙල්, කුරුඳු පොතු තෙල් ලෙස හඳුන්වනු ලබන අතර වැඩි ප්‍රතිශතයක් සිනමැල්ඩිහයිඩ් ද, කුරුඳු මුල් තෙල් වල වැඩි ප්‍රතිශතයක් කැම්ෆර් ද අඩංගු වේ. බොහොමයක් වගා කරුවන් කුරුඳු ගසේ පොත්ත ලබා ගැනීමෙන් පසුව ඉතුරු ටික අපතේ යවනු ලබන අතර ඒවායේ අඩංගු තෙල් පිළිබඳව සැලකිලිමත් නොවේ.

 

cinnamon

 

කුරුඳු ( cinnamon ) නිස්සාරණය

වාණිජමය වශයෙන් කුරුඳු තෙල් නිස්සරණයේ දී ප්‍රධානව හුමාල ආසවනය සහ ජල ආසවනය යන ක්‍රම 2 භාවිත කරනු ලබයි. මේ සඳහා සුදු යකඩින් සාදනු ලබන බොයිලේරුවක්, ආසවන කුටීරයක් සහ සිසිලන පද්ධතියක් සහිත උපකරණ කට්ටලයක් භාවිත කරයි.

 

කුරුඳු ( cinnamon ) පොතු තෙල් නිස්සාරණය

කුරුඳු පොතු වලින් තෙල් නිස්සාරණයේදී කුරුඳු කූරු / පතුරු, පාහින ලද කුරුඳු කට්ට සහ සුඹුල ඇතුලත් පොතු කැබලි සහ පිට පොත්ත භාවිත කරනු ලබයි. ලංකාවේ නිස්සාරිත කුරුඳු තෙල් වල සිනමැඩිහයිඩ් 50% – 55% ක් පමණ අඩංගු වේ.

 

cinnamon

 

කුරුඳු කොළ තෙල් නිස්සාරණය

කුරුඳු කොළ තෙල් නිස්සාරණය සඳහා රිදී පැහැ වන තුරු අවුවේ වියලනු ලැබූ කරුඳු කොළ භාවිත කරනු ලැබේ. හුමාල ආසවන මඟින් නිපදවනු ලබන කුරුඳු කොළ තෙල් වල ඉයුජිනොල් ප්‍රතිශතය 70% – 80% ක් පමණ වේ.

 

cinnamon

 

කුරුඳු ආශ්‍රිත වෙනත් අගය එකතු කල නිෂ්පාදන

කුරුඳු කරු, පතුරු, පොතු කැබලි කුරුඳු කොළ තෙල් සහ කුරුඳු පොතු නිෂ්පාදනයට අමතරව අගය එකතු කළ නිෂ්පාදන රාශියක් කර්මාන්තයක් විදිහට ආරම්භ කිරීමට විශාල ප්‍රවනතාවයක් පවතී. කුරුඳු පෙති කුරුඳු තේ බෑග්, කුරුඳු යොදන ලද ටොෆි, බිස්කට්, චොක්ලට්, සහ කේක් ආදී ආහාර වර්ග ද විෂබීජ නාශක කෘමි විකර්ෂක,කෘමි නාශක.එයා ෆ්රෙශ්නර්ෆ්‍රේෂ් නර් සනීපාරක්ෂක ද්‍රව්‍ය වැනි නිෂ්පාදන ආශ්‍රිතව දේශීයව සහ විදේශීයව විශාල වෙළඳ පොළක් පවතී.

 

කුරුඳු වල වැදගත්කම

කුරුඳු වල අඩංගු ප්‍රති ඔක්සිකාරක සහ ප්‍රති අසාත්මික සංඝටක හේතුවෙන් යහපත් සෞඛ්‍ය තත්වයක් පවත්වා ගැනීමට කුරුඳු වලින් ලැබෙන ප්‍රතිලාභ රාශියක් පර්යේෂණ මඟින් සොයාගෙන ඇත.

*. බැක්ටීරියා සහ දිලිර ආසාදන වලට එරෙහිව සටන් කිරීම.

*. දියවැඩියා රෝගීන්ගේ ග්ලුකෝස් මට්ටම සහ ලිපිඩ මට්ටම සෞඛ්‍යාරක්ෂිත \මට්ටමක පවත්වා ගැනීම.

*. වියපත් වීමේදී බොහෝ දෙනෙකුට වැළඳෙන Alzheimeirs සහ Parkinsons වනෝ රෝගාබාධ වැළඳීමට ඇති ප්‍රවනතාවය අවම කිරීම.

*. මොලයේ සහ ශරීරයේ සිදුවන වියපත් වීම යම් පමණකට අඩු කිරීම.

*. යහපත් මුඛ සෞඛ්‍ය පවත්වා ගැනීම.

 

කුරුඳු ආශ්‍රිත කර්මාන්ත පිලිබඳ ඔබ දැනුවත් ද

තනියෙම නම් තහනම් – සූක් වාකිෆ්

"සූක් වාකිෆ්" කියන්නේ කටාර් රාජ්‍යයේ තියෙන පැරණිම වෙළඳපොළක්. "සූක්" එකක් කියන්නේ විශාල භූමි ප්‍රමාණය පැතිරුනු වෙළඳපොළක්. සූක් එක අවුරුදු 100ක් විතර පරණයි. හැබැයි සාම්ප්‍රදායික ගෘහ...

අමුතු මැක්ගේ අමුතු සටන

උපන්දින සඳහා තනන ඉටිපන්දම් බෝම්බ බවටත්, කඩදාසි රැඳවුම් කටු පිස්තෝල බවටත් , ගම් වර්ග තුවක්කු සඳහාත් පරිවර්තනය කොට ලෝකයේ ත්‍රස්තවාදයට එරෙහිව සටන් වදින අසාමාන්‍ය...

ජීවිතය, ඔවු ජීවිතය තමා කියවල යන්න මොහොතක් නැවතී

මිනිස්සු විවිධාකාරයි.. අපට ජීවිතේ හම්බ වෙනවා හරියට Black & White වගේ අපි අපේ ජීවිතය colorful කරගන්න ඕනෙ හරියට පාට පෙට්ටියක තියන පාට වගේ... හැබයි...

දෙවරක් සිතිය යුතු ඩිස්නි කුමරියෝ

සුරඟන කතා ශතවර්ෂ ගණනාවක් පුරා දරුවන් නින්දට පෙර රසවින්දේ පරම්පරාවෙන් රැගෙන එන්නක් ලෙසය. එම සුරඟන කතාවන් තිරයට රැගෙන එන විටදී අපගේ ළමා විය අවදි...

පළමු රන්දෝළි පෙරහර අද

මහනුවර ශ‍්‍රී දළඳා මාලිගාවේ 2019 ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහර අද රාත‍්‍රියේ වීථි සංචාරය කෙරෙන බව මහනුවර ශ‍්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප‍්‍රදීප්...

කණ්ණාඩි දාන අයට විශේෂයි

කණ්ණාඩි කියන්නේ අවශ්‍යතවයන්ටත් වඩා ෆැෂන් එකක් විදිහට පාවිච්චි කරන දෙයක් වෙලා.කණ්ණාඩි පාවිච්චි කරන යුවතියන් මේකප් කරනකොට දෙවරක් හිතන්න ඕනි.විශේෂයෙන් ඝනකම් රාමුවක් සහිත කණ්ණාඩි පැළදිමේදී...

ගැහැණු ළමයි ෆොටො ගන්නේ බලාගෙනයි

කන්නාඩියක් ඉදිරියේ නිරුවතින් සිටගන්නා තරුණියක් ඇයගේ smart phone එකෙන් photo එකක් ගන්නට පෙළඹෙන්නේ ඇයි ? ඒ photo එක ලැබෙන ඇගේ පෙම්වතා whatsApp හෝ වෙනත්...

ආකර්ශනීය චරිතයක් වෙන්න නම්

එක වතාවක් දැක්කම හැරිලා බලන්න හිතෙන තරම් ලස්සනක් ඔයාට තියෙනවා නම් කොච්චර සතුටක්ද නේද? දහසකුත් හැලහැප්පීම්, බාධක, ගැටළු ඔබ සතුව ඇති. නිමක් නැති වගකීම්,...